..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, November 2, 2011

෴ උපේක්ෂා ෴

සු කරමින් තිබුනේ ඇයගේ වසමයි. හීනි හිරි පොද වැස්සත්, උණුසුම් තේ කෝප්පයක සුවයත් සමඟම ඇගේ සොඳුරු සිනාව දකින්නට ඇත්නම් යයි ඔහුට සිතෙන්නට ඇත. ඔහුත් නොදැනීම සුක්කානම ඒ වන විටත් ඇගේ නිවස වෙත දිවෙන මාර්ගය සොයා ඒ ඔස්සේ යමින් තිබුනි.

නාගරික පසුබිමෙන් ක්‍රමයෙන් මිදෙමින් සුන්දර ගම්මානයක වෙල් එළි පසු කරමින් , යන මේ ගමන ඔහුගේ සිතට ගෙන දුන්නේ වචන් වලට පෙරළීය නොහැකි හැඟීමකි. රේඩියෝ වේ හඬ මදක් අඩු කර හොඳින් සුසර කළ ඔහු සිහින් හඬින් ගීතය මුමුණන්ට විය. තමා තුල වෙනසක් ඇති වෙමින් පවතින බව ඔහුට ඒත්තු ගිය ද , ඒ කුමක්දැයි කියා විමසා බැලීමට ඔහුට උවමනා නොවීය.

තමාගේ කිසිම සූදානමක් නැති මේ ගමන ඇගේ සිතට ගෙනෙනා විමතිය ඇගේ සුන්දර දෙනෙතින් විදින්නට ඔහුට උවමනා විය.


ඇය තම කාර්යාලයේ සේවයට පැමිණ එතරම් කලක් ගත වී නොමැති වුව ද කාර්යාලයේ සිටින අන් සෑම තරුණිකයකටම වඩා ඇය තමාගේ සිතට ළං වුයේ ඇයි දැයි සිතීමට ඔහුට උමනා නොවීය. සැබැවින්ම ඇය අන් සෑම තරුණිකයටකටම වඩා වෙනස් බව පමණක් ඔහු තම සිතට ධාණය වීමට ඉඩ හළේ , වෙනත් හැඟීමකට තම සිතට රිංගීමට ඇති ඉඩ කඩ වසා දමමිනි. ඔහුට එයට බොහෝ හේතු සාධක විය. බොහෝමයක් හේතු සාධක ඔහුට අදාළ නොවූව ද ඔහු ඔබ හා මමත් ඇයත්  ජීවත් වන සමාජය ඉදිරියේ බෙහොම බරපතල හේතු සාධක ඒ අතර විය.


ඇය පැමිණි දින සිට තම කාර්යාල කාමරය පිළිවලක් වු බව ඔහු සිතයි. ඇය තරුණ නිසා හොඳින් අමදන බව කා.කා.ස කිහිපරක් කිවා ඔහුට මතකය. ඇය තරුණ බවත් තවමත් අවිවාහක බවත් දැන ගත් කාර්යාල සේවකයින් ඇය වෙත පෑවේ දයාවකි. 

මින් පෙර සිටි අමදින්නිය .රූමත් මෙන්ම විවාහක කාන්තාවක වූ බැවින් , ඇයට මුහුණ පෑමට සිදුවූ ගැහැට අපමණය. අවසානයේ තම නමට කැලලක් එකතු කර ගනිමින් ,කරමින් සිටි සුළු රැකියාවෙන් ද ඉවත් වීමට ඇයට සිදු වූයේ ඇගේ වරදින් නම් නොවේ.එවන් සමාජයක අවිවාහක කාන්තාවක් වෙත මිනිසුන් දක්වන ආකල්පය පුදුමයැයි ඔහුට සිතේ. ඇය අවිවාහක නමුත්  අමදන්නියක නොවුවානම් ඇතැම් විට ඇය මේ වන විටත් ආදර ඇරයුම් රැසක පැටලී සිටිනු ඇත.


ඇය ගෙන් දිනක් නිකමට මෙන් අසා ගත් මඟ ඔස්සේ ටික දුරකුත් , ඇගේ අනන්‍යනය ලක්ෂණ පැවසීමෙන් අන් අයගෙන් දැන ගත් මඟ ඔස්සේ ඉතිරි දුරත් පැමිණි ඔහු දැන් මේ ඉන්නේ ඇගේ යැයි ඔහු සිතන නිවස ඉදිරිපිටයි.සැබැවින්ම මේ ඇගේ නිවස නම් ඇය පෙනෙන තරම් දුප්පත් එකියක නොවන්නේ ද?  ඇය අමදින්නියකි. නමුත් කාර්යාලයේ සේවය කරන ඇතැම් තරුණියන්ට වඩා පිළිවලට සිටී , සතුටින් සිටී , ඇතැම් කරුණූ කාරණා අතින් ද ඇගේ බුද්ධිය බලවත්ය.

කාරයෙන් බට ඔහු , හාත් පස සිසාරා දෑස් යැවුවේ ඇගේ හඳුනා ගැනීමේ සලකුණක් සොයනු නියාවෙනි.මේ දැන් ඇමදා ඇති බවට මිදුල පුරා වු ඉදැල් ඉරටු සලකුණු සාක්ෂි දැරීය. මිදුලේ කොණක ගිනි ලා තිබූ පුංචි කුණු ගොඩෙන් තවමත් හමන්නේ දුමක් පමණි. නිවස පිටුපසට වන්නට ඇති රෙදි වැලේ කොණක එල්ලී සිටින අගේ රතු මල් ගවුම ඔහු නියම තැනට පැමිණි ඇති බැව් ඔහුට ඉගිකළේය.

කලකින් අලුත් වැඩියා නොකරන  ලද ,පැරණි තාලයේ නිවසක් වූ එහි විශාල දිගැටි ඉස්තෝප්පුවක් විය,ඉස්තෝප්පුව දිගේම විහිදුන පඩි පේළි පහක් නැඟීමෙන් උස් ඉස්තෝප්පුවට ගොඩවිය හැක.ඉස්තෝප්පුවේ වූ කනප්පුව මත වූයේ කඩෙක් ගෙනෙන ලද පැරණි ප්ලාස්ටික් මල් බන්දේසියකි.. එය කෙසේ වත් මෙතනට නොගැලපෙන බව ඔහුට සිතුනි. ඉස්තෝපුපවට ගොඩ වූ විගස එහුගේ සිතට කණගාටුවක් උපන්නේ තමන් ඇයට කිසිවක් නොගෙනා බව සිහිවීමෙනි.

 
“ අනේ මයෙ පුතේ ආතම්මට ඉන්න දෙන්න රත්තරනේ , ඔය ඉතින් කීවම අහන්න මයෙ පුතේ “

“ ආව්  . .  අම්මෝ . . හ්ම් . . . .“ නිවස තුලින් ඇසුන සිහින් කෙදිරිය ක්‍රමයෙන් හීන වී යත්ම , ඉස්තෝප්පුව දෙසට දිව පුංචි සිඟිත්තා ඔහුගේ පයේ වැදී නතර වූයේ පසු පස බලමින් සිනාසෙමින් දැව ආ නිසාය, සිඟිත්තා පසු පසුන් දිව ආ ඇය සිඟත්තාට ඉදිරියෙන් සිටිමින් තමා දෙස අයා ගත් දෙනෙත් ඇතිව සිටන අමුත්තා දැක ඉවතට ගත නොහැකි වූ තම දෙනෙත් හු වෙතම රදවා ගෙන සිටින්නට විය.

“ සර් . . . කොයි . . සර් කොයි වෙලේ ද ආවේ ? “

“ මං මේ ළඟට ආව ගමන් “

“ එන්න සර් ගෙට වාඩි වෙන්න “

සිගිත්තා වඩා ගත් ඇය ගෙතුලට පිය මැන්නේ ඔහු ගේ පිටු පසිනි.

“ වාඩි වෙන්න සර් , මං විහඟින් බොන්න මොනා හරි හදන්නම් “

“ නැහැ නැහැ ඕනි නැහැ “

එවදන් නොඇසුන ඇය , ගෙතුල සැඟවී ගියාය . ඔහු සාලය පුරා යැවූ දෙනෙතින් ඇය ගැන තොරතුරු රැසක් එක්කාසු කර ගන්තේ , තම වම් පාදය කොනිතන සිඟත්තා ගේ තීව්‍රරතාවය වැඩි කළේ අවධානය සිඟත්තා වෙත යොමු කර ගන්නටය.

සිගිත්තා ගේ මුහුණ ඇගේ මෙන් නොවීය.නමුත් සිනාවේ යම් හුරුපුරුදු බුහුටිකමක් තිබුනි. සිඟිත්තා දෑත් දිගු කරන්නට වූයෙන් සිඟිත්තා ඔසවා තම වම් පාදය උඩින් තබා ගත් ඔහු නැවතත් සාලය පුරා දෙනෙත් යොමන්නට විය.

උපාධි ලෝගුවෙන් වැසුන ඇගේ සුන්දර ජායාරූපයක් සාලයේ කොණකම සඟවා තිබුනේ එය කවුරැන් හො දකී යැයි බියෙන් මෙනි.ඊට මදක් මෙහායින් පෙනෙන්නට නොපෙන්නට මෙන් වූයේ ඇගේ යැයි සිතිය හැකි මංඟල ජායාරූපයකි. එතනට ළං වී ඒ දෙස හොඳින් බැලීමට ඔහු සිත නලියමින් තිබුන ආසාව ඔහු යටපත් කර ගත්තේ ඇය ගේ අඩි සලකුණූ ලගම ඇසුන නිසාය.

“ පුතා බහින්න බහින්න අනේ ඔයා “

“කමක් නැහැ හිටපු වාවේ “

බන්දේසියේ වූයේ බිස්කට් තසිමක් සමඟ දුම් දමන උණු තේකෝප්පයකි.

“ අන්කල් කන්න . .  මයෙ බිස්කට් , කන්න රසායි “

මා අගේ වත දෙසත් ඈ මා දෙසත් බැලුවේ එක වරයිත සිහින් සිනාවක් පෑ ඇය විහඟින් බිම බලා ගත්තී , නැවතත් කතා කරන්නට වුවාය.

“ සර් තේ බොන්න එහෙනම් , මම අම්මට කසාය ටික දීල ඉක්මනට එන්නම් “

ලෝකයේ සතුටින්ම සිටින්නිය යැයි මා සිතා සිටි ඇය සොයා ආ මගේ ගමන , ඇගේ දින චරියාව හාත් පසින්ම වෙනස් කරන්නට හදයි ද ,

“ පුතා , ආච්චිට මොක ද ?“

“ ආතම්මට ද ? ආතම්මට ඇවිදින්න බෑ “

“ පුතාලගෙ තාත්තා , වැඩට ගිහින් ද ? “

“ අප්පච්චි නෑ. අර ඉන්නේ අප්පච්චි “

මෙතෙකේ මා නොදුටු නමුත් සාලයේ හොඳ ආලෝකමත් තැනක එල්වා තිබූ තරමක් විශාල මල් මාලාවක් පළදන ලද ජායාරුප වෙත  සිඟත්තාගේ ඇඟිලි යොමු වී තිබුනි.

ලොවේ මා දුටු සතුටින්ම සිටින සොඳුරු ළඳගේ වහල යට දී සියල් සැප උසුලන  ලොව දුකින්ම සිටිනා මිනිසා මොහොතකට තනි විය.

සතුට සොයා යන්නාගේ නැවතුම අසල සිටින
මම
෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

නිසුපා said...

හුගක් වෙලාවට අපි දුක හදා ගෙන තියෙන්නෙ අපේ හිතින්මයි...

Gimhani said...

කෙනෙක්ව පිටින් බලල සතුටින්ද ඉන්නෙ කියල කියන්න අමාරුයි
…සමහර විට ගොඩාක් හිනා වෙලා ඉන්න කෙනෙක්ගෙ මුලු ජීවිතේම කඳුලක් වෙන්න පුලුවන් ...
…හිතට දැනුන කතාවක් සො.සී

Podi Kumarihami said...

ඉතින් ඇයි නැවැත්තුවේ?

මහි said...

කතාව හිතේ ගැඹුරට ම ආමන්ත්‍රණය කළා......

මේ ලෝකෙ හැමකෙනෙක් ම ජීවත් වෙන්නේ ප්‍රශ්න එක්ක. ඒ අතර හිනාවෙලා ඉන්නේ හිනාවෙන්න උත්සහ කරන මිනිස්සු. අනිත් අය ප්‍රශ්න එක්ක දුක් විඳ විඳ ජීවත් වෙනවා මිසක් හිනාවෙන්න උත්සහ කරන්නේවත් නෑ කියලා මට හිතෙනවා........

Weni said...

වැඩියෙන්ම විහිළු කරන්නෙ හොඳටම හිත රිදිලා තියෙන මිනිස්සු (අම්මා - මැක්සිම් ගෝර්කි පි.142 ) වැඩියෙන්ම හිනා වෙන්නෙ වැඩියෙන්ම අඬන මිනිස්සු ...

රූ.... said...

ඉක්බිති අවසන
වචන නැතිවම
කතාවක් නිමවිය

දුක දරා හිනැහෙන
දෑස ළඟ මා අතරමං විය..

මධුරංග said...

කතාව කියවගෙන ගිහින් අන්තිම හරියට ආවම ඉතන්න දෙයක් ඉතුරු කරලා. වෙනදා වගේමයි. මේ වගේ සිතුවිලි කෝම මේ හිතට එනවද මන්දා. ඇත්තටම දුකයි. ඒත් එක්කම ජීවිතය ගට ගහගන්න අර ගෑනු කෙනා ගන්න උත්සහයට සතුටකුත් හිතෙනවා.


ප.ලි. - පෝස්ට් එකේ නම දැක්කම අපේ පලත් සභා මන්ත්‍රිතුමිය ගැන ලියන්න ගත්තාවත්ද කියලා හිතුනා.හික්ස් :)

පවනි said...

අනේ මංද.... මම ඉගෙන ගන්න තැනත් ඔය සිද්දියම උනා.. එයත් හරියට ඔය වගේම තමයි..... ලස්සනට පිරිසිදුවට "අපේ තැන" තියාගෙන උන්න... වැඩට එනකොට එය ගැන විස්තර කවුරුවත් දැනගන උන්නෙ නෑ... මට විතරයි කියල තිබුනෙ.... අනිත් අය එයාට විහිලු කරනකොට මට දුකත් හිතුන.. ඒත් අනිත් අය විස්තරෙ දන්නෙ නෑ නෙ... ඒ වගෙ වෙලාවට එයා මගෙ ඇස් දෙක දිහා බලනව... අනේ මට නම් ඒ වෙලාවට ගොඩක් දුක හිතෙනව... වෙලාවට එයා දැන් "අපේ තැනින්" අයින් වෙලා රට යනව.... පව්...
මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්... ඒ උනාට ඒ වගේ දහ දොලොස් ගුණයක් දුක් වින්දල තියෙනව...

Miyuru said...

අර Weni කිව්ව වගේ වැඩිපුර හිනාවෙන්නෙ වැඩිපුරම හදවතින් අඬන මිනිස්සු කියලා මටත් හිතෙන්නෙ... ඒ දුක වේදනාව මොහොතකට හරි යටපත් කරලා ජීවිතය ජීවත් කරවන්න....

Chandi said...

කතාව කියවගෙන ගිහිල්ල ඉවර වෙන තැන හරිම සංවේදියි. හිතේ කරදර මධ්‍යයේ උනත් හිනාවෙන් සතුටින් පිලිවෙළට ඉන්න කෙනෙක් දැක්කම හරිම සතුටක් දැනෙනවා. ලස්සන කථාව සොඳුරු හිතක කල සිත්තමක් වගේ.

Kalu Pusa said...

මේවගේ කෙටි කතා ලංකාවෙන් ඉතා සුළු ප්‍රතිශතයක් බලන අන්තර්ජාලයේ පමණක් පළකර තිබීම මහත්වූ අපරාධයක් ලෙසයි මම දකින්නේ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...