ආල කතාවට
සිත රැවටෙන්න එපා
නීල දෙනෙත්
දැන් ඇතිය බලාගෙන
අමතක කරන්නෙපා
දෑස් අගින් එන
කඳුළු කතාවට
පාර කියන්න එපා
මා නෙතු මායිමෙ
ඉන්න අනේ නුඹ
මා හැර යන්න එපා.
------------------------------
නුඹ නොදකින්න
මේ ලොව ඇති සැම දේම
මේ හැටි අරුම ලස්සන දැක්කේ කෝම
මා නුඹ දෙනෙත් තුල මාවම දුටුවා ම
මේ ලොව සියළු දේ මගෙ මයි හැඟුනා සේම
-------------------------------
ලස්සන නොදකින
කඳුළක් නොහෙලන
මේ දෑස මක්කට ද?
-------------------------
මේ දෑසේ හිමිකාරි
මම
෴සොසී ෴



18 ප්‍රතිචාර:
හුගක් ලස්සනයි.
501!
ඇයි ඔයාගේ දෑස ලස්සන දකින්නේත්, කඳුලු හෙලන්නේත් නැද්ද?...:)
ඔහෝ.... මේ පින්තූරේ තියන දෑසේ හිමි කාරිය කවුද?
දෑස කියන්නෙ හදවත පෙන්නන කැඩපත..
සොඳුරු හිතක් සඟවා ඉන්නෙ අඬන්න බැරි ලස්සන නොදකින දෙනෙතක් කියලා කිව්වා ?
@පූසා එම්බල නරය. නැත නැත වැරදුනා..එම්බල පූසෝ...මේ මගේ සොඳුරු දෙනෙතයි... නුඹට මා හඳුනා ගත නොහැකි ද?
@Weni
ලස්සන නොදකින , නාඬන දෑසක් නෙමෙයි මේ... කොච්චර ලස්සන තිබුනත් මොකට ද, මා ලොව ලස්සන නුඹ නැත්තම්...
@batti
බට්ටියේ , හොඟක් ලස්සනයි කීවේ.. මයෙ ඇස් ද ? කවිය ද? මයෙ බ්ලොග් එක ද? නැත්තම් මං ද?
ස්තූතියි .........
----------------
@Podi Kumarihami
වෙනීට කියපු උත්තරයම තමයි පොඩ්ඩියේ ඔයාටත් කියන්න වෙන්නේ.
ලස්සන නොදකින , නාඬන දෑසක් නෙමෙයි මේ... කොච්චර ලස්සන තිබුනත් මොකට ද, මා ලොව ලස්සන නුඹ බලන්න මයෙ ළඟ නැත්තම්...
@කතන්දර Kathandara
කතන්දර අයියේ... ස්තූතියි ඔයාට... දිගටම ගණන් කරන්න මේ පැත්තෙ එනව ද?
ඒක නේ අක්කා. ගෑනු අයට කඳුළු දීලා තියෙන්නේ අවශ්‍ය වෙලාවකට අඬන්න නේ.
මේ කවිය ලස්සනයි..බොහෝම....
ඔන්න ආයේ අහන්න එපා...මේ බ්ලොග් එකත් මේ දෑසත් මේ කවියත් සොඳුරුගේ කවියත් ලස්සනයි...
සොඳුරු අක්කි නම් තව දැක නැත..ලස්සන ඇති හිත වගේම.....
හඳූනන්නට ඇහැකි නිසාමයි විමසුවේ! :)
ලස්සන ඇස් දෙකක් වගේම ලස්සන කවියක්
මමත් ඉස්සර කවි ලිව්වා... ඒත් දැන් මම කවි ලියන්න වගේම කවි කියවන්නත් ටිකක් කම්මැලි වෙලා
නීල දෑසින් මිමිණු කවියක්,
හදවතින් තෙපලූ කතාවක්,
අසා හිඳිනෙමි,
පෙරුම් පුරනෙමි,
නෙත් විලෙහි පිපි ඒ සිනාවන්,
ආත්මයෙ කැඩපත වූ දෑසයි,
නොවැටහෙන දහසකුත් හැඟුමන්,
තෙරපෙනා ඔබෙ නීල දෑසයි,
නොකිවු සෝ දුක් පිරි කතාවක්,
කියාගන්නට තනන දෑසයි,
නීල නෙත් සර මායිමේදී,
රැඳෙමි ඉන් ඔබ්බට නොයා,
යලිදු නෙතඟින් හැරී බලනෙමි,
නෙත කඳුලු රැඳි දිලිසෙනා,
සිහින දකිනා දෑස ඔබගේ,
සොවින් තැවෙනා දෑස ඔබගේ,
කඳුලු මුතු කැට නිතොර රැඳි ඒ,
හදට අමතන දෑස ඔබගේ,
පද වැල්ලස්සනයි....නමුත්...ඔච්චර බලාපොරොතු තියාගන්ට එපා...ඒවා කුඩුපට්ටම් උනොත් දාරාගන්ට බැරිවෙවි....
lassanai........
අතීතයෙ යම් සොඳුරු දවසක
හදිස්සියෙ දුටු සොන්ඳුරු දෑසට
මකනු බැරි ලෙස හදෙහි දැවටුනු
ප්‍රේමයෙන් වෙලුනා.. මතකයි..
සිහිනයක් වුනු ඒ දෙනයනම
සිහිනයෙන් වාගේම ඇවිදින්
හිරුගෙ උනුසුම සඳුගෙ සිසිලස
මගේ ලොකෙට දුන්න මතකයි...
කිසිම දිනයක නොපැතු විලසින
සයුර කළඹන මෝසමක් ලෙස
ඔබම සිප ගත් මගෙ දෙනෙත් අග
කඳුලු ගඟුලක් උනා විතරයි....
කවි ලියන්න නං මට හරියටම බෑ අක්කේ... ඒත් මේක දැක්කම ඉවසන්න බැරි උනා...
ඔයාගෙ කවිය ලස්සනයි... ඒ වගේම ඇස් දෙකත්...
ලස්සන කවියක් වත් අක්කා...
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.