..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, October 11, 2011

෴ පෝදා සක්මන - A Walk With The Moon ෴


පෝදා සඳ කැන්ඳාගෙන
අතකින් ඇය අල්වා ගෙන
පෙම්බරයෝ නුඹ කොහේ ද
ඈ ගෙනයන්නේ

අහසින් සඳ ඉල්ලා ගෙන
නෙතකින් සිරි බී මත්වෙන
මගේ ලොවේ තනිවෙන්නයි
ඇය ගෙනියන්නේ

සඳ නැති දා රෑ අහසම
ඇය සොයමින් වල්මත් වෙන
බව නොදැන ද පෙම්බරයෝ
ඇය ගෙන යන්නේ

මා ලොව කළුවර දුර ලන
ඇය පුර සඳ නම ලැබුවද
ඇය ට මුවා වී මා ඇත
කවුදෝ දන්නේ


ඔහුගේ පුර සඳ
මම
෴ සොඳුරු සිත ෴

Lady Moon, Lady Moon, where are you roving?
Over the sea.
Lady Moon, Lady Moon, whom are you loving?
All that love me.
-Richard Monckton Milnes -


9 comments:

  1. ලස්සනයි අක්කා....

    ReplyDelete
  2. මේකට කවියක්ම ලියන්න උත්සාහ කළත් .. වැඩේ හරිගියෙ නෑ.
    පද ගැළපුම අන්තිමයි .. කියල හිතුනා. [පස්සෙ ඔයාට පෙන්නන්නම්]
    කොහොමහරි දැන් කමෙන්ට් වැඩ කරනවා වගෙ. [තැටමිල්ලක් නැතුව] හි .. හි ...

    ReplyDelete
  3. ලස්සනයි ෙගාඩක්

    ReplyDelete
  4. මේ කතා කරන්නේ ඉරයි, හඳයි ගැනද? ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  5. හැමදාම වගේම ලස්සන කවි පෙලක්...

    ReplyDelete
  6. ලස්සනයි !!!
    මාත් ආසයි පෝය දාට හඳ එළියේ පන්සල් යන්න :)

    ReplyDelete
  7. නිසුපා
    kuma
    raya
    suddi
    Podi Kumarihami
    නාට්‍යකාරයා
    Dinesh
    මධුරංග

    ස්තුතියි සියළූ දෙනාට ම

    ReplyDelete
  8. සඳ එළියේ පන්සලකට නිදහසේ යන්න තියෙනවනම් අයෙත්.......... කොච්චර හොඳයිද. හැමදේම කලබලෙන් දැන්. හරිම ලස්සනයි නංගි කවිපෙල.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...