..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, October 12, 2011

෴මල් යායට අමුත්තෙක් /A Visitor To The Flower Garden.. . . . . . ෴



ඔහු බොහොම දයාබර විදිහට කතා කරා. හරිම කරුණාවන්තයි. හරියට යායට පිපුන මල් කැළේකට හීන් සිරි පොද වැස්සක් වැටෙනව වගේ. මල් යායම තාලෙට සුළඟට සැලුනේ හරියට සිතුටින් හිනා වෙනව වගේ.

හිටිගමන් ඇය දර්ශණයෙන් ඉවත් උනේ , සිතුවමේ තිබ්බ මල් යාය හදිසියේම අතුරුදන් කරමින්. සිරි පොද වැස්ස අන්දමන්ද වුනා. මල් යාය කෝ. . . . . .  නිරුවත් පොළවට වහින එක කිසිම රසයක් නොදැනෙන දෙයක්. පිපාසයෙන් ඔහේ වතුර පොළවට බඳනව විතරයි. රසයක් නැහැ. වහින්න හිතෙන්නේ නැහැ.

හීනයට වැටුන සිරි පොද වැස්ස නැවතුනා.

හිත දුකින් බර වෙලා මහ හයියෙන් වහී ද?

මෙන්න ආයෙත් සිත්තමේ මල් යාය මතු වෙලා.

කොහෙද ගියේ ?

දරාගන්න බැරි උනා , මහ වැසි මිසක් , හිරි පොද වැස්ස. . . . ,

මල් පෙති වලට රිදවමින් . පුංචි මල් ගස් පොළවට අලවමින් , වැටෙන මහ වැසි මිසක් , සිරි පොද වැස්සක් ඒ මල් යායටම මීට කලින් වැටිල තිබ්බෙ නැහැ.

වැස්ස ට උඩින් හිමින් හිමින් හිරු රැස් වැටිල තිබ්බ. වැස්සට යටින් මල් යාය හිනා වෙද්දි , ඒ සතුටෙ පාට අරන් දේදුන්නක් පායල තිබ්බා.

තව කී දවසකට . . . . . . . . . ද ?

“ දෙයියො තමයි දන්නේ ,

මල් යාය අතඇරල ගියත් මල් යාය දිහා හොරෙන් බලන් ඉන්න බඹරු රංචුවක් කට ඇද කරල , විෂ තුඩ කරකවල , ඇස් ලොකු කරන් එහෙම කීවා.


-- - - - - - - - - - - - - - -

මල් යායේ හිමිකාරිය
මම
෴ සොඳුරු සිත෴

8 comments:

  1. හරිම ලස්සන අදහසක් වත්. හරිම අපූරු හදවතක් තමා ඔයාට ඇත්තේ මේ වගේ අදහස් පහල වෙන්ට.

    ReplyDelete
  2. සොඳුරු සිතක උපදින සිතුවිලි වචන වලට ඔබ්බන අපූරුව ඔබට ලැබුනු සම්පතක් !

    ReplyDelete
  3. අක්කගේ සිතුවිලි හැමදාමත් ලස්සනයි....

    ReplyDelete
  4. මහපොළවට මල් යායට රළු විදියට දැනුනට, කවද හරි ඒ මල් යායම පුබුදුවන්නෙ අපිව බොහොම මුදු මොළොක් විදියට සනසවන හිරිපොද වැස්ස නෙමෙයි.... රළු මහ වැස්ස කියන අමිහිරි යථාර්තයට වඩා මිත්‍යාවට මුළා වෙච්ච අපේ හිත් ගත්ත හිරිපොද වැස්සට අපි හැමදාමත් ආදරෙයි.....
    ඒත් කවද හරි දවසක කවුරු හරි කෙනෙක් මගෙන් ඇහුවොත් මහ වැස්සටද හිරිපොද වැස්සටද ඔයා ගොඩක් ආදරේ කියල,වෙනසක් නෑ මම ගොඩක් ආදරේ මහ වැස්සට... ටිකක් කටුක වුනත් ඒ යථාර්තයට මම නම් ගොඩක් ආදරෙයි....

    ReplyDelete
  5. මරු අක්කේ මරු... පොඩි කතාවක් වුනාට ගොඩක් දේවල් මෙකේ තියනව.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...