..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, October 15, 2011

෴ මාලය / The Necklace ෴

“ හරි වැඩේ නේ, පොලිසියට ගියේ නැද්ද කෙල්ලෙ “

සීරී, ලේ එන බෙල්ල , අතගාමින් සිටි මගෙන් එකිනෙකා විමසයි. මාලය නෙමෙයි , බෙල්ලත් ගාලෝන ගියා නම් හොඳයි කියා සිතෙන්නේ මේ වේලාවටය.

“ යමු සොසී , කෝකටත් පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාන එක හොඳයි “

මගේ මිතුරිය , මා අතින් අදිමින් පවසයි. උදෑසනම නිසා ,මගේ කවුන්ටරය අසළ පෙළ ගැසී සිටින මිනිසුන් දෙස මා බැලුවේ ,ඔවුන් දමා යන්නේ කෙලෙස දැයි සිතමිනි. සඳුදා දිනයක් වූ බැවින් පෝළිම බෙහෙවින් දිගු විය. මුදල් සම්බන්ධයෙන් කෙරෙන රාජකාරී කටයුත්තක් බැවින් වෙන සඟයෙකුට බාර දී යාමට ද නොහැක්කේ , ඔවුන් මේ කවුටරයේ වැඩ කිරීමට වැඩි මනාපයක් නොදක්වන බැවිනි.

“ සොසී  . . . . කීවම යං කෙල්ලේ “

යළිත් මා වෙත පැමිණි මිතුරිය මා සවනට කර කියන්නට වූවාය. යළිත් මිනිස් හිස් පෝළිම දෙස නෙත් හෙළු මට දැකිය හැකි වූයේ , නොඉවසිලි බව රැඳි ඔවුන්ගේ මුහුණුයි.සිනා රැදි මුහුණක් දෙකක් දැකිය හැකි වුව ද ඒවා ප්‍රසන්න සිතින් නැඟි අවංක සිනා නොවූ අතර සිනා නොවී සිටිමට නොහැකි නිසා සිනා සෙන්නාක් බදුය.

“ හරි හරි යමු. පේනවනෙ පෝළිම , මේ ටික ටක් ගාල ඉවර කරල යමු “

“උඹට ඕනි එකක් , මයෙ යැ , උඹෙ මාලෙ “

කවුනටරයේ කැරකෙන පුටුවට බර දුන් මා දවසේ රාජකාරී ඇරඹිමට පටන් ගත්තෙමි. නමුදු විටින් විට , යතුරු පැදියකින් පැමිණුන තරුණයන් දෙදෙනකු , මා ගෙල බැඳි රන් මාලය අඳුරා ගෙන යනු මැවී පෙනෙන්ට විය. කෙතරම් මතක් කළ ද ඔවුන්ගේ හැඩ රුව සිහියට නඟා ගැනීමට මට නොහැකි විය.

විශාල කළු පැහැති යතුරු පැදියේ පැමිණි ඔවුන් දෙදෙනා , කළු පැහැති හෙල්මට් පළදා තිබුනේ මුහුණ ද වැසෙන පරිදිය.කළු පැහැති ජැකට් දෙකක් හැඳි ඔවුන් දෙදෙනා මැදිවයසේ හෝ තරුණ වයසේ වන්නට ඇත

පාසල් ද නිවාඩු කාලය වූ බැවින් , පටු මාවතේ පේන තෙක් මානයේ සිටියේ මා පමණක් බව සිහිවන්නේ දැන්ය. මාස ගණනක පඩියෙන් ක්‍රම ක්‍රමයෙන් එක්කාසු කර ගත් මුදලින් ඒ රන් චේන් පට මිල දී ගත්තේ මීට මාස දෙකකට හෝ තුනකට උඩිනි......

“ මොනා ද මිස් මෙතන රු.100ක් අඩුයි. මම දුන්නේ 500“

ගනු දෙනු කරුවකුගේ නොඉවසිලි ගෝරණාඩුවකින් , පටු මාවතේ වැටී තිබු මයෙ සිත , නැවතත් කවුන්ටරයට රැගෙන ඒමට සිදු විය.

“ ආහ් මෙන්න “

ඔහුගේ ඉතිරි මුදල් දෙන ගමන් මා පෝළිම දෙස බැලුවෙමි. සෙනඟ මදක් අඩු වී තිබු අතර , එය ම.සිතට ගෙන දුන්නේ සහනයකි.

“ යමන් යමන් , මේනකා කවුන්ටරේ බලා ගනීවි යමන් ඉතින් දැන් වත් “

යෙහෙළිය පැමිණ තිබුනේ කවුන්ටරේ රාජකාරී බාර දීමට ද කෙනෙක් සොයා ගෙනය.

“ මං ලොක්කට කීවා. යං “

ප්‍රධානියාගේ වීදුරු කාමරය දෙස නෙත් යොමත්ම ඇය කීවාය.

“ මොන ජාතියේ බයික් එකක්  ද මිස් “

“ ම් ම් ම් කළුයි ලොකුයි , වේගෙන් යන එකක් “

“ දැන් කාලේ තියෙන ඔක්කම මෝටර් බයික් ඒවගෙ තමයි මිස් “ සමච්චලයට මෙන් සිනාසුන පොලිස් කොස්තාපල් මහතා ඇසක් ඉඟි මරමින් කීවේය.

“වර්ගය දන්නෙ නැද්ද වර්ගය, අංකය දැක්ක ද? කොහොම ද මාලෙ කඩා ගත්තේ ? “

ප්‍රශ්ණ වැලකි. මම මා දන්නා ආකාරයට යතුරු පැදියේ හැඩරුව කීවෙමි.

“ ආහ් බන් , ඔය කියන විදිහට ඒක
honda CBR එකක් වගේ “


පැමිණිලි බාර ගන්නා මේසයට එහායින් සිටි නමුත් , අපේ කතාවට සවන් දී ගෙන සිටි තවත් පොලිස් සඟයෙක් පවසන්නට විය.




“ හොඳයි එහෙනම් කියමු බලන්න මාලෙ කඩා ගත්ත හැටි “

“බයික් එක ඇවිත් මා ළඟ නැවැත්තුවා. “

‘ ආහ් . . . එහෙනම් අහල බලල කඩා ගෙන තියෙන්නේ “
අශීලාචාර ලෙස සිනා සුන ඔහු පවසන්නට විය.

“ නැහැ , ඇඩ්රස් එකක් අහගන්නයි නැවත්තුවේ , ඒක කියවන අතරේ මාලේ කඩන් පැන්නා. බයික් එක තිබ්බේ ස්ටාට් කරපු ගමන් “

තරමක තාරතාවය වැඩි ස්වරයෙන් මගේ මුවින් නික්මුණි.


“ හොඳයි මිස් , අපි බලන්නම්, ටෙලිෆෝන් නම්බරයක් හෙම තියනම් දීල යන්න. මේ වගේ පැමිණිල් නම් කොච්චර එනව ද? ඒ වගේ හොරෙක් කොටු උනාම අපි කෝල් කරල කියන්නම් “


“ආහ් බන් මෝඩියේ , උඹට නිකමටවත් හිතුනෙ නැද්ද මාලෙ කඩා ගනි කියල“

පොලිසියේ සිට පිටව එද්දී අවසන් පඩිය බසින විටම මිතුරියගේ මුවින් නිකුත් විය.

“ කාටද බන් එහෙම හිතෙන්නේ , හරි ඩීසන්ට් ලුක් එකක් තිබුනෙ. ඉස්සරහ හිටපු කොල්ල තමයි කොල කෑල්ල පෙන්නුවේ....ඒත් මට පිටි පස්සෙ හිටපු එකා නම් ටිකක් දැකල පුරුදු වගෙයි “

“උඹටත් කොහෙද ඉතින් , ලස්සන කොල්ලෙක් දැක්කම අහන පාරවල් නෙමෙයි , නාහන පාරවලුත් පෙන්නාවි “

“ අනෙ පලයන් බන් යන්න “

දින සති මාස ගණන් ගෙවුන ද , මාලය හෝ කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. යලිත් සුපුරුදු පරිදි මාලයක් සාදා ගැනීම සඳහා කීය කීය හෝ එකතු කරන්නට යෙදුනේ වලල්ලක් සාදා ගැනීම පසෙකට දමාය. කාර්යාලයේ සාරියට පෙනෙන හිස් ගෙල , බොහොමයක් අය ගේ කතා බහට ලක් වීම ද වදයක්ම විය.

මගේ සිත දුකින් තැවුනේ නැති වූ මාලයටත් වඩා , ඇතැමෙකු පැවසූ නොපරුස් වදන් නිසාය.

නියමිත වේලාව ද පසු වී , සියළු ගනු දෙනු නිමා කර , කවුන්ටරය වැසීමට සූදානම් වන අවස්ථාවේ ම රු.100ක් පොඩි කාසි වලින් මාරු කර ගැනීමට පැමැණි , කාර්යාලයේ දෙවන මහලේ වැඩ කරන මංගලිකාට , පොඩි කාසි නැති බව කී විට ඇය පැවසුවේ.

“ ඔහොම තමයි නංගි , එක එකා මහන්සියෙන් හම්බ කරන සල්ලි වංචාවෙන් අර ගන්න මිනිස්සුන්ට යාදෙන්නෙ නැහැ. හොරු අරන් ගියාට දුක් වෙන්න දෙයක් නැහැ ,ආයෙත් ඉතින් මාසෙකින් දෙකකින් අලුත් එකක් හාදා ගන්න බැරියෑ “

සිත පිරි සොවින් කවුන්ටරය වසන්නට සූදානම් වූ අවස්ථාවේ ම , තකහනියක් කවුන්ටරය දෙසට ඇදෙන තරුණයෙකු මගේ නෙතු ගැටුනේ , අයියෝ තවත් කරදරයක් යැයි යන සිතුවිල්ලෙනි. උස ට සරිලන මහතින් යුතු වු ඔහු කඩවසම් පෙනුමෙන් යුක්ත විය.

“ කකුල් දෙකටම කලිසන් ඇදපු එකෙක් ආවොත් උඹේ කවුන්ටරේ ඉතින් අවේලාවෙත් වැඩ “ කට කැඩුන කතා කියන කාර්යාල යෙහෙළියකගේ වදන් මා මතකය විත් සිහින් සිනාවක් මුවඟ ඉතිරි කරත්ම , කලිසම් නෙමෙයි , සූට් බූට් ගහන් ආවත් දැන් නම් මහත්තයෝ කවුටරේ වහලා යන සිතුවිල්ලෙන් යුක්තව , Close බෝඩ් ලෑල්ල හරවත්ම , ඉතා තද ලෙස මා අත ග්‍රහණය කර ගනූ දැනි හිස ඔසවා එදෙස බලන මා දුටුවේ. පැමිණි තරුණයා මා අත තදින් ග්‍රහණය කර , මා නෙතු දෙස දෙස විමසිල්ලෙන් බලා සිටින බවකි.

අවු කණ්ණාඩි වලට මුවා වී තිබූ ඒ ඇස් දැක ගැනීමේ නොනිම් ආසාවක් මෙන්ම , අවේලාවේ වද දීමට පැමිණි මේ අපූරු තරුණයා ගැන හට ගත්තේ අප්‍රමාණ කේන්තියකි.

“ සමාවෙන්න සර් , කවුන්ටරේ ව . .. . . . . .“

ඔහුගේ ග්‍රහණය ලක් වූ මගේ දෑත , තව තවත් දැඩි වන බව පමණක් මට දැනුනි. Close පුවරුව කවුන්ටරයෙන් ඉවත් කරන ගමන්ය ක්ෂණයෙන් යමක් කවුන්ටරය මත පතිත කළ ඔහු , ආපසු හැරුන වේගයෙන්ම , කාර්යාලයෙන් පිටවී යනු පෙනුනේ , තත්පරයකවත් පමාවක් නොතබමිනි.

“ මූ යකෙක් දැක්ක වගේ දුවන්නේ , මොකෝ මිස් මක්කැයි කීවේ “

කාර්යාල දොරකඩ සිටි පැමිණි කාකාස මහතා ඇසුවේ පුදුමයෙන් විස්මිත දෑස් ඔහු ගිය මඟම තබා ගනිමිනි.

“ මෙතනට ආපු බව කොහොම ද විජේසිංහ දන්නේ ? “

“මයෙන් ඇහුව දඩ කොළේ ගෙවන්නෙ කොතනට ද කියලා. මම කීවා සල්ලි ගෙවන වෙලාව නම් පහු වෙලා , නමුත් ගිහින් බලන්න කියලා“

“ ඒක මිසක් “

කවුන්ටරයේ මා සිටිනා පස මේසය මත වූ සුදු පැහැති ගුලිය මා දුටුවේ එවිටයි. වට පිට බැලූ මා , ආසනයේ වාඩි වූයේ කුතුහලය රැඳි ගැහෙන සිතිනි.


මදක් දුර්වර්ණව තිබූ කුණු ගැහුන සුදු පාට ලේන්සුවක ඔතා තිබ්බේ එක්තරා දවසක මගේ ගෙල ද සුරා උදුරගෙන ගිය මාලයයි .............

නමුත්  ............. ඒ ඇයි  ?


14 comments:

  1. දැන් ඉතින් නාඩ ඉන්න මාලේ හම්බවුනනේ ..

    ReplyDelete
  2. මෙතන මොකක් හරි රහසක් තියනවා .. ඔය ගෙනාවේ හැබෑ මාලේ කියලා සුවර්ද ?

    ReplyDelete
  3. හොරාට දුක හිතෙන්න ඇති....මාලේ සුදු යකඩ නේ.....

    ReplyDelete
  4. ඈ මාර හොරෙක්නේ.ජෙන්ටල්මන් හොරෙක්ද කොහෙද ......
    හැබැයි වත් අක්කේ ඕක තමයි මාල කඩාගන්න ජනප්‍රියම ක්‍රමේ.මීට පස්සෙවත් පරිස්සම් වෙන්න .......

    ReplyDelete
  5. කතාව ඉවර කරන්ට එපා හොඳ සොසී වගේ. ලස්සන කතාවක් මතුවීගන එනවා ලොකු කුතුහලයකුත් එක්ක.

    ReplyDelete
  6. ඇත්තටම ඇයි? හොඳටම දන්න කෙනෙක් වගේ හොරා....

    ReplyDelete
  7. කෝම හරි මාලේ ලැබුනා නේ. ඒ ඇතිනේ සොසී !!!

    ReplyDelete
  8. හයියෝ.........කතාව ඉවරයි මෙතනින්..ඇයි කියල හිතල , හේතුවක් හදා ගන්න කියවන්නාට බාරයි...

    හැබැයි , කවුරු හරි කැමැති නම් මේකට තව කොටසක් ලියන්න... ඔයාල ලියන්න. ලියල බ්ලොග් එකක් තියෙන කෙනෙක් නම් මම ඒ ලින්ක් එක මගේ බ්ලොග් එකේ දාන්නම්.බ්ලොග් එකක් නැති කෙනෙක් ලියනව නම් , සොඳුරු සිතේම ඉඩ දෙන්නම්...

    ReplyDelete
  9. බොහොම සතුටුයි.තැපැල් දෙපා. වැඩ කරන්නෙ? මමත් කාලයක් හිටිය නිසා හරිම සතුටුයි. දිගටම ලියන්න.

    ReplyDelete
  10. හම් හම්....ඉස්සරහට පරිස්සම් ෙවන්න අක්කා.....

    ReplyDelete
  11. එහෙම වෙන්නෙ කොහොමද..??? එයා කොහොමෙයි ඔයාගෙ ඔපිස් එක දන්නේ..????

    ReplyDelete
  12. ම්ම්ම් වෙනස් විදියක කතාවක්...මෙහෙම හොරෙක් ගැන අහුවමයි..

    ReplyDelete
  13. මට මේක මග ඇරිලානෙ කොහොමද මන්දා.දෙවෙනි කොටසින් මෙටනට ආවෙ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...