..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, October 20, 2011

෴ මාලය / The Necklace ෴ දෙවන කොටස

෴ මාලය / The Necklace ෴ පළමු කොටසට

බොහෝ දෙනා මේ කතාවේ ඊළඟ කොටස විමසල තිබ්බා. ඉතින් ඔයාලට මතක ඇති නේ , මම කීවා , කැමැති කෙනෙක් ඉන්නව නම් දෙවෙනි කොටසක් ලියන්න. මම ලියුව කතාව එතකින් ඉවරයි කියලා. හිතාගන්න බැරි විදිහෙ සංවේදි අවසානයක් එක්ක මේ කොටස අපේ නිදහස් සිතුවිලි ලියන රවි අයියගෙන් , බලන්න කියවලා.


ඊට කලින් පළමු කොටසට යන්න ඕනි නම් මෙන්න ලින්ක් එක.


" ඒයි මචං.....ඔන්න ඔය ඉස්සරහට එන කෙල්ල ගාව නතර කරහං...මතකනෙ උඹ ඇඩ්‍රස් එක අහපං ....මම ගානට වැඩේ දෙන්නම්...."

" හරි,.............."

අප සිතූ ලෙසම කාර්යය ඉටුවිය...මම ඇගේ ගෙල බැඳි මාලය එක් වරම ඇද කඩා ගතිමි. ඇගේ ගෙල මවිසින් මාලය කඩා ගත් විට තුවාල විනිද යන්න මගේ සිතට බොහෝ වේලා වද දුන්නේය.

" උඹට මාලෙ කඩා ගත්තු එක ගැන දුක නෑ...ඒකිගෙ බෙල්ල හීරිච්ච එකටයි දුක...අනෙ අම්මප මට තේරෙන්නෙ නෑ බං උඹෙ මනස්ගාත...."

මට ද ඒ තේරුම් ගත නොහැකිවූ බැවින් මම උත්තර බැඳීමට නොගියෙමි.

" එව්ව වැඩක් නෑ...යමං මේක දීල කීයක් හරි ගන්ට......"

" හපෝ, මේක මේ රත්තරං ගාපු ඉමිටේෂන් මාලයක්නෙ මල්ලි...මේකට ඔන්නම් රුපියල් පන්සීයක් දෙන්නම්,"

"ඒකිගෙ............"

" හෙහ්...හෙහ්..හෙහ්....."......
මට නිතැනින්ම සිනහ ගියේ මන්දැයි මම ද නොදන්නෙමි.

" මොකද දැන් මේකට කරන්නෙ?...."

" කෝ මට දීපං.........ඕක මම හවස ඕකි හොයාගෙන ගිහිල්ල ආපහු ඕක දෙන්නම්,"

" උඹට නම් පිස්සු.....නිකම් විකාර කරන්නෙ නැතුව හිටපං,"

දින කිහිපයකට පෙර අප මෙලෙසම පැහැරගත් මේ හාත්පසින්ම සමාන රත්තරන් මාලයක් මගේ මේස ලාච්චුවේ විය.

එදින සවස ඇගේ කාර්යාලයට රාජකාරි අවසන් වන හෝරාව ආසන්නයේ ගිය මම සුදු කඩදාසියක එතූ රත්තරන් මාලය ඇගේ කවුන්ටරය මත තබා ඇගේ දෑස් වෙත යොමු වූ මගේ දෑස ඉතා අසීරුවෙන් මුදවාගෙන ඉන් පිටවීමි.

මා එසේ කලේ ඇයිදැයි මගෙන් නාසන්න,

පිලිගත හැකි පිළිතුරක් නොමැති පැනයක් විමසීම ඔබගේ මෙන්ම මගේ ද කාලය එකසේ අපතේ යැවීමකි.

ලීවේ - නිදහස් සිතුවිලි වල සමහවුල් කරු රවි අයියා.

11 comments:

  1. ඕක අහන්ටත් දෙයක්ද? ආදරේ හිතෙන්ට ඇති. ඕකට තමා කියන්නේ 'දැක්ක ගමන් හිතෙන ආදරේ' කියලා....:D

    ReplyDelete
  2. හප්පේ මම මුලින්ම කිව්වේ මාලේ රොල් ගොල් කියලා...හොරාට දුක හිතිලා...දැන්නං ඒක නිකං ලව් කේස් එකක් වගේ වෙන්න යන්නේ.....අනේ කවුරුහරි මේකේ පාට් 3 එකත් ලියන්න......

    ReplyDelete
  3. ඕන්න බලන්න, ඉමිටේශන් මාල දමන එකේ වටිනාකම ! මම වයිට් ගෝල්ඩ් වලට කැමති දකින අය හිතන්නෙ, ඒ සුදු යකඩ හරි සිල්වර් හරි කියලයි !

    ReplyDelete
  4. මටත් ඕකමයි හිතුනේ පොඩි කුමාරිහාමි අක්කා......

    ReplyDelete
  5. හොරා වුනත් මනුස්සයෙක් නෙ. ආදරේ හිතෙන්න ඇති.

    ReplyDelete
  6. අම්මෝ කව්ද මේක නොසිතපු අවසානයකට යාවි කියලා...ආදරය කියන සුන්දර අකුරු 4ට පිං සිද්ධ වෙන්න...කෙල්ලට රත්තරං මාලයක්..නියමයි...මේකේ 3 කොටසත් ලියන්න...

    ReplyDelete
  7. තුන්වන කොටස මෙන්න මෙහෙම වෙන්ට බැරිද?

    //මම ගෙදර ගියේ හිනාව නවත්තගන්ට බැරුව. 'මොකද පොඩ්ඩියේ ඔය හිනාව' ලොක්කි දෙතුන්පාරක්ම අහනකල් මම හිනා උනා. ඉතින් ඊට පස්සේ එයාටයි, කටත් ඇරගන උන්නු අම්මටයි මෙන්න මේ කතාව කීවා.

    'ලඟදි දවසක් මා එක්ක බස් එකේ යන චම්පාගේ මාලේ කවුද බයිසිකලේක ආපු දෙන්නෙක් කඩාගන ගියා.
    පිටිපස්සේ ඉඳගන ගිය එක්කෙනා මා දිහා දෙපාරක් හැරිලා බැලුවදෝ කියලා මට එදා හිතුනා. ඊට පස්සේත් පාරක් , දෙකක් ඒ වගේ කියලා මට හිතුනු කෙනෙක් බස් හෝල්ට් එකේ මා දිහා බලාගන් ඉන්නවා මාත්, චම්පත් දෙන්නම දැක්කා. අපි ඉතින් කතාවෙලා අර එදා පොලෙන් ලාබෙට ගත්තු, ඉමිටේෂන් මාලේ දාගෙන මම පහුගිය දවස්වල වැඩට ගියා. ඊයේ ඒ දෙන්නා ඇවිත් මගේ ඒ මාලේ කඩාගත්තා. මේ බලන්ට අර පිටිපස්සේ ඉඳගන ගිය හාදයා ඒ කඩාගන ගිය මාලේ වෙනුවට අද මට රත්තරන් මාලයක් දීලා ගියා.
    අම්මත්, ලොක්කිත්, මාත් ඒ දිලිසෙන මාලේ දිහා ඇහිපිල්ලන් නොහෙලා බලා ඉන්නවා මම හිනැහි, හිනැහී බලා හිටියා. ‘පව් අර අසරනයා’ කියලත් මට යාන්තමට හිතුනා.//

    වෙන්ට පුලුවන් නේද?...:D

    ReplyDelete
  8. @පොඩ්ඩියේ.... ඒක නම් හරිම දඟකාර කතාවක්...


    රවි අයියා , ඇතුළු සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  9. සොඳුරු සිත,

    මගේ හෘදයාංගම ස්තූතිය නංගි කමෙන්ට් එක පෝස්ට් එකක් විදිහට පල කලාට,

    Podi Kumarihami,

    පොඩ්ඩිගෙ කතාව නම් මරු...ඒත් ගොයියෝ බලාගෙන....හොඳද?.....හිනාව දෙපිටින් යන්ට බැරි නෑ.....අර හොරගෙඩිය රත්තරන් මාලයක් ගෙනත් දුන්නෙ නිකං ඉන්ට බැරුවට කියලද හිතා ඉන්නෙ?........4 වෙනි කොටසෙ වෙන දේ දන්නෙ නැතුවයි පොඩ්ඩි ඔය හිනා වෙන්නෙ....හෙහ්, හෙහ්,

    ඔබ නොදුටු ලොවක්,
    Weni,
    සිතුවිලි නිහඬයි,
    නිසුපා,
    ගලයා,

    හැමෝටම බොහොමත්ම ස්තූතියි.........

    ReplyDelete
  10. මාලේ ඉමිටේශන් උනත් ඒක එයාට වටින එකක් නේ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...