..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, October 12, 2011

෴ සුබ උදෑසනක් / Good Morning ෴

මට නැඟෙන හිරු හිරු කිරණ
නුඹට පායන බව ද
කොහේ හෝ දුරක සිට
දිනය අරඹන බවද
උදෑසන ඇවිත් මට පසක් කර දෙද්දී
සිනා වත පිපෙයි
මගෙ කඳුළ සැඟවෙද්දී

පයට පෑඟෙන සිසිල්
පිනි කඳුළු වෙන්නම්
උදෑසන ගත සිඹින
හිරු කිරණ වෙන්නම්
විහඟ ගීයක මිහිර
අරන් මම එන්නම්
උදෑසන සිරි අසිරි
නුඹට ගෙන දෙන්නම්

නුඹට සුබ උදෑසනක් පතන
මම
෴ සොඳුරු සිත ෴

6 comments:

  1. කොහේ හිටියත් ඔයාට වගේම එයාටත් සුබ උදෑසනක් එනවා. ඒ වගේම අක්කගේ අහිංසක ප්‍රාර්තනාවත් මරු !!!

    ReplyDelete
  2. ඔබටත් සුභ ම සුභ උදෑසනක් ! සොඳුරු හිතක හිමිකාරියක් හිතන අපූරුව !

    ReplyDelete
  3. දකුනේ නැවුම් කිරි සුවදත්...
    යාල්පානමේ තල් මිහිරත්...
    අරගෙන ඉර කුමරු වඩිනවා...
    අරගෙන නවමු බලාපොරොත්තු පිරුණ,
    අලූත් දවදක්...
    සුභම සුභ උදෑසකත් වේවා...

    ReplyDelete
  4. පතනෙමි ඔබට සුවබර වූ උදෑසනක් .....

    කියවන නමුත් සැම ලිපියක් ඔබේ මම....
    නොහැකි වුනේමි කමන්ට්ටුවක් කොටන්නට....
    පුංචි ඉඩක් ලැබුනෙමි මේ උදෑසනේ....
    පතනෙමි ඔබට කවි ලොව ජයලබන්නට .....

    ඔහුට නැගෙන හිරැ ඔබටත් පායද්දී ...
    ඔහු සතුටින් කල්යල් ගෙවනවා ඇත්නම්...
    කදුළැලි වලට ඉඩ දෙන්නට එපා ඔබ...
    සැමදා ඉන්න මුව සරසන් සිනහවකින්....

    ReplyDelete
  5. සුභ උදෑසනක් ඔහුට සහ ඔබට..

    ReplyDelete
  6. අක්කගේ ප්‍රාර්ථනාව හරිම ලස්සනයි...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...