ඒත් පළවෙනි කමෙන්ටුව වැටුනේ ප්‍රාර්තන ප්‍රනාන්දු ගෙන් , ඒ10/2/09.
මේ කිසිම දෙයක් කියවන ඔයාලට වැදගත් නැතිව ඇති. ඒත් මේ ලියන මට , මගේ බ්ලොගයෙ තියෙන වැදගත්ම ලිපිය තමයි මේ ලියන්නේ.
බ්ලොග් පටන් ගන්න පාර කීව නුවන්
ඒ පාරට බ්ලොගය තල්ලු කර ගන්න උදවු කරපු රොයිලි වගේම වාසල
බ්ලොගය පාරේ නැවතුනාම , අලුත් වැඩියා කරන්න උදවු කරපු සාකුන්තල
මාත් එක්කම වගේ බ්ලොග් පාරට දාපු මාරයා , රවා
ටිකක් දුර යද්දි අපිට එකතු වුන හද ගී පොත ලියන තිස්ස අයියා
බ්ලොග් පාරෙදි හමුවුන සදාකාලික ඉලන්දාරියා
කවි ලියන්න , කවි ලියන හැටි මෙහෙමයි කියල පෙන්නල දුන්න , අද අප අතර නැති විහඟ ගීතය
සිංහල බ්ලොග් අවකාශයම කළඹපු ටැබූ ( ලින්ක් එකක් වත් ඉතිරි නොකර ගිය හාදයා )
මේ සියළු දෙනාම , මට කවදාවත් අමතක නොවන චරිත උනා. මේ වැඩි හරියක් අද මාත් එක්ක කතා බහ නැති උනත්, එදා ලෙංගතුකම හිතේ තාමත් රැඳිල තියෙනවා.
අද මා වටේ ඉන්නෙ අලුත් යාළුවෝ අලුත් යෙහෙළියෝ . . . . රවී අයියා , රන් , වැප් , ප්‍රියා, අභීත , මරණෙ, බීටල්, පොඩ්ඩි, වෙනී, මධුරංග ( මේකා නම් බ්ලොග් වල පදිංචි වෙලා ) මෙකී නොකී නම් කියක් ද ?
ඒ වගේම එදත් අදත් එකසේ ඉන්න කතන්දර මිත්‍රයා. දුමී අයියා.
බ්ලොග් ලෝකයට පහන් ටැඹක් වගේ ඉන්න (ඒත් නිතර නිතර නොලියන එක නම් හොඳ නැහැ) චාමි සෑම් , මාලන් ,චමිල වගේ අය.
මා දුටු එඩිතර කාන්තාව වෙන සහ සොඳුරු හදවත් හිමි පෙරළිකාර අරුණි අක්කා වගේ අය.
හිම හංසි, පොඩ්ඩා, බනී , ගලයා වගේ තවමත් දඟකාර හිරිමල් වයසෙ ඉන්න අලුත්ම අලුත් පරම්පරාව වගේම මුල්ම බ්ලොග්කරුවෙකු වෙන සුපුන් සුදාරක.
මට ලියන අය , ඊමේල් කරන අය වගේම, මමත් නොදැනම ඇවිත් කියවල යන , ගල්මල් ලියන අපේ ඩීන් අයියා , ඒ වගේම තවමත් හරිහැටි නාදුනන ඉන්දික උපශාන්ත ( සැහැල්ලුව) වගේ කමෙන්ට් කරුවො. ඇයි දෙයියනේ ගීත් මලයා.
ම්ම්ම් .. තව මොනා ද අමතක වුනේ. . . .
ආහ් . . මෑතකදි හඳුනා ගත්ත ජීවිතය විදින්න ලියන අපේ බස්සා.
තව ගොඩාක් අය ඉන්නවා. මම මෙතන නොලීව. කොටින්ම මතක් කරපු අයට වඩා මතක් නොකරපු අය වැඩී.
එතකොට , ඉඳල හිටල බ්ලොග් ලිපියක් පළ කරන ඩෝසන් ප්‍රීති අයියගෙ ටැක්සිය , මගේ කතාව ලියන ඉන්ද්‍රනාත තේනුවර වගේ අය
අර කතන්දර කීවත් වගේ බ්ලොග් අවකාශයත් සාමාන්‍ය සමාජයේම පැතිකඩක් තමයි කියල මේ වෙලාවෙ හිතෙනවා.
ඉතින් , දැන් 500යි , 500ක් නෙමෙයි දාස් ගාණක් ලීවත් වැඩක් නැහැ කිසිම පණිවිඩයක් දෙන්න බැරි නම් , කිසිම වැඩකට නැති මනෝ විකාර නම් , මම ලියල තියෙන බහුතරය ඒ වගේ මනෝ විකාර කියල පිළිගන්න මට පුළුවන්.
ඉදිරියටවත් හරවත් යමක් ලියන්න මම උත්සාහ කරනවා.
500ක දුර ගමනක් යන්න මාත් එක්ක ආපු නොආපු සියළු දෙනාටම මගේ ස්තූතිය පිරිනමනවා. කවුරු හරි අමතක වුනා සමාවෙන්න කියල ඉල්ලන ගමන් , හිත නෝක්කඩු නොකර ගන්නා ලෙසත් ඉල්ලනවා.
පිරි නමනවා මෙලෙසින් හද බැතිබරව
පෙර දින එදා සිටි ලෙස මට ලෙංගතුව
ස්තූතියි
මම
෴ සොඳුරු සිත හෙවත් වත් ෴




58 ප්‍රතිචාර:
තව තවත් ලිපි ලිවීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා ........
අක්කේ මගේන් සුබ පැතුම්.තව 500ක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා
මම නම් මේ බ්ලොග් එකට ආවේ ඊයේ පෙරේදා..(මම බ්ලොග් ලියන්න ආවෙත් ඊයේ පෙරේදා නේ :) එත් ඔයාගේ බස් රේඩියෝ කතාව ඇහුවට පස්සේ හිතුනා සමහර විට ගොඩක් කාලෙකට කලින් මම සොඳුරු සිත ව දන්නවා වෙන්න පුළුවන් කියලා :))
කොහොම උනත් 500 ට මගෙනුත් සුබ පැතුම්..
මයෙ අක්කා බ්ලොග් කලාවේ බෝම වැදගත් තැනකට නේ ඇවිත් තියෙන්නේ...
මම ඉතිං ඔයා ලියන ඔක්කොම කියවනවා නේ දැන්....
බොහෝම ලස්සනයි නේ ඒවා...අද කතා බහ නැතුව මේක තමා කොරලා තියෙන්නේ..තුති මල් නෙලාලා කස්ටියට පූජ කරන්න...
මාතර බෝ සමිඳු පිහිටෙන් ඔය සොඳුරු හිතේ සුන්දර අදහස් සයිබර් අවකාශය හරහා අපේ නෙතු මානයට පැමිණේවා කියලා පතන මා
**** ඔයාගේ කරදරකාර මල්ලියා...ගලයා..********
ප/ලි..මම දැන් ඔයාගේ ඔක්කොම බ්ලොග් එක කියවලා ඉවරයි..එකක් ගානේ නම් කොමෙන්‍ටු දාලා නෑ හොඳේ...
ජය වේවා..!
මගෙත් සුබ පැතුම් අක්කේ....
බ්ලොග් කියවන්න ආපු මුල් කාලෙ ඉඳලම කියවන බ්ලොග් එකක්....
අක්කා දන්නවානෙ ඒක.....
වෙනස් වෙවී, දවසින් දවස පරිණත වෙවී ළදරු කාලෙ ඉඳන් ආපු බ්ලොග් ගමනේ අද තවත් අපූරු නැවතුමක්,
ඒ කාලෙ ඉඳලම හිටපු නිසා අපිටත් දැනෙනවා ඒක....
හරි අමුතු හැඟීමක්...
අපේ කමක්......
කොමෙන්ට් නොදැම්මට හැමදාම කරපොවනවා මේ පැත්තට.... තව තවත් ලියන්න අක්කේ....
අපි ඉන්නවා බලාගෙන....
සිතක් සොඳුරු වෙන තරමටම පෝස්ට් ලියවෙනවාත් ඇති... :)
පන්සීයක් සොඳුරු සිතිවිළි වලට උණුසුම් සුභපැතුම්...!
සොදුරැ සිත.....මට හිතෙන්නේ ...අකුරැකර ගන්න බැරි මගේ හිත අකුරැකරන මගේම හිත......ඉතාම නොදුරැ දිනක දහසක් හදුනන සොදුරැ සිත" වේවි....
සොදුරැ සිත.....මට හිතෙන්නේ ...අකුරැකර ගන්න බැරි මගේ හිත අකුරැකරන මගේම හිත......ඉතාම නොදුරැ දිනක දහසක් හදුනන සොදුරැ සිත" වේවි....
මොන තරම් දිග ගමනක් ඇවිත්ද? කාලයක් සොඳුරු සිතේ ඇවිත් පොඩ්ඩි කරපු වැඩ තාම මතකයි. එක අතකට බලනකොට රවිත්, ප්‍රියන්තත් හම්බ උනේ ඔයා හන්දානේ. ඒ අතීතය හරිම රසවත්. සොඳුරු සිත ඕනම කෙනෙකුට ඉඩක් තියන සොඳුරු සිතක් කියලා මම තේරුම් ගත්තේ ඒ කාලේ.
500 නෙමේ ඉක්මනින්ම 1000 ලිපියත් ලියවෙන දවස වැඩි ඈතක නෙමේ කියලා හිතනවා.
මගේ සුබ පැතුම් සොසීට.
මෙතෙක් කල් ස්පර්ශ නොකල බොහෝ මානයන් තව ඇති නෙවෙද?
ඉසිඹුවක් දුන්නොත් මීදුම පහවී කඳු පෙල පෙනේවි
මට බ්ලොග්කරනයට ආසාවක් ඇති කල ඔබේ බ්ලොග් ලියවිල්ලට බොහෝ තුති
[නෝක්කාඩුවකුත් කියලා තියෙන්නේ ....!!!]
500 ට 5000 ක් ලියන්න ලැබේවා!!!
ඊළඟ 500 ලිවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉක්මනින් ලැබේවා සොසීට, ඔබ ලියලා තියෙන්නෙ මනෝ විකාර ඉදිරියේදි ලියන්නෙ හරවත් දේවල් ???!!! හෆොයි ඒ කියන්නෙ මෙච්චර කල් කියවපු වචනවලට පෙරලපු විශිශ්ඨ නිර්මාණ ගොන්න වෙනුවට එන්නෙ ???
ආයුබෝවේවා!
ලින්ක් එකක්වත් ඉතුරු නොකර ගිය හාදයාව කියවන්න මකර අධිරාජ්‍යයා සොයා දුන් ලින්ක් එක
බ්ලොග් අවකාශයේ සටහන් 500ක් යනු සුළුවෙන් සලකන්න කිසිසේත්ම බැහැ. මාත් දැන් වසරකුත් මාස 4ක් පමණ බ්ලොග් ලියනවා. තාම බැරි උනානේ පෝස්ට් 130ක් දාගන්න. එහෙම බැලුවම ඔබේ මේ බ්ලොග් එක කොතරම් දුරක් ඇවිත්ද? මම බ්ලොග් අවකාශයේ හඳුනාගත් පළමු මිතුරියත් ඔබ බව ඔබට මතකද දන්නේ නෑ. කෙසේ නමුත් මෙහි 500 වන පෝස්ට් එකෙහි කමෙන්ට් එකක් තබන්නේ හරිම සතුටින්. තවත් පෝස්ට් දහස් ගණනින් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි..!!!
දිගටම පදවැල් අමුනන්න..ලියන්න..ජය
මගෙනුත් සුබ පැතුම් අක්කේ....
මේ වගේම තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා අක්කේ...
ඒක නෙමේ.. නොදන්න නිසයි අහන්නේ විහග ගීතයට මොකද උනේ..?? ටැබූ කියන්නෙ කව්ද..???
සුබ පැතුම් මගේ යාලු.......
බ්ලොග් කියවීමට ඇත්තටම ආස උනෑක හේතුවක් තමා සොඳුරු සිත. ඉතින් ජය මාත් අර තිස්ස අයියා කියලා තියෙන දේට එකඟයි......
අනේ මන්දා ඇයි අක්කට මේවා හරවත් කියලා හිතෙන්නෙ නැත්තෙ කියලා.ඔයාගෙ කතා අස්සෙ කොච්චර දේවල් කියලා තියෙනවද..
සුභ පැතුම් අක්කා...තව තව ලියන්න දිරිය ලැබේවා....
තව දෙයක් කියන්න අමතක උනා. බ්ලොග් අවකාශයේ සුන්දර හදවත් ඇති බොහෝ දෙනෙක් මං හඳුනා ගත්තේ මෙතනින්. කවි ලියන්න පුරුදු උනේ මෙතනින්. පොඩ්ඩි, විහඟ ගීතය (අප අතරින් සමුගත් කවි කාරයා) හඳුනා ගත්තේ මෙතනින්. ඒ නිසාම වත් ගේ සොඳුරු සිත සුවිශේෂයි මටනම්.
සුබ පැතුම් වත්, මගේ බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එක ඔබගෙන්. මමත් ඔය විදිහට මගේ අතීතය ආවර්ජනය කළොත් මුලටම එන නම වත් ගේ.
මේ වගේම තවත් කාලයක්ම ඉදිරියටත් එතනින් එහාටත් යන්න මගේ හදවතින්ම සුබ පැතුම්!
සුභ පැතුම් වත් අක්කේ... සාර්ථක දිගු ගමනක් යන්න ජය පතනවා...
පුංචි පුංචි කවි ලිය ලිය හිටපු මං කතා ලියන්න පෙළඹුනේ ඔයා නිසා, මතකද? ඔයාගෙ එක ලස්සන කතාවකට මං ඇවිල්ලා බලෙන්ම තව කොටසක් එකතු කළා ඇනෝ කෙනෙක් විදිහට. පස්සෙ මං ඔයාට මේල් එකක් දාලා කිව්වේ ඒ මම කියලා. එදා ඔයා මාව දිරිගන්වපු විදිහට මට ඒ වගේ දේවල් තව ලියන්න ආසාවක් ආවා. ගොඩාක් පින් අක්කේ. මං හැමදාම ඇවිත් ඔයාගෙ සොඳුරු සිතේ පහළ වෙන සොඳුරු සිතුවිලි කියවලා යනවා.
සුභ ගමන්!!!
මීට පස්සෙ මාව අඳුනන්නෙ නෑ කියන්න බෑ නෙ! අපේ පවුලෙ පිංතූරෙ එව්වනෙ. ඉක්මනට ඒකටත් කවියක් දාල දාහට ගමණ අරඹන්න.
ස්තූතියි සහ හිතට සතුටුයි මතක් කරාට!
ඔන්න මගෙනුත් සුභපැතුම් අක්කා....මනෝ විකාර උනත් ඔයා ලියන ඒවා හරිම රසවත්....දිගටම ලියන්න.....ඕං මන් නම් එනවා කියවන්න.....
500 ට මගේ සුභ පැතුම් පිළිගන්න, තව තවත් ලිවීමට ශක්තිය සහ කාල වෙලාව ලැබේවා...!!!
සුභපැතුම් සොඳුරු සිත.. සිත ගැන කිව්වම මගේ හිතට එන්නේ කතා දෙකයි.. එකක් සිතක් සොඳුරුවන තරමට මොනතරම් සිතුවිලි ඇත්ද? ඒ සොඳුරු සිත.. ඒ වගේම කතා නොකරන සිතක් තුල මොනතරම් කතා ඇත්ද.. ඒ හිස් අහස..
පන්සීයට ඇවිත් සුබ පැතුවා ඔන්න .
තව තව රස කතා නිතරම ගෙන එන්න ...
තව චිරාත් කාලයක් ලියන්න සොදුරු සිතට වාසනාව ධෛර්ය ලැබේවා...
සොඳුරු නොයෙක් දෑ සහ හිත සසල වන දෑ සම්මිශ්‍රනය කර ලියූ මේ ලිපි 500 පුරා ඔබේ හැඟීම් විඳීම් සියල්ල කා වැදී ඇති. සුභ පැතුම්. නිතර කමෙන්ට් නොකළත් ඔබේ ලිපි කියවනවා.( වත්, මම තවම අර ස්කිසොෆ්‍රේනියා සම්බන්ද ඔබේ අතීත අත්දැකීම කියවන්න බලාගෙන ඉන්නවා.)
@පන්සල් හංදිය
ස්තූතියි පංසල් හන්දිය...
-------------------------
@සයුරි
ඔයා උගන්වන කවි පාඩම මාත් බලනවා සයුරි. මම ඔය නමට හරි කැමැති. ජපන් කතාවක ඔය නම තිබ්බ දවසෙ ඉදල,සයුරි කීවම මට මතක් වෙන්නේ ඒ ලස්සන පුංචි ජපන් කෙල්ලව.
----------------------
@ගලයා
ස්තූතියි ගලයා. බ්ලොග් කියවීම අඩු කරරන්න නොදැනිම එයාට සිද්ද වෙයි... දොස්තර මහත්තයෙක් වෙන්න කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙ ද ඔයාට.
--------------------------
@Beetle
රණ්ඩු වෙන්න යාළු වෙන්න මට ඉන්න , හිත හොඳ හරි අපූරු යාළුවෙක්..ස්තූතියි බීටල්
-----------------------
@sampath
ඔවු සම්පත්, තවත් සමහරු මට ඔය කතාවම කියල තියේ. එහෙම බැලුවම අපි කවුරුත් එක වගේ හිතනව කියලයි මට නම් හිතෙන්නේ.හිතෙන් හිතෙන හැමදේම අකුරු වලින් ඒ විදිහටම ලියන්න පුලුවන් නම් කොයි තරම් නම් හොඳද.ස්තූතියි සම්පත්.
--------------------------------
@Podi Kumarihami
ඒ ගැන නම් කුමන කතා ද පොඩ්ඩියේ.... රවි අයියත් මේ තරම් හිතවත් වුනේ ඔයාගේ කමෙන්ටු නිසා තමයි. ඒත් මම බැලුව ඒ දවස් වල, මගේ ගෙදර ඇවිත් රණ්ඩු වෙන මේ ජෝඩුව තවුද කියලා.ඒත් දවසක් ඒ කමෙන්ටු ඔක්කම මකා දමා තිබ්බා.එදා නම් මට දැනුනෙ දුකක්. අපි සමහර අයව දැක්කම හිතනවා .ඒ අපි අදුරන කෙනා කියලා. ඒ හැටි. නම රුපය දැක්කත් අපිට සමහරු මතකයට එනවා. කොහොම වුනත් දැන් පොඩ්ඩිගේ වලවුවත් සශ්‍රීක ඉසව්වක්. මම දැකලම නැහැ ඒ වාගේ හෘදයාංගම ලෙංගතු බ්ලොග් හිතවතුන් එකතු වෙන වෙන තැනක්... රවි අයියා , ප්‍රියා ,බස්සා, ඒ කවුරුත් ඔයාගේ වලව්ව හරි ලස්සන තැනක් කරනවා... ඔන්න ඉතින් රවි අයියවයි ප්‍රියාවයි අදුන්නල දුන්නට මට නම් මොනා හරි ඕනිමයි හරිද?
-----------------------------
@තිස්ස දොඩන්ගොඩ
ස්තූතියි තිස්ස අයියා. ඒ සොඳුරු නෝක්කාඩුව හරිම සාධාරණයි කියල හිතෙන්නෙ නැද්ද අයියා. මිනිස්සු වෙනස් වෙනවා අප්පා. කොහොම වුනත් මතකය සුන්දරයි... අයිය මා නිසා නම් බ්ලොගය පටන් ගත්තේ, ඒක මගේ සොඳුරු සිතට ලැබුන වටිනාම අගනාම තෑග්ගක්...
හද ගී පොතට අපිත් දවස ගානේ ඇවිත් ගියා කාලයක්...දවස ගානේ පොතේ පිටු පෙරළුනා කාලයක්... ස්තූතියි අයියා
@Admin
අප්පොච්චියේ ලොක්කෙකුත් ඇවිත් තියෙනවා ..ස්තූතියි ඇඩ්මින් සහෝදරයා ස්තූතියි ගොඩාක්
-----------------
@Weni
ළඟදි හමුවුන , නමුත් බොහෝ කලක සිට දන්නවා වැනි යාළුවෙක් තමයි ඔයා... හොඳ අමු ද්‍රව්‍යයක් ලැබිල තියේ ලියන්න නම් මට. ඒත් ඒ ගැන තව විස්තර ඕනි.(ඔයාගේ කතාව ලියන්න ...ඒක හරිම ලස්සන කතාවක් වෙයි වෙනී )
මොකෑ බොල හින්නි නඟේ....ඔහෙ තාම පංසීයෙයි ලියැව්වෙ?....මක්ක කොලාය අවුරුදු දෙකක් තිස්සෙ?........පොල් ගෑවය?......මයෙ කම්පනාව දහක්කත් ලියන්ට ඇතිය කියල........හෙහ්, හෙහ්,
අම්මප මම හිතුවෙ දහක්කත් ලියල ඇතිය කියල.....ඇයි අප්පේ උදේ හවස කෑමට පෙර.....ආකාරෙට නෙව ඔහෙ ලියන්නෙ...
ඉතිං සේපාලිකා පඳුරෙ මලක් පිපුනත් ඒකටත් මොකක් හරි ලියනව......වැඩට යන ගමන් පාර අයිනෙ බලු පැටියෙක් කෙඳිරි ගගා හිටියද.....ගිය ගමන් ඌ ගැන මොකක් හරි ලිව්ව.....ඔෆිස් එකට අම්මෙකුයි දුවෙකුයි රාජකාරියකට ආවද ඔක්කොම පැත්තක දාල ඒ දෙන්න ගැන ඔන්න කතාවක් ලිව්ව...
" මිස්....අපි මේ ආවෙ....''
" අනේ අම්මෙ.... තරහ නැතුව අර පුටුවෙ වාඩි වෙලා පොඩ්ඩක් වෙලා ඉන්නවද?......මම මේ ලොකු වැඩක්......."
මව සහ දියණියයැයි බැලූ බැල්මට කිව හැකි ඔවුන් දෙදෙන ගැන කතාවක් ලිවිය යුතුයයි එක්වරම නැඟුනු සිතුවිල්ල බැහැර කරගත නොවුනු මම මේසය මත වූ ලිපි ගොනුවෙන් සුදු කඩදාසි කීපයක් ගෙන කතාවට මුල පිරීමි.
පෑන ද විකමින් කල්පනාවේ නිරත වූ මගේ හිතේ ඉපදුනු කතාව මෙසේය.එකත් එකටම මේ මව පැමිණ ඇත්තේ තම ස්වාමියාගේ විශ්‍රාම වැටුප පිලියෙල කර ගැනීමටය. දියණිය විශ්ව විද්‍යාලයට තේරී ඇති අතර හරිහැටි ආදායමක් නොමැති ඇයට දියණියගේ වියදම් දැරීම අපහසුය.එහෙත් විශ්‍රාම වැටුප සකස් කර ගැනීමට ඇති බාධකය නම ඇගේ මියගිය ස්වාමි පුරුෂයා සමඟ ඇය නීත්‍යානුකූලව විවාහ වී නොතිබීමයි.
ආහ්, හරි එහෙම තමයි වෙලා ඇත්තෙ....මිනිත්තු දහයක් ඇතුලත කතාව ලියා අවසන් කල මම මා දෙසම බලාසිටි මවට හිසෙන් කතා කලෙමි.
වහා නැඟී සිටි ඇය මා ඉදිරිපිට අසුන් ගත්තාය.
" අම්මගෙ කතාව ගැන මට හිතන කොටත් දුකයි...ඔහොම තමයි ජීවිතේ හැටි....ආදරේ කියන එක මතු උනහම වෙන ඕනම දෙයක් නොපෙනී යනව...ඒත් ඔයාලට තමන්ගෙ දූ දරුවො ගැන මීට වඩා හිතන්න තිබුන නේද? ''
දෑස් විදහා ඒ අසලම සිටගෙන සිටි දියණියගේ මුහුණ බැලූ මහලු කාන්තාව ඉන්පසු මදෙස බැලුවේ දෑස් කුඩා කර ගනිමිනි.
'' මේ මිස් මක්ක කියනවද කියල මටනම් අඳෝ සංසාරයක් තේරෙන්නෙ නෑ......මොකක්ද ගැනද ඔය කියන්නෙ කියල කිව්වනම්? ''
'' මම මේ කිව්වෙ ඔය අම්ම ආපු කාරණේ ගැන....මහත්තයගෙ විශ්‍රාමේ හදා ගන්න නෙවෙයිය මේ ආවෙ? ''
'' මොන විශ්‍රාමයක්ද?.....මගෙ මහත්තය තාම දෙයියන්ගෙ පිහිටෙන් වැඩ.......මම මේ ආවෙ මේ මගෙ දුවගෙ අයිඩෙන්ටි කාඩ් එක හදාගන්න පෝරමේ අස්සං කරගෙන යන්න......''
'' ආහ්...එහෙමද?...කවුද දන්නෙ?.....කලින් කියන්ට එපාද?...... ඒත් අම්මෙ....ඒ අයිඩෙන්ටිටි කාඩ් වැඩේට ආව උනත් එහෙම එක පාරටම කියන්න එපා....මෙන්න මේ වගෙ කතාවක් ගොතල කියන්න....අනේ නෝනේ....මායි මයෙ මනුස්සයයි කසාද බැන්දෙ නෑ.....උඹ වරෙන් මා එක්ක කියල එයා කිව්ව.....මාත් හාය කියල එයා එක්ක ගියා....දැන් එයා නැතිවෙලා....මම මේ ආවෙ පැන්සන් එක මගෙ නමට හදාගන්නෙයි කියල....මගෙ මේ ලොක්කි විස්ස විද්යාලෙට මේ පාර තේරිල...මට තනියම වියදම් කරගන්ට අමාරුයි ''
එවර නම් ඇගේ ඇරුණු මුවින් බුලත් කහට බැඳුනු දත් දෙපෙලද මට දැක ගත හැකිවිය...ඇගේ දියණිය මද සිනහවක් රැඳුනු මුවින් යුතුව මා දෙසම බලා සිටියාය.
'' ඒ මොකටද මිස් මම එහෙම බොරු කතාවක් කියන්නෙ? '' මව ඇසුවේ ඉදිරියට නැවී මේසය මත දෑත් රඳවමිනි.
'' ඔය ගොල්ල එහෙම අපූරු කතා හදල කිව්වෙ නැත්නම් අම්මෙ,...... අපි කොහොමද කතා, කවි එහෙම ලියන්නෙ? දැන් බලන්න අවුරුදු දෙකක් තිස්සෙ මම තාම කවි, කතා... 500 යි ලියල තියෙන්නෙ....විලි ලැජ්ජාවෙ පන යනව....ඔයාලගෙන් නෑනෙ අපිට කිසිම සහයෝගයක්......එහෙම නැතුව මේ මේ වැඩේ දිගටම කරගෙන යන්න නම් බෑ....මදි... මදි... සහයෝගය නම් හොඳටම මදි.....කිව්වට මා එක්ක අමනාප වෙන්න එපා......මූණටම කියන්ට තියෙන එක කියන එක මගෙ ගතියක්.''
මාදෙස මද වේලාවක් බලා සිටි ඇය අසුනින් නැඟිට මොනවාදෝ මුමුණමින් යන්නට ගියාය. දොරටුව අසලදී ඇගේ අත ගසා දැමූ තරුණිය ආපසු දිව ආවාය.
'' අක්ක නේද සොඳුරු සිත ලියන්නෙ?......අනේ හරි ලස්සනයි.....මම පුලුවන් හැම වෙලාවෙම බලනව.....අක්ක...මේ කතාව අක්ක හිතපු විදිහට ලියන්න...''
මා දෙස බලා නැවත වරක් මුව පුරා සිනා සුනු ඇය දොරටුව අසල නොඉවසිල්ලෙන් බලා සිටින මව හා එක්වීමට දිව ගියාය.
Truth is stranger than fiction............isn't it Wath?
This is my appreciation & tribute to an exceptional young woman....A one of a kind,....heh, heh
සොඳුරු සිතට සුභ පැතුම්..!!
Congratulations!
@පැතුම් හර්ෂණ
ස්තූතියි මල්ලි. එහෙනම් අපි ඒ හාදයගේ ලින්ක් එකත් ලිපියට එකතු කරමු නේද? අපරාදේ ? අද හිටියනම්...
මට කවදාවත් කමෙන්ටුවක් නොදාපු, නමුත් මම හැමදාම කියවලු බ්ලොග් එකක් ඒක. ස්තූතියි පැතුම් හර්ෂණ.
----------------
@priyantha
මට මතකයි. බොහොම සුන්දර අහිංසක මිතුරෙක් ප්‍රියන්ත. මට මතකයි අපේ ගම් පළාතට ආපු දවසෙ ප්‍රියන්තව මුණ ගැහුන දවස. අව්‍යාජ මිතුරෙක් විදිහට අදටත් හදුන්වන්න පුලුවන්.
උපේක්ෂාව රැදුන සිත ආභරණයක් ....
ස්තූතියි ප්‍රියා..........පොඩ්ඩිව රවි අයියව විශේෂයෙන් විහඟව අදුන්වලා දුන්නෙ මම නම් , ඔන්න ඉතින් චොකලට් එකක් හෙම දුන්නට එපා කියන්නේ නැහැ ඕං
Raj
ස්තූතියි රාජ් .......
--------------
@පිස්සා පලාමල්ල
බ්ලොග් අවකාශයට ආපු මුල්ම කාලේ අදුන ගත්ත පිස්සෙක් තමයි මේ.ඒත් මට මතක හැටියට පිස්සන් දෙකක් හිටියා. වර්ඩ් ප්‍රෙස් පිස්සයි, ඊබ්ලොගර් පිස්සයි.මම හරි නේද. ස්තූතියි පිස්සො...
---------------
@සුපර් මාරියෝ
ඔය දරුවා බොහොම ත්ම ආධුනිකයෙක් වගෙයි. ටැබූ කියන්නේ සිංහල බ්ලොග් අවකාශයට පායපු තරුවක්, පායලා උපරිම දීප්තියෙන් ඉද්දි බැහැල ගියපු කිසිවකුත් නාදුනන නමුත් සැමදෙනාම කියවපු බ්ලොග් එකක හිමිකරුවෙක්.ඒත් ආවා ගියා , කවුද කින්ද මන්ද දන්නෙ නැහැ. සමහරු නම් කියනවා , දැනුත් ඒ හාදයා අපි අතරම සරනව කියලා. ඔය උඩ ලින්ක් එකක් ඇති බලන්න කො ඒක දිගේ ගිහින්.
එතකොට විහඟ ගීතය කියන්නේ , බොහොම අපූරුවට කවි ලියන තරමක් වයසින් මුහුකුරා ගියපු අපූරු බ්ලොග්කරුවෙක්. කවි කිවට මේ මම ලියන කවි වගේ නෙමෙයි. අපූරුවට ගැලපෙන පද, අපූරු වචන , ලස්සන තාල තියෙන හරිම සංවේදි කවි. ඒත් කියන්න දුකයි. අපිටත් නොදන්වා ම දවසක් විහඟ ගීතය සදහටම නිහඩ වෙලා තිබ්බා. ඒත් ඒ බ්ලොග් එකත් දැන් එතුමාගේ ආදරණිය භාර්්‍යාව කර ගෙන යන බවක් පේනවා
@නිශ්
අහා....... තිස්ස අයිය කියන දේට එකඟයි ද? මතකද ඉස්සෙල්ලම ඔයාට තිස්ස අයියව මුළ ගැස්සුවේ කවුද කියලා. හෙහ් හෙහ්... කවුද හිතුවේ හැමදාම කතා බහ කරන නිශ් මේ තරම් හොඳ යාළුවෙක් කියලා. පුංචි දෝණි නිසයි යාළුකම ඇති වුනේ... ස්තූතියි නිශ්.
@නිසුපා
මනෝ විකාර කියන්නේ නරක දෙයක් නෙමෙයි. මනෝ විකාර වලට ඇබ්බැහි වීමයි හොඳ නැත්තේ. කොහොම වුනත් ලිවු දේ වටිනේනේ කියවන්න කෙනෙක් ඉන්නකම් විතරයි . කියවන්න අය නැතිව ලියල මොට ද? ෆෝ මයි අයිස් ඔන්ලි කියලා , තමන්ටම කියවල බලල සැනසෙන්න අපි ලියන්නේ දින පොත්. ඒවටත් කාලෙකදි හොද වටිනකමක් දෙන්න පුලුවන් හොද ලියන්නෙකුට හමුවුනොත්
ස්තූතියි නිසුපා
----------------
@හිරණ්‍ය
ඔබ වැන්නෙකුගේ බ්ලොග් එකේ පළමු කමෙන්ටුව මගෙන් කියන්නේ , ඉතින් මට සැබෑම සතුටක්. සාමාන්‍යෙයන් පළමු කමෙන්ටු ලියන්න මම හරිම අකැමැති. මගෙන් වගතුවක් නූනොත් කියල බයයි. හිරණ්‍යට තව තවත් ලියන්න සුබ පැතුම් වගේම හිරණය ගේ සැතපුම් කණුවක් ලඟදි මගේ නමත් මතක් කරනකම් මම බලා ඉන්නවා.
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
ඔවු මට මතකයි. ඔයාට තිබ්බේ තමන් ලියන දේ අනුන්ට පෙන්වන්න තිබ්බ ලැජ්ජාව සහ හීනමානය. ඒත් ඒ කතා හොඳයි. අපි කවුරුත් ලියන්න පටන් ගන්නෙම ගත්කතුවරු වෙන්න නෙමෙයි නේ (සුපුන් සුදාරක කෙහේ හෝ කියා තිබුනා මතකයි එහෙම )
ඉස්සෙල්ලම ඉස්සෙල්ලම ලියන දේ හොඳ නැති වෙන්න පුලුවන්. ඒත් ලියන්න ලියන්න තමන්ට ම වැරැද්ද තේරෙනවා. සමහරුනට ලීවිමේ හැකියාව උපතින්ම ආව වාසනාවක්.(අපේ සඳරු වගේ)
සුපුන් සුධාරක කීව වගේ “ ගත්කතු වරයෙක් වෙන්නම නෙමෙයි අපි ලියන්නේ “ එහෙම නේද ?
@ඉන්දික උපශාන්ත
පින්තූරය හම්බුවුනා. බොහොම අපූරු පවුලක් නෙව. කවියක් නෙමෙයි කවි දෙක තුනක්ම ලියන්න පුලුවන් ඒ පින්තූරයට නම්. ඒ වගේ උණුසුම් පවුලක් දැක්කමයි... ළඟ දිම මම ඉන්දික ගේ ෆැමිලි ඇල්බම් එකේ ලස්සනම පින්තූරයට ලස්සන කවියක් ලියල පළ කරන්නම්...ස්තූතියි පින්තූරයට වගේම කමෙන්ටුවටත්
-----------------
@Observer
නව යුගය සඟරා ටික ගෙනියන්න ඔබතුමා කවදද එන්නේ. බ්ලොග් අවකාශයට එකතු වුන වෙනස්ම මුහුණුවරක් දුන්නු කෙනෙක් විදිහටත් ජේෂ්ඨ පුරවැසියෙක් විදිහටත් , ගොඩාක් ස්තූතියි ඔබ්සර්වර් ....
@ක්සැන්ඩර් | Xander
හැබෑමයි. අද තමයි මටත් ඒක මීටර් වුනේ. සැබෑ කියවන්නෙක් . සියුම් දේවල් මතක හිටින්නේ එහෙමත් අයෙකුට තමයි.ස්තූතියි ක්සැන්ඩර්.
@Gimhani
ස්තූතියි ගිම්හානි.
මයියා ( Mayya)
හෙහ් හෙහ් ......කලකින් ඇවිත් මේ පැත්තේ . මතකද ඔයාගේ රහස. මම කාටවත් කීවේ නැහැ ඒක... හෙහ් හෙහ්.... ස්තූතියි මයියා ( Mayya)
සුභ පැතුම් වත් අක්කේ.. එදා අක්කගේ කතාබහත් ඇහුවා.. තව ඉස්සරහටත් ලස්සන කතා ලියන්න.. මං හැම වෙලාවකම එනවා සොදුරු සිත දකින්න...
ජයවේවා අක්කේ, මම ඔයාව හමු වුණ දවසකත් කිව්වා වගේ ඔයාගේ බ්ලොග් එක නිවී සැනසිල්ලේ කියවන්න ඕනේ බ්ලොග් එකක්. මම මුලින්ම බ්ලොග් කියවන්න පටන් ගත්තේ ඔයාගේ බ්ලොග් එකෙන්,. වත් කියලා ඔයා බ්ලොග් ලියන කාලේ. ඒ කාලේ ඉඳන් අද වෙනකන්ම මම ඔයාගේ බ්ලොග් එක ගොඩාක් ආසාවෙන් කියෙව්වා. හැම එකටම කමෙන්ට් නොදැම්මත් ගොඩාක් ආසාවෙන් කිඔයවපු බ්ලොග් එකක් තමයි ඔයාගේ බ්ලොග් එක,. තව තව අර්ථවත් නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,.
මගේ අම්මෝඔ :D ජය වේවා..!!
AnithKona
ස්තූතියි.... ඒත් මොකක් ද අර අමුතු වචනය. මොකක් ද.මට මතක නැහැනේ... ස්කිසොෆ්‍රේනියා
කොමෙන්ට් නොකලට මමත් හැමදාම වගේ කියවා රස විඳිනවා. 500 කියන්නේ සුළු පටු දෙයක් නෙමෙයි. ජයම වේවා...!!!
සුබ අනාගතයක්....!!!!
500 ක් නෙවෙයි 1000 ක් ලියන්න සුබපතනවා. කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරිවුනා. සමාවෙන්න ඕනා :)
500 සංවත්සරේට මෙන්න මගෙනුත් සුභ පැතුම්... තව තවත් සොඳුරු සිතුවිලි වචන වලට හරවන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...
ආව දුර වගේම තවත් බෝහෝ දුර යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ...සුබ පැතුම් ඔයාට
විහග ගීතයට ඔබෙන් ලැබුනු දිරිගැන්වීම් අමතක වෙන්නේ නැහැ කවදාවත්.ස්තූතියි නංගී. සදා නොමැකෙන මතකයන් තබමින් ඔහු අපෙන් වෙන්ව ගිහින්.මෙතෙක් නොලියූ ඉසව් කරා ගොස් තව තව ලියන්න ශක්තිය ඔබට ලැබේවා!..........
ප්‍රියංගී
උණුසුම් සුභ පැතුම්!!
henryblogwalker aka Dude
බොහොම ප්‍රමාදයි ...ප්‍රමාද වෙලා ඇවිත් හරි මෙන්න මගෙන් උණුසුම් සුබ පැතම්!!!!!!!
අක්කා ලියන්නේ විකාර නම් මම් ලියන්නේ මල විකාර. මගේ බ්ලොග් එකට ඉස්සෙල්ලම දාපු කමෙන්ට් දෙක තුන ඇතුලත අක්කගේ කමෙන්ට් එකත් අනිවා තියෙනවා.
මට සුබ පතන්නත් අමකත උනා නෙව. බ්ලොග්කරණය තුල දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා පතනවා.
ඉතාම කෙටිකාලයකදී හඳුනාගත්තත් නංගියේ ඔබ සොඳුරු හිතැත්තියක් බව තේරුම් ගත්තා. නිතර කමෙන්ටුවක් නොදැම්මට ඔයාගෙ හැම නිර්මාණයක්ම කියවන්නේ හරිම ආසාවෙන්. ඉතින් තව ඉදිරියට වටිනා නිර්මාණ අපි අතරට ගෙනෙන්නට ඔයාට දිරිය ශක්තිය වාසනාව ලැබේවා! කියල සෙනෙහසින් පතනවා.
අපොයි මේ දවස් වල අසනීප නිසා වැඩිය පරිඅගණකේ ගාවට එන්නෑ අක්කේ ඉඅතින් සුබ පතන්න එන්න පමා වුණා .. සොරි ඈ
අක්කන්ඩි තව තව ලිපි ලියන්න ඔය අත් දෙකට වර්ම් ලැබෙන්ඩ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට ජයවේවා
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.