..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, October 4, 2011

෴ අලුගෝසුවා / Executioner ෴




රටේ ගැලවුම්කාරයා

අපේ කාලයේ වීරයා
පෙළ ගැසෙවු අමනයනි දැන්
ශිශිර කාලය නිමයි
රටේ භාග්‍යය තමයි


අගු පිලේ ලැගලා තිබූ
මිනිස් සිත් අහුලා ගමූ
පවක් කෙරුවොත් සිහිනයෙන් වත්
ගෙල සිඳෙයි සිරුරින්
මිනිස්කම වැජඹෙයි


හේතුව පස් යට ලියන කාලේ
ඵලය සොයා නසනා
මරණය මිස නැහැ අහන්නෙ බෙහෙතක්
මිනිස්කමට අගනා


---------------------------------
ප/ලි :-

බල්ලකු මැරුණත් මහ පාරේ
“අනේ අපොයි “ කියනා
මිනිසුන් සිටියලු ඉස්සර කාලේ
දැහැමි දිවිය ගෙවනා

9 ප්‍රතිචාර:

නෙරංජි | Neranji said...

ලස්සන කවියක්.... අක්කා ...

ඉන්දික උපශාන්ත said...

"බල්ලකු මැරුණත් මහ පාරේ
“අනේ අපොයි “ කියනා
මිනිසුන් සිටියලු ඉස්සර කාලේ
දැහැමි දිවිය ගෙවනා"


පුවක් ගස් වල බැඳලා
කකුල් දෙපසට ඉරනා
උලක් මත වැඩ හිඳුවා
යවුල බොක්කෙන් ගන්නා
උනුත් හිටියේ ඒ කාලෙමයි
අනේ කුමකට කියනා...

Dinesh said...

ලස්සනයි අක්කේ...

Ravi said...

අළුගෝසුවා ගැන කියන කොට ඊළඟට මතක් වෙන්නෙ මරණීය දණ්ඩනය....

මම මරණීය දණ්ඩනයට පක්ෂයි,හදිසි කෝපයකින්, දැඩි පෙලඹවීමකින් කරන මනුෂ්‍ය ඝාතනයකට ඇරෙන්න කලින් සැළසුම් කොට හෝ නිරපරාදේ කරන ඝාතන වලට මරණ දඬුවම දෙන්න ඕන කියන එකයි මගේ අදහස.

මෙතන ගැටළුවක් එන්නෙ සෑම මිනිසෙකුටම හිමි ජීවත් වීමේ අයිතිය තවත් කෙනෙකුගෙන් උදුරා ගන්න අපට අයිතියක් තියනවද කියන එකයි...ඒත් මම හිතන්නෙ හිතාමතාම තව මනුෂ්‍යයෙක් ඝාතනය කල වහාම ඒ පුද්ගලයා තමන්ට ජීවත් වීමට ඇති අයිතිය ස්වයංක්‍රීයව හිමි කර ගන්නව කියන එකයි.

තව ප්‍රධාන ගැටළුවක් වෙන්නෙ නිරපරාදෙ අහිංසකයෙක් මරණයට කැප වීමට ඇති ඉඩ කඩයි.අද ලෝකෙ යුක්තිය ක්‍රියාත්මක වෙන ආකාරය අනුව මෙහෙම දේවක් සිද්ධ වෙන්න ඕන හැටියෙ ඉඩ කඩ තියනව කියන එකත් සලකා බැලිය යුතු කාරණයක්,

" It's better to let a thousand guilty go free than put one innocent to death "මෙහෙම කතාවකුත් තියනවනෙ........

පහුගිය සුමානෙ මම කියෙව්ව ඔන්න ඔහොම කතාවක්....අහිංසක තරුණයෙක් තමන් නොකල මනුෂ්‍ය ඝාතනයකට වැරදි කරු වෙලා මරණීය දණ්ඩනයට පත්වෙනව.....අවසන් මොහොතේ නියම ඝාතකය ඉදිරිපත් වෙලා පාපොච්චාරණය කලත් අධිකරණය එය පිළිගන්නෙ නෑ.....පසුව ඒ මරාදැමූ තරුණයා නිල වශයෙන්ම නිදොස් උනත් එතකොට වෙන්න ඕන හරිය වෙලා අහවරයි.....

http://www.jgrisham.com/the-confession/

Ravi said...
This comment has been removed by the author.
The Lion said...

කවි පෙලත් අගෙයි
අදහසත් කදිමයි
රවීගේ අදහසට
මේ මාත් එකඟයි ............

මාතලන් said...

අනේ අපොයි කිය කිය ඉඳලා හරියන්නේ නෑ. කාළකන්නි යුද්ධයකින් පස්සේ මේ වගේ කාළයක් එන එක වලක්වන්නත් බෑ. දඬුවම් නම් තද කළ යුතුමයි.

nawammawatha said...

සදාචාරය, ආගම, රාජ්‍යපාලනය එකිනෙකාගෙන් ස්වායත්තව පවතින දවසට මිසක් ලංකාවෙ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නෙ නෑ...කලබොල වෙන්න කාරියක් නෑ. පුස් වෙඩි පත්තූනාට මිනිස්සු මැරෙන්නෙ නෑ..

Sujeewa Kokawala said...

පොලිස්කාරයෙකු මැරුවා කියා මරා දැමුණු ඇමරිකන් ජාත්ඉකයඇ [සති දෙකකට කලින්] මැරෙන මොහොතේදීත් පිලි ගත්තේ නැහැ. ඔහු කීවා ඔහු වෙනුවෙන් කතා කරන මිනිසුන්ට එය දිගටම අරන් යන්න දවසක් ඔහුගේ නිර්දෝෂීකම හෙළි වෙයි කියලා.

මා මරණ දඬුවමට විරුද්ධ මෙන්න මේ එරර් මාජිං එක නිසාවෙනි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...