..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, October 27, 2011

෴ සරා සඳ පැන ගොසින් අහසින් ෴



සරා සඳ , ඇත වසා ගෙන ලැම

දුහුල් තිර සළු වළා පෙළ ගෙන
බිමින් ඉඳ ඔබ දෙනෙත් නොගෙනම
බලයි සඳ දෙස වළා පෙළ දෙස

සරා සඳ නුඹෙ යහන වෙත ගෙන
උනා සළු පිළි රස සොයනු මැන
සඳේ හිස් තැන මොහොතකට ගෙන
අරා අහසම වැජබෙමිය මම

සඳේ තනියට පුංචි තරුවක්
සිටී බව අමතක වෙලා අද
සරා සඳ පැන ගොසින් අහසින්
නුරා රස සොය සොයා රහසින්

සරාසඳ  රස උරා ගත් සද
එපා යයැ විසි කරයි අහසට
සඳේ නුඹෙ ඒ දවස එන තෙක්
අරා අහසෙම සිටිමි මං
එපා වුන කළ නුඹට මගෙ සඳ

මගේ අහසට විසි කරන්



සඳ අහසට එනකම් , බලන් ඉන්න ,තනි තරුව
මම
෴ සොසී ෴

18 comments:

  1. හ්ම් ලස්සන කවියක් මම කොහොමත් කැමති තාලේ කවියක් තමයි මේක

    . අපි බස් රේඩියෝව ඇහුවා හරී ..

    ReplyDelete
  2. //සරා සඳ පැන ගොසින් අහසින්
    නුරා රස සොය සොයා රහසින්//

    සඳ අනිවාර්යෙන් පිරිමියෙක් වෙන්ටැති.:D

    ReplyDelete
  3. සඳේ තනියට ළඟ එදා උන්
    පුංචි තරුවක් රජ වෙලා අද
    තරුව වටකර රැඳී සිටි උන්
    අනේ අද අමතක වෙලා...

    ReplyDelete
  4. වත් වගෙ හිත වගේම සොඳුරු පද ටිකක්...අපිත් කතා බස් ඇහුවෝ...

    ReplyDelete
  5. වෙන උන් තළලා දාපු තලපයක් මොටැ බොට....

    ReplyDelete
  6. හම් හම්.....ලස්සන කවියක් අක්කා.....

    ReplyDelete
  7. @Raj
    හෙම හිතන්න පුලුවන් ද ඇත්තටම කෙනෙක්ට ආදරය නම්?

    @දිල්
    බොහොම ස්තූතියි දිල්.

    @නාට්‍යකාරයා
    බොහොම ස්තූතියි නාට්‍යකාරයා.

    @Weni
    මෙන්න බලහල්ලකෝ. අපේ වෙනීත් කවිකාරයෙක් වෙලා.

    @Podi Kumarihami
    එහෙම කියන්න එපා පොඩ්ඩියේ. නුරා රස සොයා යන පිරිමින් විතරක් නෙමෙයි . ගැහැණුත් ඉන්නවා...

    ReplyDelete
  8. @ඔබ නොදු‍ටු ලොවක්...
    ඔවු... සඳ නැති දා අමාවකයි තමයි... ඒත් හැමදාමත් අමාවක නැහැ නේ... ස්තූතියි ඔබ නොදු‍ටු ලොවක්...

    @හිස් අහස
    සඳරු ඉතින් කවදත් මම ලියන දේට කැමැති නෙව... බස් රේඩියෝ ඇහුවට ස්තූතියි...

    ReplyDelete
  9. හාමිනේත් මාත් මේ දැන් බස්-රේඩියෝ හඬ පටය අහලා ඉවර කළා! ඔබේ කට හඬින්ම ඔබේ අදහස් අසන්න ලැබීමත්, ඔබ මගේ බ්ලොග් කැල්ළ කියවන බව ඇසීමට ලැබීමත් සතුටක්.

    අනේ වත් මට නං කමෙන්ට්ස්වලට ප්‍රති උත්තර බඳින් වෙලාව හම්බ වෙන්නේ ඉතාම කළාතුරකින්.

    -KK

    ReplyDelete
  10. අක්කේ ඔන්න මමත් ඊයේ කතාබස් ඇහුවා..

    කවිය නම් ඉතින් හැමදාම වගේ ලස්සනයි...

    ReplyDelete
  11. ම්..ම් සහොදරිගේ කැමැත්තක්.....

    ReplyDelete
  12. මාර වැඩක්නේ මේක. ඕන වෙලාවට තියාගන්නයි එපා වෙනකොට විසි කරන්නයි.

    ReplyDelete
  13. ලස්සනයි... හැඟුම්බරයි..

    ReplyDelete
  14. ලස්සනයි... හැඟුම්බරයි..

    ReplyDelete
  15. ඕනවෙනකොට ලඟට අරන්, එපා වෙනකොට විසිකරන..... අයාලෙ ගිය හඳක් මොටද....

    ReplyDelete
  16. සරා සඳ යලි
    අහස් කුස වෙත
    පැමිනෙතැයි මග
    බලන්නේ තරු කැට..
    සරා සඳ නැති
    හිස් අහස් කුස
    එලිය දෙන්නේ
    තරු කැට බව
    නොදන්නා නියාවෙන්දෝ....
    -----------------------
    බොහෝම ලස්සන..කියවලත් ගොඩක් දේවල් හිතන්න ඉතුරු වෙන ශ්‍රේෂ්ඨ කවි පන්තියක්

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...