..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, October 24, 2011

෴ කවි පොතක මතකය ෴


නිදන්න ගත්ත වෙලාවේ ඉඳල , සිහින දකින එක සොසී ගේ උප්පත්ති උරුමයක්. ඇහැපිය වෙන වෙලාවේ ඉදලම , හිමිදිරියේ ඇස් අරින කොටත් හීනවල බාගයක් ඇස් පියන් වල තැවරිලා තියෙනවා. ඒ නමුත් බිමට පය ගහපු වෙලාවේ ඉදල ඒ දැකපු කිසිම කිසි හීනයක් මේ සොසී ට මතක නැහැ. සොසීට නම් ඒකේ කිසි ගැටළුවක් නැත්තේ , අනිත් දවසෙ රාත්‍රියෙත් පෙරදා වාගේම හීන ගොන්නක් සොසීගේ ලෝකය අරක් ගන්න නිසා වෙන්න ඇති.

ඒත් මහ පුදුමාකාර විදිහට , ඊයේ රාත්තිරියේ දැකපු හීනයක් සොසීට හොඳට මතකයි. හීනෙ පැහැදිලව පේළියට මතක නැතත් , කවුදෝ මෙහෙම කියනව සොසීට මතකයි.

“ සොසී , සොසී , බ්ලොග් නැති වෙන්නයි යන්නේ , සොසී ලියපු කවි , කතා , මනෝ විකාර ඔක්කම සොසීට නැති වෙයි “

කවුරු නමුත් කියපු කතාව ඇත්ත. සොසී ලියපුව ඔක්කම තියෙන්නේ , කිසිම සංවේදනයක් නැති වර්චුවල් අවකාශයේ.ඔන්න එහෙම හිතුවම තමයි , සොසීට සොසීගේ පරණ කවි පොත මතක් වුනේ.
මේ තියෙන්නේ ඒ පොත තමයි


තකහනියක්ම පොත් ගොඩ අවුස්සල , දුවිලි බැඳිල තිබ්බ කවි පොත පිහදාල , ආයෙත් පොතේ ලියන්නයි මේ ලෑස්තිය.


සිතට දැනෙන සොම්නස දුක
තුල පන්හිඳ කවා
කිසිවකුටත් නොදැනෙන ලෙස
සිතුවිල්ලක බහා
පිටුම පිරුණ පුංචි පොතක
තරු ලකුණක් දමා
මා ලියු කවි කියවන්නට
නුඹ ඇයි දෝ පමා



වෙලාවට තව පිටු ගොඩක් ඉතිරි. ඒත් කවදහරි මේ පොත ඉවර වෙනකම් කවි ලියන්න මට අවස්ථාවක් නොලැබේවා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.

හේතුව මෙන්න මේකයි.

අන්තිම පිටුවේ කවියක්
ලියවෙන්නට පෙර
නුඹ ආවොත් හොඳයි අදම
පොත නැති වෙයි හෙට

අන්තිම පිටුවේ කවි නොලියන
මම
෴ සොඳුරු සිත ෴




පලි- ඔය සොසීය කියල , සොසී හිතාන ඉන්න විදිහෙ ( සොසී දන්නව , සොසී ඒ තරම් ලස්සන නැහැ කියල ) ලස්සන පින්තූරයක් තියෙනව නේද, ඒක ඇන්දෙ නම් සොසී නෙමෙයි, ඒ පින්තූරයේ අයිතිය යන්නේ , තවත් සිංහල බ්ලොගර් කෙනෙක් වනේ අපේ JD මලයට තමයි ඕං. . . .

18 ප්‍රතිචාර:

ගලයා said...

ඔන්න ඉස්සරෝ ම කොමෙන්‍ටුව දාන්නේ මම...ඒක තමා පරණ දෙවල් අමතක කරන්නත් හොඳ නෑ.......ඒවා කවදහරි ඕන වෙනවමයි......

ජේ.ඩී said...

අඩේ........... සොසී අක්කා පින්තූල කැල්ල කවිපොතෙත් අලවලානේ :D හී හී

පූසා said...

ඔය කවි පොත අපිට පොත් කඩේකින් මිලට ගන්න පුළුවන් වෙන්නේ කවදද අක්කේ? :)

සිතුවිලි නිහඬයි said...

අනේ....මටත් තිබුණා කවි පොතක් අක්කා.....සුනාමියට සේරම ගියායින් පස්සේ පොතක ලියන එක නැවැත්තුවා.....

ආයේ පටන් ගන්න ඕන.....!!

නිසුපා said...

පොතේ ලියන ලියන කවිය මේකටත් දාන්න අක්කේ...

Anonymous said...

කැඩපතකින් මූණ බලලා හිටියනං හොඳයි

Raj said...

ඉක්මනටම ඒවී....

සොඳුරු සිත said...

@ Anonymous
ඔවු ,ඔබ හරි , සොසී දන්නව සොසී මේ ඉන්න පින්තූරයේ තරම් ලස්සන නැහැ. ඒ වග මතක් කර දුන්නට ගොඩක් ස්තූතියි.

Podi Kumarihami said...

සොඳුරු හදවතක් තියන සොසී මට නම් කවදා දැක්කත් ඔය පින්තූරේ වාගෙම පෙනෙයි.

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

හරිම අපූරු පොතක්. දැක්කම හරි ආසා හිතුණා. ඝන පිට කවරෙත් එක්ක, මේ වගේ මුල් පිටුවක් ආවම හරි ලස්සන නිමාවක් ලැබිලා තියෙනවා අක්කගෙ පොතට.

පිස්සා පලාමල්ල said...

පැරැණි මතකයන්... වගේම ලස්සන පින්තූරේ... ජේ ඩී දස්සයා

Ravi said...

ජීවිතෙම කවියක්,
මුල් පදය මම,
කුරුටු ගෑවෙමි,
අග පදය තවමත්,
බොඳ වෙලාගිය,
සැබෑ නොවනා,
සි....හි....න....ය...ක්,

සහසකුත් හැඟුමන්,
හදවතේ නැඟි බුබුළු ලන මේ,
වේදනා දහසක්,
අකුරු ලෙස ඇමිණුවේ පත් ඉරු,
මතට නෙත කඳුලින්,

සිතට දිව ඔසුවක්,
ජීවිතෙට මඳ ඉසුඹුවක්,
ලබාගන්නට කවි ලියූවෙමි,
ජීවිතෙම මගෙ,
සොඳුරු වූ කවි පොතක්,

හිස් අහස said...

අප්පච්චියේ ඔය පොත කඩෙන් ගන්න හැකි දවස කවදා උදා කරනවාද අක්කේ

ඔබ නොදු‍ටු ලොවක්..... said...

පොත අච්චු ගැහුවනං හොද ගානකට විකුනන්න තිබ්බා......

Hendirikkamala said...

දයාබර වත්........
මටත් තියනව කවි පොතක්..
ඒ කවි පොත මෙ වගෙයි.....

කවි පොත මා සතුය..
කවි ලියා අත්තේ මා ගැනය
නමුදු කවි අන් සතුය...
ලොවට හොරා ලියූ කවි
මම දැනුදු කියවමි.. සුවඳ විඳිනෙමි..
මම නොදැන හුන් මා ගැනම ලියු..
කවියාට පොත අයිති නැත
කවියෙක් නැති කවි පොත මට අයිතිය..
කවියා යලි නොඑනු ඇත...

(නුඹත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා)

පොඩි මෑන් said...

සොසීව දැක්කෙ එක දවසයි.. කතා කරේ වචන කීපයයි... ඒත් සොසීගෙ ලෙංගතු කම තාම මතකයි


ඒක මාරම ලස්සනයි සොසී අක්කෙ...



ඒක ඔය සොසීට වඩා පිට පොත්ත ලස්සන උන්දලගෙ ගෑවිලවත් නැතුව ඇති...

මධුරංග said...

දැන් ඔය පොතේ මැදක් හරිය වෙන්ටෑ යන්නේ.
එයා ඉක්මනටම ඒවි අක්කේ. ඔයා බය වෙන්නෙ නැතුව හිටින්.

Chandi said...

ලස්සනම ලස්සන මතකයක ආවර්ජනය. පොත කවදා හරි එලි දකීවි නේද? නංගියේ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...