..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 23, 2011

෴ රුවල් ඔරුව ෴

අතීත දවසක මතක එකතු කර
හදා එයින් ඔරුවක්
රුවල් ලෙසට ගැට ගසා මගේ සිත
පිඹමි සුසුම් ලතැවුල්
එන්න එපා ආයෙත් මේ ඉවුරට
දෙවියන් හට මතුරා
යැවූ රුවල් ඔරු ගොඩට ගසා ඇත
කුමක් කරමිදෝ මා
රුවල් ඔරුවල ත් කප්පිත්තන් ඉන්න ව ද?

කප්පිත්තෙක් සොයන
මම
෴ සොඳුරු සිත ෴

16 ප්‍රතිචාර:

බස්සා said...

ඔන්න අද නම් මම තමයි එකට...

අපේ ජිවිතත් වෙලාවකට රුවල් ඔරැ වගේ..
කොයි තරම් කැමති උනත්..
හුලඟත් එක්ක හාද වෙන්න...
ආදරෙන් ගමන් යන්න...
හදිසියෙම එන කප්පිත්තන් නිසා..
මුලු ගමනට කනපිට හැරෙනවා...
අන්තිමට අසරන වෙච්ච රුවල් ඔරු..
අඳුනන හුලඟ අමතක කරලා..
කොහේවත් නැති කප්පිත්තට අවනත වෙනවා..
මම නම් කැමතියි ..
ඔහේ පාවෙන්න...
හුලඟට ඕනේ විදියට..

පන්සල් හංදිය said...

හත්තිලව්වෙ අතීතය පස්සෙන් පන්නනවද .......
ලස්සන පබැඳුමක් ......

සොඳුරු සිත said...

ස්තූතියි බස්සෝ.........මේ රෑ ජාමේ උඹයි මායි විතරයි....කප්පිත්තා පැනල ගිහින් වගේ..

Weni said...

කප්පිත්තෙක් නැති රුවල් ඔරුවක නැගලා ඔහේ යන අහක යද්දෙන් කියලා බලා ඉන්න හිතුනා සොඳුරු හිතක මැවෙන මේ සිතුවිල්ල දිහා බලලා !

ගල්මල්-Coral said...

සුසුම නුඹ පිඹි
රුවල් කඩ ඉරි
ඔරු කඳ කැරකුනි
මාලිමාව ගිලිහුනි

හිස් අහස said...

ඉඳීවි කොතැනක හෝ හිමි කාරයා ඔබේ නමින් ..

ඔබ නොදු‍ටු ලොවක්..... said...

කප්පිත්තෝ ඉන්නවා රෙන්ට් එකට ගන්න ...පර්මනන්ට් ගන්න එපා .... වාත.......

Podi Kumarihami said...

මතක එකතු කර, හිත රුවලට බැඳි ඔරුවක්,
දෙවියන්ට කියා පාකර හැරියත්,
ආපසු ගොඩට ගසාගන විත් ඇත.

කප්පිතෙක් සොයා රුවල ඔහුට බාරදී, සුලඟ යන පැත්තට ගියොත් මොකෝ වෙන්නේ සොසී....???

Raj said...

ඔහොමතමා....අමතක කරන්ට බැරී දෙවල් ජීවිතේ බොහොමයි...

නිසුපා said...

හ්ම්..අතීතය ආපහු ඇවිත්ද අක්කා..

ගලයා said...

කප්පිත්තෝ අනන්තවත්.....
නමුත් රුවල් ඉරී ගිය කල
නෞකාවේ.....
ඔබ දියඹේ අතරමං නොකරන්නාවූ
අයෙකු සොයා ගත යුතු......
අහ්!ලස්සන කවි පබැඳුම....

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

රුවල් ඔරු වලනම් ඉන්නවද දන්නෙ නෑ අක්කේ, ඒත් රුවල් නැව් වලනම් කප්පිත්තෙක් ඉන්නවා. මට මං අහලා තිබ්බ කතාවක් මතක් උනා රුවල් නැව්, කප්පිත්තන් හා ජීවිතය ගැන.

“The pessimist complains about the wind; the optimist expects it to change; the realist adjusts the sails.” ~ William Arthur Ward

Dinesh said...

ඇත්ත මේ අතීතය අපේ පස්සෙන් එන එක නතර නොකරන හැටි...

සිතුවිලි නිහඬයි said...

ඇයි ඇත්තටම අතීතය අපේ පස්සෙන් එන්නේ....

මධුරංග said...

මේක මාර වදයක් නේ.
අතිතය එලව එලව පස්සෙන් එන එක නම් හොද නෑ.

Chandi said...

කප්පිත්තෙක් සොයන එක නම් එච්චර ලේසි නෑ. ඉක්මනින්ම හමුවේවා!.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...