..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, October 22, 2011

෴ අන්තිම කැමැත්ත ෴

දිනක හිරු නැඟ එන පැයේ හෝ
සඳ හිමින් බැස යන වෙලේ
එසෙත් නැතිනම් සඳ හොරාගත්
තරු පිපුන රෑ යාමයේ

නිදයි නම් මා නැවත ඇහැරින
බවක් නොපෙනන සේ තදින්
නොසොල්වා මා දෑත් එකපිට
තියන් සංසුන් ලෙස ඉතින්

තදින් පිය වුන නෙත් කොනේ
කඳුළු බිඳු තිබුනොත් මගේ
පිසන්නට නම් එපා මිතුරනි
දිලිසෙනා හදවත මගේ

දෑත් දෑගිලි පාද මාපට
ඇඟිලි එක්කර බැඳ දමන්
බටහිරට හිස හරවලා මගෙ
පහන් දැල්ලක් දල්වලා
නොනිමෙනා ලෙස වගබලා ගනු
ඔහු පැමිණෙනා තුරු ඉතින්

නිවුන විට , මා මුවේ රැදවුන
සිනහ දැක ගන්නේ කෙසේ
පන්සලේ පොඩි හාමුදුරුවන්
බොරු කියා නුඹ සනසවයි
අයෙක් තනිකඩ සිටියොතින්
අඩන්නට අය කොයි කියා
අසල්වැසියන් මුමුණා හඬ
විටින් විට මා හට ඇසෙයි

තදින් මිටි වෙන නුඹේ සුරතේ
මගේ මතකය ගුලි කරන්

කාටවත් නොපෙනෙනා විලසින්
මගේ තොල් අග තවරපන්

මතක වස්තර අරන් එනු මැන
මතකයන් එකිනෙක ඔතා
සීරුවට වියු මා එදා


උතුරනා කල පැන් වඩා
නාඩනා නුඹෙ කඳුළු බිඳුවක්
එක්කරන් අවසන් ලෙසින්
නුඹේ සිත තුල උපන් සෙනෙහස
දිය කරන් ඒ කඳුළ බිඳ තුල

දෙණ අරන් ගොස් මා පියා
වැලලු තැනින් මා වලලලා
දෙනෙත් පිස ගනු
සිනා තවරනු
දැන් ඉතින් නිම වූ කතාවක
සතුට නුඹ ගාවයි



මතක බණ කියන දවසට
නුඹ එනකම් බලන් ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

කියවලා මට දොස් කියන්න ඔට්ටු නැහැ ඕං ....

17 ප්‍රතිචාර:

Weni said...

උදේ පාන්දරම ඕනයා එක සැරයක් ඇඩෙව්වා....දැන් සොසී ඔයත් මෙතන ?????!!!!!!

Podi Kumarihami said...

අපොයි. මේ මොකෝ?...:(

මධුරංග said...

අද අඬන කතාමයි. අද දුක සිහිකරන දවසද දන්නේ නෑ !!!!

f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 said...

hithata denuna.. asata kadulak awa... (s)

Sumudu said...

adena dawasak....

බස්සා said...

මමත් එන්නම් තනියට...

Raj said...

ඇයිද නුඹ ඔයතරම්

හදිසි මේ ලොව අත්හරින්නට

එපා අඳුරට විජය දෙන්නට...

එය කේසේ හෝ දුරුකරන්.....

නුඹ පියා මට එසේ කිවුබව....

මේසේ මා මේහි කුරුටු ගැවෙමී....

ඉතින් මදකට නැවතියන්.

නෙරංජි | Neranji said...

හරිම ලස්සන කවියක් අක්කෙ

ගලයා said...

දහස් ජන සිත් පුබුදවාලූ
සිතැත්තිය සොඳුරු
දියැව ගිය කල
නොපුන් වා තල
කලඹවාලමින්
සිත සොඳුරු නුඹ
නැත කිසිත් තනි,
තවත් සොඳුරු සිත් තුළ
අමරණීයයි ඔබ...******
ලස්සනයි මම ගොඩ පාරක් කියෙව්වා....
ඔයා කවදාවත් ත්නි වෙන්න දෙන්නේ නෑ...

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අයියෝ ඇයි මේ දුක් සීන් ම.........

නිසුපා said...

කවියනම් ලස්සනයි..ඒත් අදහස ගැන නම් දුකයි...

Ravi said...

විසුණු මාවත ඇවිද එන්නෙමි සැඳෑ අහසත් වැහි බරයි,
කඳුලු අතරින් දකිමි තනි සිල සුසානය ඉම ඔහෙ සැලෙයි,
පුපුරු ගැහෙනා හිතක් වාවනු කෙලෙසක ද මට නොම හැඟෙයි,
නැඟුනු හද පාරවා ඉකියක් නුඹට ඇසුණි ද නොම දැනෙයි,

At Last................
You have gone forever,
Tomorrow I am alone.......
You would never ever come again,

Leaves would be green tomorrow same as they are today,
Birds would sing their sweet melodies same as they would today,
Wind would blow as serenely as it does today,
Flowers would bloom in thousand as they are doing today,

Only I would be here tomorrow,
To see those leaves fluttering in wind,
To hear those birds singing merrily,
To feel the wind caressing my hair,
To touch the flowers as they smile at me,

You won't be here,
Never .....never....never....... again.............

nawammawatha said...

එන්නෙමි සොයා නුඹෙ නිසල හදවත
අසුරු සැනෙකින් ඉගිලෙමින්
කෙලෙස කෙදිනක දැයි නොදැන මුත්
නුඹෙ සුවඳ ‍රැඳි ඉව දිගේ

අමනාපයක් නෑ හිත කොහේවත්
නොකියාම නික්මී ගියත්
ගොහින් සදපන් අපේ ලෝකය
නොමළ මල් මතක අතුරමින්

Hendirikkamala said...

ඉස්සර සඳට අයිති දවස්වල අපි හමුවුන,
මා නමින් නුබ පැලකල
හෙන්දිරික්ක මල් පඳුරෙ පිපුන සුදුපාට හෙන්දිරික්ක මලක්..
නුඹ මට මුලින්ම දුන්න සුදු මලත් එක්ක (ඒක මම පොත ඇතුලට දැම්මා )ගෙනල්ල සදහටම නිදියන ඔයාගෙ සුරන්ගනාවිගෙ අත උඩින් තියන්න...

පවනි said...

මට දැනෙන දේ මට කියන්න බෑ...
මට දුකයි.....
මගෙත් කතාවෙ මුල ඔය කෙළවර තමයි ටිකක් විතර...

Chandi said...

අපෝ නංගියෙ මොකෝ මේ දුක් කථා.

Anonymous said...

anee akki... sooo beautiful.feel it!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...