..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, October 21, 2011

෴ කවිකාරි ෴




 
එදා

මා ලියු කවි කියවා එදා
සිනහා වෙලා නුඹ කීවා
මගේ සුන්දර කවිකාරී යේ
“මගෙ සිත නුඹටයි ආදරේ“

මෙදා

මා ලියන කවි කියවා
එහි පදෙන් පද ගලපා
වදන් අතරේ සැගව ගත්
රහස් සොයනට සිතුවා
කා ගැන ද මේ ? ඇසුවා
නොසිතු පැනයට නුඹේ
නිරුත්තර වී උන්නා


කවි ලියන එක නවතා
කවි පොත ද ගෙන සඟවා
සිටින විට නුඹ ළඟට වී මම
රහස් එළි වෙයි කියලා,
කවි ලියුම ඇත නවතා
නුඹ මගේ සිත රිදවා
සිනාහඬ නුඹ නැඟුවා
 
මගේ සිත ඉකි බින්ඳා
එදා නුඹ කෝ අද මගේ ළඟ
රෑ පුරා මම සෙවුවා

කලාකාරයන්ගේ ජීවිත බොහෝ දුරට අවුල් වෙලා. ඒකට හේතුව ඇත්තටම මොකක් ද ?

ඔන්න හොඳේ , මම නම් කලාකාරියක් නෙමෙයි.
සැඟ වූ කවි පොත
මම
෴ සොඳුරු සිත ෴

14 comments:

  1. කවි ලියලා තියන කෙනා කොහොමත් කවිකාරියක්නේ....:D

    ReplyDelete
  2. @Podi Kumarihami
    දැන් පොඩ්ඩිත් කවි ලියනව නේ ද?

    ReplyDelete
  3. කා ගැන ද මේ ? :D

    ReplyDelete
  4. @සොසී,

    යාන්තම් පද දෙකක්ද කොහෙද ගැට ගැහුවා තමා. ඒක ඉතින් කවි ලිවීමක් කියලම කියන්ට බෑ. ඒ උනත් කවුරුත් තාමත කියලා නෑ

    "මගේ සුන්දර කවිකාරියේ,
    මගේ සිත නුඹටයි ආදරේ" කියලා....:D

    ReplyDelete
  5. මේ කතාවනම් ඇත්ත සොසී , මට මේ දේ මෙහෙම්මම වුණා මට ඒ වෙලාවේ ගොඩාක් දුක හිතිලා ඒ ගැනත් කවියකින්ම ලිව්වා.පිරිමි පාර්ශවය තමන්ගේ වාසියටයි නිර්මාණයක් දිහා වුනත් බලන්නේ
    'සුරංගනා'

    ReplyDelete
  6. එය එසේය

    හද කියු ලඟ ඇතැයි සීතු දේය...

    සිත රිදවා...නොකියාම නික්ම ගොස් ඇත...

    ජිවිතයේ සැටි එසේය............

    ඉතින් නොහඬන්න කවීකාරියේ.

    ReplyDelete
  7. නිර්මාණකරුවාගේ හැකියාව හිතේ ඇතිවෙන අදහස තුල කිමිදීම. ඒ කාරියේ සාර්තකත්වය වූ නිර්මාණය; නිර්මාණකරුවාව දකින්න කැඩපත කරගැනීමේ බරපතලකම ලස්සනට මතුවෙනවා මේ පදපෙලින්.

    ඒ බරපතලකම නිසාම වෙන්න ඇති කවිය කවියක්ම විතරයි කියලා තියෙන්නේ.

    ReplyDelete
  8. නුඹේ රුව ඇස ගැටෙන්නට පෙර,
    පෙම් බැඳිමි කවි කාරියට මම,
    එලෙස තව නාඳුනන සහසක්,
    නුඹේ කවියට පෙමින් බැඳෙතැයි,
    මගේ සිත නිරතුරුව කොඳුරයි,

    Love & jealousy goes hand in hand....obverse and reverse of the same coin...It was the truth yesterday, is the truth today and would be the truth tomorrow.

    ReplyDelete
  9. ඉස්සර වගේ නෙමෙයි. දැන් වෙන්නෙම හිත රිදෙන දේවල්. කවි ලිව්වත් වැරදියි නොලිව්වත් වැරදියි.

    ReplyDelete
  10. රවි එක්ක එකඟ වෙනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ සොඳුරු සිතකට !

    ReplyDelete
  11. ඇසූ විට 'කා ගැනද මේ?'
    නොකීවේ මන්ද 'නුඹ ගැනයි මේ..'

    හැමදාමත් වගේ ලස්සනයි.

    /*කලාකාරයන්ගේ ජීවිත බොහෝ දුරට අවුල් වෙලා. ඒකට හේතුව ඇත්තටම මොකක් ද ?*/
    අක්කට මතකද අභිමාන් චිත්‍රපටය? මේ වාක්‍යය දැක්කහම මට ඒක මතක් උනා. ඒ කතාවේ අවුල් වුන ජීවිත ආයෙ ලස්සනට විසඳුනානේ.

    ReplyDelete
  12. හරී ලස්සනයි අක්කෙ

    ReplyDelete
  13. සොසි කවිකාරි කවිකාරී
    ගජමන් නෝනාගෙන් පස්සේ....
    පංකාදු කවි ටික...මාතර මාලු ඇඹුල් තියල් වගේ....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...