..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, October 19, 2011

෴ පවුල ෴


සට ප්‍රිය ඝණ කළුවර වරින් වර සෝදා හරිමින්  මෝරා එන  සඳ කිරණ, වළාකුළක් හා මෙහා වෙන සීරුවෙන් විත් ගස් බෙනයට වැටෙයි. ප්‍රියංබිකාවගේ හීන් කෙඳිරියත් සමඟම ගස් බෙනයෙන් එළියට බට ඔහු , ඝණ කළුවර සිසාරා තම ලොකු දෑස් යැවුවේය. මේ හරි අපූරුතැනකයි ඔහුට නැවතත් සිතෙන්නට වුයේ හාත්පස සිසාරා නෙත් යොමද්දීය.

මේ ගස් බෙනය සොයා ගැනීමට තමා කෙතරම් දවසක් මිඩංගු කරද එය අපතේ ගොස් නැති බැව් සිහි වීමෙන් ඔහුගේ සිතට ආවේ සතුටකි.


ඔහුට ඇය මුණ ගැසුන දින සිට , මේ ගස් බෙනය මාළිගාවක සිරි ගත්තේ ය. තව ටික දිනකින් ගස් බෙනයේ ඉතිරි ඉඩකඩ ද පිරී යන බැව් සිහි වී ඔහුගේ සිත ඔඳවැඩුණි.
ඔහුටත් නොදැනීම “හුම් හ්ම් හ්ම් හ්ම් . . . . . . . . . .,“ හඬ පිටවූයේ සිතේ සතුට වැඩිවීම නිසාය.

“අම්මා අම්මා  . . .  කවුද හ්ම් හ්ම් කියනවා. මල්ලිව අරන් යන්න ආපු හොරෙක් ද දන්නෙ නැහැ “

“ නැහැ පුතා. ඒ හොරෙක් නෙමෙයි “

“ එහෙනම් කවුද අම්මා ? අපේ මැරුණ සීය ද? “

“ අනේ පුතේ කවුද ඔය විකාර කීවේ “

“ ලහිරු කීවේ. අපේ සීය රෑට රෑට ඇවිත් මේ වත්ත රකිනවලු “

හ්ම් හ්ම් හඬ නැවතු ඔහු , සුරතල් පොඩි පුතුගේ කතාවට සවන් යොමු කළේය.

“ අනේ පුතේ , විකාර කතා , සීය දැන් හොඳ තැනක ඉපදිලා ඇති. ඔය හ්ම් හම් කියන්නේ බස්සෙක් “

“ බස්සෙක් ? “

“ ඔවු . . . ගේ ලඟ මේ කාමරයට එහා පැත්තේ තියන ලොකු කොස් ගහේ බෙනයක ඉන්න බස්සෙක් “

“ ඉතින් අම්මා , මම එයැයිව කවදාකවත් දැකල නැහැයි නේ “

“ බස්සා එළියට බහින්නේ රෑට නෙ පුතේ. ඌ නිශාචර සතෙක් “

බස්සාගේ බකුසු මුහුණ එළිය කරමින් සිහින් සිනාවක් විසිරෙන්නට ඇත. නමුත් ඒ සුන්දර මොහොත තවත් විඳ ගැනීමට අසූරු වූයේ කොහේ දෝ සිට පැමිණි මහ වැස්සක් ඇද හැළුණ නියාස. තම ප්‍රියංබිකාව ළඟට තුරු වී සිටමීමට මේ කාලය ද නොවේ. ඇයට තව තවත් ශක්තිය අවශ්‍ය කාලයයි. ඝණ අඳුරේ වැස්සෙ තෙමෙමින්ම බස්සා නොපෙනී ගියේය.



-- -- -- -- -- -- -- -- -- -- 

එන්න එන්න වැස්ස මහා වර්ෂාවකට පරිවර්තනය වූ අයුරුත් , මඟ සොයා ගත නොහැකිව හෙවනට මුවා වී සිටීම නිසාත් බස්සා ගස් බෙනයට ලගා වුයේ හිමිදිරියේය. හෙමින් හෙමින් වැටෙන සූර්යා ලෝකය බස්සාගේ දෑස්ට වේදනාව ගෙන දුන්න ද, ඒ තරමට සිය දහස් ගුණයක් වැඩි වේදනාවකින් බස්සාගේ දෑස් අන්ධ වී යන්නට ඇත.

“ කාටවත් වරදක් කරළ නැති නිසා, මායි මයෙ දරුවො දෙන්නයි බේරුණා. නැත්තම් මං මේ කිරිපස්සයයි , මේ කොළුවයි අරන් කොහෙ දුවන්න ද ? “

“ අත්තක් වැටිල බේරුනා ඇති “

“ මං ඒ වෙලාවේ , පුංචි එකාට කිරි දි දී හිටයේ , ලොකු කොළුව බස්සෙක් ගැන අහ අහ හිටියෙ, මෙයැයි මටත් හොරෙන් වරුසාවේ කළුවරේ බස්සා බලන්න ගිහින් , කෑගහගෙන ආවේ නෑතැ. අම්මේ අම්මේ ගහ කඩන් වැටෙනවෝ කියල “

“බය බිරාන්තු වූ තරමට පොඩි එකත් උසසන් එළියට දිවුවා. එසැනින්ම වගේ තමයි කාමරයට කොස් අත්ත කඩාන වැටුනේ “
 

“ ගහ කපා දමන්න එපෑය නංගියේ,පොඩි වුන් දෙන්න ඉන්න එකේ , අඩු ගානේ අතු ටිකවත් පාහල දාන්න තිබ්බ නේද ? “



“ කොහෙ ද මම මෙයැයිට කොච්චර කීව ද අක්කේ , දැන් තමයි තදියම් වෙලා ඔය උදේම ගිහින් ගහ කපන්න මැෂින් එකක් හොයාන ආවේ “

කන්බිහිරි කරවන සද්දයක් සමඟම ප්‍රෙට්රල් ගඳ අවට වාතයේ පැතීරි යන්නට විය. එකවර ඇති වුන සිහින් දුමාරය අතරින් ලොකු දරුවා දුටුවේ බිරාන්තව ගොස් ගස වටේ පිස්සුවෙන් මෙන් ඔහේ සරන බස්සාවයි.

“ අම්මා අර . . . . . බස්සා , “

දරුවා මවගේ ගවුමෙන් අඳිමින් පැවසුව ද , ලොකු වුන්ගේ පවුල රැකීම ගැන කතා නොනැවතී ඉදිරියටම යමින් තිබුණි.

බස්සාට පිහිට වීමට නොහැකි වූ පොඩ්ඩා 
මම
෴ සොඳුරු සිත ෴

14 ප්‍රතිචාර:

Podi Kumarihami said...

අනේ අර බස්සා එහාට, මෙහාට පියෑඹුවේ බෙනේ කැඩිලා ගිය හන්දද? බැස්සිටයි, පැටවුන්ටයි මුකුත් උනේ නෑ නේද? මම බස්සන්ට හරීඊඊ කැමතියි. එයලා හරීඊඊ පව්!!!

ඉන්දික උපශාන්ත said...

වත්ගෙ කතාව කියෝල ආපු මූඩ් එකටත් කෙලවුනා කුමාරිහාමිගෙ කමෙන්ට් එක දැකල. ගෑණු බස්සන්ට කැමති උන් "හුම් හුම්" විතරක් කියන හින්ද වෙන්ටැ!

ගලයා said...

අය්යෝ බස්සා පව් කියල තමා මටත් හිතෙන්නේ..ඌ අමාරුවෙන් හොයා ගත්තු මාළිගාවනේ.....අර බෙනේ තියෙන ලොකු කොටේ ඉතුරු කරල ඉතුරු ටික කපල දැම්මනම් මොකද වෙන්නේ......

සයුරි said...

අනේ හරි දුක හිතෙන කතාවක් :( මට මැවිලා පෙනුනා

බස්සා said...

තැංකූ....මගේ ගැනත් ලියලා.... මටම දුකයි...

මාතලන් said...

අන්න ඉන්නවා තිවංක පිලිම ගෙයි ඇතුලේ එතන ඉන්න එක්කෙනාට කිව්වහම පෙන්නනවා.. හරීම ලස්සනයි..

නිසුපා said...

අනේ පවු.අපි ඔය වගෙ වැඩ කොච්චර කරනවා ඇත්ද...

ඔබ නොදු‍ටු ලොවක්..... said...

දුක් සීන් එකක් නේ !!!!

Dinesh said...

කියවද්දි දුක හිතුනා..

Weni said...

මේ දවස් ටිකේම මගේ ඇනෙක්ස් එක ඉස්සරහ තියෙන අඹ ගහේ බස්සෙක් හුම් කියනව ! ලස්සනයි අහන් ඉන්න. අයිතිකාරයා ටෝච් ගහල ඌව එලවනව.. බයට !

සිතුවිලි නිහඬයි said...

අනේ පව්.....

සොඳුරු සිත said...

සිතුවිලි නිහඬයි
Weni
Dinesh
ඔබ නොදු‍ටු ලොවක්.....
නිසුපා
මාතලන්
බස්සා
සයුරි
ගලයා
ඉන්දික උපශාන්ත
Podi Kumariham

ස්තූතියි සියළුම දෙනාට... ඔය ගලයා...බ්ලොග් ලෝකයට නවකයෙක්...කට්ටියට වෙලාවක් තියෙන වෙලාවක ඒ පැත්තෙත් ගොඩ වෙලා යන්න....මෙන්න් ලින්ක් එක..
http://sundaraikavisithaimesh.blogspot.com/

මධුරංග said...

ලස්සනට ලියලා තියෙන ලියමනක්

Chandi said...

අනේ පව්, ඔහොම තමයි සත්ව ලෝකෙ ඉපදුනාම. ඒ නිසා ඉපදීම නැතිකරන්නම උත්සාහ කරන්න ඕනෙ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...