..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, October 17, 2011

෴ තකහනියට ඉසිඹුවක් ෴

හැමදාම මම ලියන දේකට එකතු කළේ, අන්තර් ජාලයෙන් සොයා ගත්ත අනුන්ගෙ පින්තූර . 
ඒත් මේ පින්තූරය මම අද හවස ගත්ත එකක්.


ට පාළු නැතිව , ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුලුවන් තැනක් තමයි මුහුදු වෙරළ කියන්නේ. මිනිස්සු අඩු තරමට වෙරළ හරිම ලස්සනයි. අද හවස වැඩ ඉවර වෙලා, ගෙදර එන්න බස් එක ගන්න දුවන ගමන් ,මම දැක්කේ සෙනඟ අඩු වෙච්චි මේ මුහුදු මායිමයි. වෙනදට මේ වෙලාවටත් හරිම සෙනඟ. නානාප්‍රකාර මිනිස්සු පිරිලා. පුංචි ළමයි, පෙම්වතුන් , අයාලේ ගොදුර සොයා යන අය වගේම , කිසිම පැහැදිලි අරමුණක් නැතිව සරණ බොහෝ දෙනෙක් මෙතන පිරිලා ඉන්නවා. ඒත් අද , හිස් . . . . . .


ගෙදර යන ගමන පැත්තක දාලා , මොහොතක් නතර වෙන්න මට හිතුනේ ඉඹේමයි. ඒ නැවතුමත් එක්කම සිතට පුංචි දුකකුත් ආවේ නැතිව ම නෙමෙයි. ඒ දුක නැති කර ගන්නත් , මේ ලස්සන ගෙදර අරන් එන්නත් මට උවමනා වුනා.අත් බෑගයේ නිතරම තියෙන ඩිජිටල් කැමරාව දෙතුන් පාරක් වට පිට බැලුවෙ මාත් එක්කමයි.

 ගෙදර යන ගමන නතර කරල ,ඔහේ අතරමං වෙලා ඉන්න තිබුන නම් . . . . . . .
 
නීල සේද වළා යහන
අහසෙ අතුරලා
සුදු පෙණ කැටි පොකුරු පොකුරු
පොළවෙ අමුණළා
පේන ඈත ඉම කෙළවර
පෙමින් හමුවෙලා
ලොවක් මතක නැති කරලා
ඉමුද සැනසිලා

අහස මේ තරම් නිල් පාට වෙන්නත් , මුහුද මේ තරම් අහසට ගැලපෙන්නත් ඉන්නෙ කොහොම ද කියල දැන ගත්ත දවසට ,ගොඩක් දුරින් වුන්නත් ආදරයෙන් ඉන්නෙ කොහොම ද කියල මින්ස්සු දැන ගනීවි.

මගේ ගමට යන අන්තිම බස් එක මේ ලස්සන පින්තූරය මැදට ඇවිත් මාව පියවි සිහියට අරන් ආවා.


මුහුදු වෙරළෙ ඇවිද්දන යන්න , ජීවිතයට ඉසිඹුවක් ගන්න , නුඹ එනකම් බලන් ඉන්න
මම
සොඳුරු සිත ෴

15 ප්‍රතිචාර:

බස්සා said...

දුක, පාලුව, තනිකම ජිවිතේට දුක එක්කරනවත් එක්කම... සොඳුරැ සිතුවිලිත් අරගෙන එනවා... මගේ අතින් වැඩිපුරම කවි, නිසඳැස් ලියවුනේ මං වඩාත්ම දුකින් හිටපු කාලේ තියලයි මං හිතන්නේ.. මතටත්....මුහුදු වෙරළටත් කිට්ටු සමීපයක් තිබුන කා‍ලේ... අද ඒ සිතුවිළි පහල නොවෙන්නේ ඇයි කියලා මටම හිතාගන්න බැහැ තාමත්...

නිසුපා said...

අර රතු පාට කාර් එක තිබුනෙ නැත්නම් පින්තූරය තවත් ලස්සන වෙනවා අක්කේ.ඒක ගැල පෙන්නෙ නෑ වගේ ඉතුරු කොටස් ටිකට.

හිරණ්‍ය said...

මම නම් හිතන්නේ කාර් එක හින්දා වෙනමම හැඟීමක්, විවිධත්වයක් එකතු වෙනවා කියල. මේ පින්තුරේ ලස්සනයි වත්, කොහෙදිද මේක ගත්තේ?

දිල් said...

අර රතු පාර කාර් එක පින්තූරයේ සුන්දරත්වය චුට්ටක් අඩු කරලා වත්.. නැත්තම් දර්ශණය නම් පංකාදුයි...

සොඳුරු සිත said...

මේ මාතර....

මටත් හිතුනේ , කාර් එකත් තනිවම මම වගේම මුහුද අහා බලාන ඉන්නව කියලයි...

Dinesh said...

ලස්සන මොහොතක් අක්කේ.. ඒ වගේම් ලස්සන සිතුවිල්ලක්..

"ගොඩක් දුරින් වුන්නත් මේ තරම් ආදරෙන් ඉන්නෙ කොහොමද කියලා මිනිස්සු දැන ගනිවි"

මං ගොඩක් කැමතියි ඒ ටිකට..

බිඟූ...! said...

ආන්න ඒ විදියට පින්තූරක් අරගෙන ඒක තමාගෙන කරගෙන ලියන්කොට මාරම ගති නේද...

මම් ආවේ කාලෙකින්...
පොඩ්ඩා එක්ක ජීවිතේ බර වෙලානේ...

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පේ ...මම හිතුවෙ පිට රටක් කියලා...ලස්සන පිංතුරයක්....

Weni said...

සොඳුරු හිතක හිමි කාරියෙක් හිත් පිත් නැති කාර් එකකට සම කරන්න හිතක් පපුවක් තියෙන කෙනෙකුට බැරි වෙයි !
සොබා දහම මේ සිත්තම් මවන්නෙ අපිට නේද කියල හිතෙන කොට...වෙන කාගෙවත් ආදරයක් මොකටද කියලා හිතෙනවා මටනම් විටෙක..

Podi Kumarihami said...

කොතරම් වෙලාවක් උනත්, මුහුද දිහා බලං ඉන්ට පුලුවන් කතාව සහතික ඇත්ත. දැකලා තියනවද මුහුද වෙනස් වෙන හැටි. සමහර වෙලාවට හිත ඇදලාගන්න දීප්තිමත් නිල් පාටක්. අහස පැහැදිලි නැති තවත් සමහර වෙලාවක තද කොල පාට. අහස අඳුරෙන් බර උනු වෙලාවට අඳුරු අලු පාට. මට ඒ වෙලාවට මතකෙට එන්නේ ගැහැනු හදවතක්.

Anonymous said...

This is one of my fav fav sea beach :)

Raj said...

සිතිවිලී දොරේ ගලන්ට පංකාදු ප්ලෙස් එකක් නොවැ...

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

මාතර මුහුදු වෙරළ වටිනවා..මාතර අපිට විතරක් නෙවෙයි හිතක් ඇති හැමෝටම..
තේම්ස් නදියේ ඉවුරු තෙරට සුදු ජාතිකයන් කොතෙක් ආදරය කරනවාද
රතු මුහුදේ වෙරලට හොෂිමුරෝ වැසියෝ කොතෙක් වසඟ වෙනවාද
අන්න එසේම මාතර මේ සොඳුරු සමුදුරු පියවරට අපි ආදරය කරනවා..

බොහෝ ඉරිදාවන්ට මම කොටුව අන්තයේ ඉඳන් බ්‍රවුන්ස් හිල් දක්වා බයිසිකලයෙන් වෙරළ දිගේ ගිහින් මොහොතක් ෆයිනස් ගස් හෙවණේ නැවතිලා ජීවිතය ස්මරණය කරනවා..එයට වටිනාකමක් දුන් මේ ලිපිය ඇත්තටම අගෙයි

Ravi said...

නිල්වලා පිරි අහස,
රල නඟන සිඳු ගැඹර,
මතක ගෙන එයි සිතට,
පිපි සිනහ නුඹේ වත,

සෙනෙහෙ දියකර හරිමි,
ගැඹුරු නිල් මහ සයුර,
සුසුම් පොදකට මුසුව,
ඉවත ලමි නුඹෙ මතක,

ඔජායෙ.... said...

දිනූ කිතුගොස පරතෙර
ලැබූ අභිමන් හරසර
විසි වසක් මා තර කල
පුරවරයි පුර මාතර

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...