..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 16, 2011

෴සේරි වාණිජට සින්න වූ සිත ෴

සමහර වෙලාවට , සමහර අයට ,සමහරුන්ව මඟ ඇරෙනවා . කිසිසේත්ම නොසිතූ විදිහට නොගැලපෙන තැනක නතර වෙනවා.. ...මඟ ඇරුන සමහර දේවල් වල වටිනකම වගේම, ඒ දේවල් ඇයි මට මඟ ඇරුනේ කියල හිතද්දි ඒවට උත්තරත් අපි ළඟ නැහැ..

හැමදාමත් රන් තලිය , දුම් මැස්සෙ තියෙන්නෙ නැහැ වගේ ම, හැමදාමත් රන් තලිය
කච්ඡපුටලාටම අයිති වෙන්නෙත් නැහැ. . .




සේරි වාණිජ ළඟ උකස් කළ
ලංසු නැති එක හදවතක්
දිනෙන් දින මෝරා වැඩෙයි එහි
සෝක සැක සංකා ගොඩක්

රන් තලිය වී වටිනකම් නැති
අඳුරෙ ගුලි වී ලා ඉදන්
දුටු දිනේදිම බැන්දෙ ඇයි පෙම
සේරි වාණිජ ටම ඉතින්

නුඹගෙ හැඩ රුව වටිනකම දැන
නුඹට ලං වන්නට ඉතින්
දහස් දන පෙළ ගැසුන තැන මම
අන්තිමය වු එක පවින්

කච්ඡපුට වී මා එනතුරා
නුඹට ඉන්නට බැරි උනෙන්
නුඹ ට ගෙන ආ වලලු කඳ මං
විසි කළා සැමටම හොරෙන්



What you deserve & what you get in life are two entirely different things.


මේ අමතක වෙච්චි අයට

*කච්
පුට - හොඳ වෙළෙන්දා

*සේරි වාණිජ - කපටි වෙළෙන්දා


ජාතක කතාවේ නම් , නිසි දේ නිසි කෙනාට ලැබෙනවා.ඒත් ඉතින් ඒ ජාතක කතා.


වලලු ගේනකම් බලන් ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

RoshanHerath said...

කතාවේ වගේම හැබෑ ලෝකෙත් සිද්දවෙනවානම් ඉතින් අපි හැමෝම සතුටින් නේද?

මධුරංග said...

දැන් කච්ඡපුට ලාගේ කාලය තියෙන්නේ. සේරිවාණිජලට දැන් තැනක් නෑ.

arunishapiro said...

ලැබිය යුතු යැයි සිතන්නේ එහෙම ලැබෙන කම් බලාගෙන ඉන්න කෙනෙක්නෙ. ලෙමන් ලැබුණ ම ලෙමන් ජූස් හදන්නත් ඉගෙන ගන්න ඕන කියලත් කියනවානේ!!!

Weni said...

නැවතත් හිත අතරමන් කරවන නිර්මාණයක් !
මොනවා ලියන්නද කමෙන්ට් එකක් විදියට.. මොනවහරි නොලිව්වොත් කියෙව්ව කියලත් ඔබ දන්නෙ නැහැ !

බස්සා said...

නොලැබුන නමුත් ඉඩ ඔහු ගැන අඳුනන්න..
මා පිය කැමැත්තට මා හට විය යන්න..
තිබුනේ නැහැ හිතේ නුඹහට දුක දෙන්න...
දැන් මා අන් සතුය, මට යන්නට දෙන්න..

නාට්‍යකාරයා said...

මධුරංගගේ කතාවට මට එච්චරම එකග වෙන්න බෑ .......... මොකද තාමත් සේරිවානිජල වෙනදාටත් වඩා වැඩියෙන් රජ කරනවා......... එහෙම නේද??.

මොනවා උනත් වත් අක්කගේ අදහස් නම් පංකාදු පහයි.........

Podi Kumarihami said...

දැන් ඉතින් මොකද කරන්නේ? කවුරු ගෙනාවත් ඒ වලලුවලට වඩා මේ වලලු හොඳයි කියලා පලඳින එකයි ඇත්තේ...:)

Dinesh said...

සුරංගනා කතාවල ජාතක කතාවල අවසානය හැමදාම සුන්දරයි.. ඒත් වර්ථමාන කතාවල???

Gayan Rupasinghe said...

ජය ලැබෙන්න කියල ඉතා සිතින් පතනවා.

The Lion said...

දැන් කාලේ ලෝකේ හැටී ......

සොඳුරු සිත said...

RoshanHerath
මධුරංග
arunishapiro
Weni
බස්සා
නාට්‍යකාරයා
Podi Kumarihami
Dinesh
Gayan Rupasinghe
The Lion

ස්තූතියි යාළුවනේ....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...