..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, October 13, 2011

෴ ඉකි බිඳින අඹ ගස ෴



අඹ ගහ යට හිඟන ගැහැණිය
තම දුක ගැන ගතු කිය කිය
නෝනා රුපියලක්
මහත්තයා රුපියලක්

දුන්නත් සිනා සෙන්නී
දොහොත් මුදුන් දී වදින්නී
නොදුනනත් රුපියලක්
නැතේ ඔරවන්නී
සිතේ දුක හටගන්නී

එක් දිනක් හිමිදිරි උදයක
හිඟන ගැහැණිය ඇත ගහයට
අලුත් සළූපිළි ලැබිලා ඇත
නමුත් ඇය වත වසලා ඇත

ඊයේ මහ රෑ
මුරුගසන් වරුසාවට
ගස් වැටෙන මහ සුළඟට
උසුලනා නොහැකි සීත පවනට
ගල් ගැසී ඇගේ හදවත
අනේ ඇය මිය ගොස් ඇත

සිහින් සරින් හඬනා
අඹ ගසේ දුක් ගීතය
අසා සිටි
මම
෴ සොඳුරු සිත ෴


7 ප්‍රතිචාර:

Angel without wings said...

අනේ...

Podi Kumarihami said...

අසරණ ඇගේ කතා වස්තුව අසා නෙතගට නගුනි කඳුලු බිඳුවක්.

වස්තු බීජය කිම? රඟදරුන් කොහිද?
අවසන දනිමු. මුල, මැද පුවත් නොදනිමු.

අනේ අඹ ගසද ගොලු වත රකින්නීය.

Dinesh said...

දුක හිතෙන සිදුවීමක්....

මධුරංග said...

දුක හිතෙන කතාවක්. වැස්සට අහුවෙලා ඒ ගෑනු කෙනා සීතලටම මැරෙන්න ඇති. පවු

නිසුපා said...

මට මතක් වුනේ පොඩි කාලෙ බලපු සුරංගනා කතාවක්.චික් නම මතක් වෙන්නෙ නැති හැටි...:(

නෙරංජි | Neranji said...

ලස්සන කවියක් අක්කෙ

Ravi said...

අවසන ඇය සියලු දුකින් මිදී ගත් හෙයින් සිතේ කොනෙක සියුම් සතුටක්ද ජනිත වූ බැව් කියන්නට අවසර..............

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...