..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, October 10, 2011

෴ ගමට ඇවිත් යන්න ෴



බඹරු බඹන පින්න මලක් දුක සේ මෙහි ඉන්න
සමණළයා යන්න ගිහින් පාට අරන් එන්න
පාට එපා ඔබේ සුවඳ හදේ තියා ගන්න
හාදුවකුත් අරන් ඉතින් ඇවිත් යන්න එන්න


ගම කෙළවර වෙළ අයිනේ කුඹුක් සෙවෙනෙ ඉන්න
සෙනෙහෙ සිතින් උරමඩලේ මයෙ හිස සඟවන්න
දුක හිතුනම මයෙ නලලත. සිඹ මා සනසන්න
පාට එපා සමණළයෝ ඇවිත් යන්න එන්න



මඟ බලන පින්න මල
මම
෴ සොඳුරු සිත ෴

12 ප්‍රතිචාර:

සිතුවිලි නිහඬයි said...

ලස්සනයි අක්කා......

මධුරංග said...

පාට නැතුවට හරි කමක් නෑ සමනලයා එනවනම්....
ලස්සන සිතුවිල්ලක්. -+

ඉන්දික උපශාන්ත said...

හැමදාම එකම විදියෙ එව්ව ලියන්න එපා. දුක් වින්ද ඇති, මොකද කියන්නෙ දන්න උන්ගෙ ලිස්ට් එකක් එවන්නද නෝනෙට? :D

Dinesh said...

ලස්සන කවි පෙලක් අක්කේ.....

Muthu Paba said...

Lassanayi.. Samanalaya ikmanin eyi kiyaa sithanawaa..

Gayan Rupasinghe said...

නියම කවි ටික..

ජය...

ඔජායෙ.... said...

නරක සමනලය......යනව ඉක්මනට.....

සොඳුරු සිත said...

@ ඉන්දික උපශාන්ත
මක් කීවා. මම සොයන විදිහෙ සමණල්ලු ලෝකෙ කොහෙවත් නැහැ කියල , කෙනෙක් මට කියල තියේ... එවමු බලන්න ලිස්ට් එක..

The Lion said...

නියම කවි දෙක .........

වත් අක්කා බස් වල දාපු ඇඩ් එකට තාම ප්‍රතිචාර නැද්ද ........:D

Anonymous said...

ඉන්න එපා ඔය තරම්ම
හීන පුරෝගෙන..
ඉන්නම ඉන්නම ආවම හිතෙවි
කොච්චර සොන්දුරුද තනිකම..

සිත සනසා පවන් සලන
සමනලයින් නැත..
හිත තලනා පෙති තලනා..
බඹර තුඩඟු මිස..

boopale

Podi Kumarihami said...

ලස්ස්න කවි පෙල වත්!

අර ලිස්ට් එක බලලා මටත් එවන්ට...:D

Chandi said...

පාට එපා සමනළයෝ ඇවිත් යන්න එන්න. ලස්සනයි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...