..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, October 6, 2011

෴ දුක් කවිය ෴



සියල් සපිරි දුක් කරදර උසුලාන
‍‍හොඟක් දුර ඇවිත් කාටත් ‍නොකියාම
තවත් ‍බො‍හෝ දුර ගමනක් ඇතිවාට
තනිව යන්න බැහැ මඟ පාළුයි තාම

දුකින් ඇයි ද විමසයි මිතුරන් සෑම
ඔවුන් දනී‍ මා , සිත ‍සොඳුරුයි තාම
ඇවිත් යන නිසා ඉඳහිට වත් තවම
නැ‍තේ මියැදු‍නේ පිපිමල මා ගාව

අඬනට සිටින ‍නෙතු පාරන අය ගාව
‍සෙවනට වඩා , සිසිලයි සැඩ හිරු තාම
එවැනි දුදනන්ගෙ නෙතු හී වැඳුනාම
හදවත දැවී අළු වී යයි නොදැනීම

සුසුම් පෙළ ගැසී තාමත් දොර ගාව
සුළඟට එකතු වූ දාටයි සැනසීම
තවත් ඉඩ නැතත් දුක පිරි හිත ගාව
අරින්නට හිතක් නැහැ දොර පියනක් තාම

දකින්නට සිටින අය දුර බැව් හැමදාම
දැන දැන උනත් නිතරම ගෙල දිගු වූව
සුවඳට පවා සිත බැඳුනා රහසේම
නුඹ දුර උනත් සිත ළඟමයි හැමදාම

Out of sight, out of mind. The absent are always in the wrong. 


නෙගටිව් කවිම ලියනා
 පොසිටිව් සිත
මම
෴ සොඳුරු සිත ෴

12 comments:

  1. එහෙමනං පොසිටිව් කවියකුත් ලියලා බලමුද?

    ReplyDelete
  2. හැමදාම වගේ දුකයි..ඒ වුණත් සොදුරැයි.

    ReplyDelete
  3. මොකද මිතුරි ඔබ මේ කරබාන
    දුක්ගන්නට දෙයක් කව්රුත් කීවාද
    සතොස් වෙන්නට ඇත දේවල් හැමදාම
    හිනාවෙයන් අමතක කර නෙගට්ටිව්ව

    ReplyDelete
  4. මේ දුකද සැපයි.. නුබෙ හිතට කැපයි..
    මදහාස නගන් ගජමන් නෝනා ! :)

    ReplyDelete
  5. අර කිව්වත් වගේ...හිත ඇතුලේ තියෙන හැඟුම් ටික එළියට දැම්ම නම් හොඳයි නේද වත්...

    ReplyDelete
  6. ලස්සනයි අක්කේ... සතුටු කවියක් ලියමු.....

    ReplyDelete
  7. දුර උනත් ලඟයි කියලා හිත හදා ගත්තනම් හොඳයි ඒත් හිත තවත් රිදවගත්තනම් අපරාදේ අක්කේ..

    තනිකහම සුන්දරය කියලා හිනා වෙන එක නේද වටින්නේ

    ReplyDelete
  8. කිසිදා නේන බව දැන දැන හැමදාම
    තවමත් හඩන්නේ ඇයි තනි වී මෙහෙම
    නොලැබෙන සිතක් ලග තනියම හැඩුවාට
    උරුමය නොමැති නම් විඳවනු ඇයි තාම

    යන්නට මිඳිලා කුඩුව වෙතින් දුර
    ගිය කුරුලකුට නැවතත් එහි පැමිණිම
    හිරයක් මිසක් සැපයක් යැයි සිතුවාට
    ඔබ නොදනිතත් ඔහු දැන් ඈතක බොහොම

    ReplyDelete
  9. නුඹ දුර උනත් සිත ළඟමයි හැමදාම

    හ්ම්ම් ඇත්තම තමයි සො.සී..

    ReplyDelete
  10. කවිය ලස්සනයි අක්කේ .. වැඩිය වර්නනා කලේ නැතුවාට කවිය ලස්සනයි

    ReplyDelete
  11. හම් හම්.....ආදරේ දුක තමා හැමදාම.....

    ReplyDelete
  12. ජිරාෆ්ගේ බෙල්ල දික් උනේ ඔය හේතුව නිසානේ.බලන්න කොච්චර ආදරයක් හිතේ තියන් ඉන්නවද ඌ.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...