..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, September 27, 2011

෴ අවසන් පදය / The Last Verse ෴


කවදාවත් නැතිව කවි පද ලියවෙනවා
හැමදාටත් වැඩිය නුඹ මට සිහිවෙනවා
මා පෙර කරපු පව් මේ මට පල දෙනවා
අවසන් පදය තවමත් මට වද දෙනවා
නෙතකට කඳුළු කුමකට  දුකකුත් නැත්තම්
වතකට සිනහ කුමකට සතුටක් නැති නැතිනම්
මවකට සෙනේ කුමකට බිළිදෙක් නැතිනම්
මා සිත කුමට නුඹ මා සිත ළඟ නැතිනම්


නිදිමත ඇවිත් නුඹ කොයි දෝ විමසනවා
බොහො දුර ගිහින්, නෙතු ඇහිපිය පවසනවා
නිදිමත එපා රැය දිගු කර ඉල්ලනවා
සඳ නැති අහස බලමින් මා සැනසෙනවා


ආ මඟ දිඟේ ආපසු පිය නඟන්න
බැහැ හරි දුරයි,  ආවත් මුණ  ගැසෙන්න
නුඹ ආවොත් යළිත් මා මුණ ගැසෙන්න
කඳු පාමුලට  පර මල විසි කරන්න



නිදිනැති රැයක කවි පදයක සිර කරලා
මගෙ සිත ලියමි සොයනෙමි මිය ගිය කිඳුරා


මිය ගිය කිඳුරා සොයන කිඳුරිය

මම

෴ සොඳුරු සිත ෴

9 ප්‍රතිචාර:

සඳූ said...

ලස්සනයි වුනත් දුකයි....

සිතුවිලි නිහඬයි said...

හරිම ලස්සනයි අක්කා......

නිසුපා said...

ලස්සනයි අක්කේ..එලිසමයත් හොදට තියලා.

හිම හංසි said...

දුකයි නෙ අක්කි.ඒත් මම ආසයි මේ කවි පන්තියට.

Dinesh said...

ලස්සනයි අක්කේ........

හිස් අහස said...

ඉස්සර හිටපු සොඳුරු සිත නැවත අවදි වෙලා වගේ . ඔයාගේ කවි වලට මම ඉස්සර ඉඳන්ම ආසයි නෙව අක්කේ ..

ලස්සන කවියක් ..

චමිල said...

කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ.
නියමයි අක්කේ කවිටික....!!!

වර්ෂා.. said...

අක්කෙ,ඔයා‍ට කමෙන්ට් කළේ නැතුවට මගෙ ආසම බ්ලොග් එක සොදුරු සිත..ඒ හිත පුරා තියෙන වේදනාවම තමයි සොදුරු සිත වඩ වඩාත් සොදුරු කරන්නේ.ඔයාගේ මේ කවිය හරිම ලස්සනයි.

හර්ෂ said...

දුක්බර උනත් ගොඩක් ලස්සනයි‍‍... වේදනාවෙත් සුන්දරත්වයක් තියෙනව කියල කියන‍වනෙ‍‍...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...