..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, September 3, 2011

෴ ඉටු නොවන පොරොන්දු / Broken Promises ෴



වළාකුළක නැගල ගිහින් ක්ෂිතජය පසු කොට
දේදුන්නෙන් එතෙර වෙලා මුහුදු හතක් දුර
තරු පුරවන් වට්ටියකට සඳ හිදවා මැද
එන්න ද මම නුඹ බලන්න මාසෙ පෝයෙ අග

You never should've gave me broken promises.


නීති තියෙන්නෙ පිළිපදින්න , පොරොන්දු තියෙන්නෙ ඉටු කරන්න. . .
කවුද එහෙම කීවේ. නීති පිළිපදින අය ඉන්නව නම් නීති වලින් පලක් නැහැ. ඒ වගේමයි පොරොන්දුත් . . . . .


පොරොන්දු වෙන්න බැරි
මම
෴සොසී෴

10 ප්‍රතිචාර:

සුළඟිල්ල | pinkie said...

ලොල්ය. වෙන හැම පොරොන්තුවම ඉස්ටකොරන්න ඔනි නම් පොරොනු වෙන එකේ කිසි ගතියක් නෑ නේද අක්කේ.. හැක් හැක්..

අම්බලම said...

ඇත්තම කියලා තියනවා.

Gimhani said...

හ්ම්ම් ඔබ හරි........

Hasitha said...

පොරොන්දු, හ්ම්ම්... මට නම් හිතෙන්නේ, අල්ල ගත්ත තරමට අතාරින්න අමාරුයි කියලා....

Chandi said...

හැම දෙනාටම දෙන පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරන්නට ලැබෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. සමහර අය මේ පොරොන්දු ඉටු කරගැනීමට ජීවිත කාලයම බලා ඉන්නවා. කැඩුනු පොරොන්දු නිසා ජීවිතකාලයම දුක් විඳින අයත් ඉන්නවානේද? ඒ පසුතැවිල්ල ඒ තරම්ම හොද නෑ. ඒ මොකද ? ජීවන දහම අනියත බව දන්නා කෙනා මේ වෙනස්වීම දරාගෙන අලුතින් ජීවිතයට මුහුණ දෙනවා.

සිතුවිලි නිහඬයි said...

අනේ මන්දා....

Podi Kumarihami said...

ගෙදර මකුලු දැල් කඩලා, තීන්ත ටිකක් කාරිය ගාලා වැඩ පටන් ගමු නේද වත්?

ඕන නම් මුලු වලව්වම ගෙන්නුව හැකි....:)))

පූසා said...

ආයෙත් ආව එක ගැන සතුටුයි :)

Tharinduhw122 said...

පොරොන්දුව කියන්නේ නිකන්ම ඉවත දාන්නන පුළුවන් දෙයක් නෙවෙය්,කව්රු මොනවා කිව්වත් සමහරු තමන් දුන්න පොරොන්දු ඉෂ්ට කරනවා අකුරටම,බැරි පොරොන්දු දෙන්නෙත් නැහැ හොඳේ .....ඒ වගේ ය අඩුය් ලු හොඳේ......

ඔජායෙ.... said...

නීති පිලිපදින අය ඉන්නවනම් වැඩක් නැත්තෙ පොලිස්කාරයො....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...