..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, September 30, 2011

෴ පැටියා ෴







ඔහු පැටියෙකි ,ඉනිවැට ළඟට වී මඟ බලාසිටින්නේ දැන් සෑහෙන වෙලාවක සිට ය, කලිසම් කොටයක් හැදි මදක් තළෙලු සිරුරෙන් වෑහෙන්නේ ගස් ගඳයි. පිසදා නැති නාසය දිගේ වෑහෙන සොටු දියර , වරින් වර දිවෙන් පිරිමදියි.

“ අයියා . . . . .  අනේ එන්නකෝ “

මැටි පැළ දෙසින් ලැබුන කැඳවිමට පැටියා දිව ගියේ , මදක් දුවන විට හැලෙන කලිසම විටින් විට බඩ තෙක් උස්සමිනි.

“ අයියා  මේක තේරෙන්නෙ නැහැ අප්පා “

“ කෝ . . . . .“

“ හයියෝ , මෝඩී එක දවසකුත් කියල දුන්න නේ ද මම මේක ,“

“ අනේ අයියා , “

“ හරි හරි , ඉස්සෙල්ලම මේ ඉලක්කම් ටික පිළිවලට ලොකු එකේ ඉදල පොඩි එකට ලියන්න, ලියල ඉවර වෙලා කතා කරන්න මම එන්නම් “

ඔහු නැවතත් ඉනිවැට දෙසට දුවන්න වූයේ මැටි පැළේ සිටන නැගණිය දෙස ද හැරි හැරී බලමිනි. සැතපුම් ගාණක් දුර ගෙවා ගෙන , පිපාසයට මෙන්ම කුසගින්නට ද බඩට යන වතුර කළය ගෙනෙන්නට ගිය අම්මා ගේ ඇඟේ හැපෙන්නට ගිය ඔහු නියමිත තිරිංගය වේලාවට පෑඟුවේ, තම සයවෙනි ඉන්ද්‍රිෙය් පිහිටෙන වන්නට ඇත .

“ මොක දෑ ළමයො වෙලා තියෙන්නේ කට්ට ගිරිස්මෙ වැටිල අඩුවක් කඩා ගනින් උඹ පුලුවන් නම්, කොයි වෙලෙ බැලුවත් අම්මප කකුල් දෙක බිම වදින්නෙ නැහැ “

ගමන බාල කළ පැටියා , අම්මා පසුවෙත්ම නැවතත් හැල්මේ දුවන්නට විය. මෙවර ඉනිවැට ළඟ නතර නොවූ ඔහු ඉනිවැට පනිත්ම , හරස් කර තිබූ මට්ටම් වූ උණ බම්බුව හඬ නඟා බිම වැටුනෙන් , පැටියාගේ අම්මාගේ මුව ගම් හතකට ඇහෙන්නට විවර විය.

“ කොහෙද බොල උඹ යන්නේ , පනින්නෙ නැහැ වැවේ ගිහින් , රෑ වෙන්න කලින් ගෙදර වරෙන් “

තවත් යමක් පැවසීමට ගැහැණිය සූදානම් වුව ද ඒ වන විටත් පැටියා බොහො දුර ගොස් ඇති බැව් ඇගේ මොළයට වැටහුනේ පැටියාගේ දිවීමේ වේගය දන්නා නිසා වන්නට ඇත.

පැටියා මෙතරම් නොසන්සුන් වී ඇත්තේ , අද පැටියාගේ පියා පැමිණෙන නිසා බැව් ඉවෙන් මෙන් ඇය දනියි. පැටියා ඉගෙනීමට දක්ෂ බැව් පැටියාගේ ගුරුතුමිය ගෙදරටම පැමිණ පැවසුවේ පෙරේදාය. ඒ පැටියා පාසල් යාම නවතා , පැටියාගේ පියා සමඟ අත් උදවු දීමට පටන් ගෙන සති දෙකක් ගෙවීමෙන් අනතුරුවය.

“ කසුන්ලයෙ අම්මෙ , මට තේරෙනවා , ඒත් . . . . කසුන් වගේ ළමයෙක්ගෙ ස්කෝල  ගමන් පාඩු කරන එක නරකයි අම්මා. මං කියලත් ලොකු සල්ලි කාරියෙක් නෙමෙයි.මයෙ අම්ම අප්පච්චිත් ජීවත් වෙන්නෙ මේ මං ළමයින්ට උගන්වල කරන ස්කෝල රස්සවාට පිං සිද්ධ වෙන්න තමයි. කසුන්ලයෙ අම්මට පුලුවන් නම් , කසුන් දහයෙ විභාගෙ ගන්නකම් වත් ස්කොලෙ එවන්න. පොත් පත් ටික මම අරන් දෙන්නම් “

තවමත් තරුණ විය ඉක්මවා නොමැති සුන්දර රුවින් යුතු , අහම්ඹයෙන් 
කැලයට පිපුන නම නොදන්නා සුවඳ මලක් සිහි ගැන්වූ , දුෂ්කර කාල සීමාව ද ඉක්මවා ගොස් ගමේ පාසලේ සේවය කරන ගුරුතුමියගේ වචන සිහිපත් කෙරූ පැටියාගේ අම්මා , පැටියා ද පාසල් යෑමට දක්වන කැමැත්ත ගැන සිහිව , චීත්ත ගවුමේ අත් පිස දමමින් මැටි පැළ දෙසට ඇදෙන්නට වූයේ වියළි වාතයේ වූ උණුසුම් වා රැල්ලට එකතු කෙරූ දිග සුසුම් රැල්ලක් ද පිට කරමිනි. කැලයට පිපුන නම නොදන්නා සුවඳ මලක් සිහි ගැන්වූ , දුෂ්කර කාල සීමාව ද ඉක්මවා ගොස් ගමේ පාසලේ සේවය කරන ගුරුතුමියගේ වචන සිහිපත් කෙරූ පැටියාගේ අම්මා , පැටියා ද පාසල් යෑමට දක්වන කැමැත්ත ගැන සිහිව , චීත්ත ගවුමේ අත් පිස දමමින් මැටි පැළ දෙසට ඇදෙන්නට වූයේ වියළි වාතයේ වූ උණුසුම් වා රැල්ලට එකතු කෙරූ දිග සුසුම් රැල්ලක් ද පිට කරමිනි.

පැටියාගේ අප්පච්චී , පැටියාට පාසල් අඩුවැඩිය ද ගෙන පැමිණෙ බවට අද හිමිදිරියේ  පැවසීම පැටියා මෙතරම් කුලප්පු වීමට සිදුවූ කාරණයයි.

සේපාලිකා පෙහොට්ටු පිපී ඇති බවට ඉඟි කරමින් එහි සුවඳ පැළ දෙසට ඇදෙන්නට වූයේ , මල් සුවඳට කොයි මැදුරත් පැළක් එකසේ සමාන බව පෙන්වමින් වන්නට ඇත.


නමුත් පැළේ සිටි ගැහැණියට සේපාලිකා මල් සුවඳ විඳින්නට තරම් එකඟ වූ සිතක් නුවූයේ , ඒ සුවඳින් ඇයට සංජානනය වූ එකම කාරණය දැන් බොහෝ ඇඳිරි වැටී ඇති බවත් , පැටියා මෙන්ම පැටියාගේ අප්පච්චී ද තවමත් පැළට නාව කාරණාවත් සිතා ගන්නට බැරිව අන්දමන්ද වීමයි. තැනින් තැන ඉරී ගිය මල් ගවුමක් ඇද සිටි පැටියාගේ නැගණිය ද , අම්මාගේ චීත්තයේ කොණකින් එල්ලී එහා මෙහා යමින් සිටියේ , අයියාගෙන් අසා ගැනීමට තවත් බොහෝ දේ ඇයට ඇති නිසා වන්නට ඇත. ඇගේ පුංචි දෑස් විටින් විට පියවෙන්නට විය.

“ කෙල්ලෙ , දැන් මං කී සරයක් කීවද උඹට , පිඟානට බෙදල ඇති උඹට  කාලා නිදා ගනින්, මෙතන කිකිළිගෙ පස්සෙන් වගේ වගේ මත්තෙම එන්නෙ නැතිව, කීවම අහල පලයන් මයෙ කෙල්ලෙ, අයිය ආවම මම උඹට කූද්දන්නම් “

කිකිළිගෙන් මිදුන පුංචි රන් කිකිළිය පැළතුලට ඇදෙත්ම කිකිළිය ඉනි වැට දෙසට ඇදෙන්නට වූවාය. රෑ වෙන්නට එළියට බහින තනියා සිහිවී ඇයට හීල්ලුනි.

ඉනිවැට අද්දරට ගොස් පේනමානයටත් එහා බලමින් ඇගේ දිගු ගෙල තවත් දිගු කළේ නොපෙනන අඳුර ඉරා දමමින් පැටියාත් හුළුඅත්තක් දල්වා ගත් පැටියාගේ අප්පච්චීත් දැන් එතැයි දැන් එතැයි සිතමිණි.පැටියා යන්නට ඇත්තේ , සින්දු ගහ හන්දියේ කඩයට වන්නට ඇත. අප්පච්චී පැමිණි පසුව ඔහුත් සමඟ පස්සෙන් වැටී පැටියා එනු ඇත. එසේ එන පැටියාත් මහඑකාත් තවමත් නැත්තේ ඇයි ?

ඇට පෑදුන ඇගේ කෙසඟ දිගු කළ බෙල්ල ආපසු ගනිද්දීම වාගේ ඇගේ නෙතට දිස් වූයේ හුළුඑළියකි. හිතේ සැකයට පෙනුනාදෝ යන්න සැක හැර දැන ගැනීමට ඇය එසැණින් නැවතත් ගෙල දිගු කළාය. එක හුළු අත්තක් නොව හුළු අතු කිහිපයක් අඳුර කපා වරින් වර ලෙල
හුළුඑළියකි. හිතේ සැකයට පෙනුනාදෝ යන්න සැක හැර දැන ගැනීමට ඇය එසැණින් නැවතත් ගෙල දිගු කළාය. එක හුළු අත්තක් නොව හුළු අතු කිහිපයක් අඳුර කපා වරින් වර ලෙල දිගු කළ බෙල්ල ආපසු ගනිද්දීම වාගේ ඇගේ නෙතට දිස් වූයේ හුළුඑළියකි. හිතේ සැකයට පෙනුනාදෝ යන්න සැක හැර දැන ගැනීමට ඇය එසැණින් නැවතත් ගෙල දිගු කළාය. එක හුළු අත්තක් නොව හුළු අතු කිහිපයක් අඳුර කපා වරින් වර ලෙල දෙනු ඇගේ නෙත ගැටුනි. කඬුල්ල පැන්න ඇය , හුළු අතු එන දෙස බලා සිටින්නට වූවාය.

දැල්වුන හුළු අතු එළිය ළඟ ළඟම එත්ම දුව ආ පැටියා ගේ මුහුණ ඇය දුටුවේ හුළු අතු වල දැවෙන ගිලි එළියෙනි. ඒ මුහුණේ වූ ළපටි ගතිය අතුරුදන්ව ගොස් තිබුණි. නහයේ සොටු දියර පිසදා තිබුන අතර , දෑස් වල යන්තමින් දිලෙන සිහින් කඳුළු පටලය ද ඇය දුටුවේ ගිනිහුළ් එළියෙනි.

“ අම්මා , ආය ටීචර් ආවොත් කියන්න ඉස්කොලෙ යන්න මයෙ හිතේ ඒ හැටි මනාපයක් නැහැ කියලා. “

පැටියාගේ මුවින් පිටවුන එවදන් නැවතත් විමසීමට ප්‍රථම මැටි පිළිකන්නෙන් පැළට වැදුන පැටියා අඳුරේම පැළ තුලට රිංගා අතුරුදන් විය.

ගිනිහුළ් එළියට මැදි වූ පැටියාගේ අම්මාගේ මුවින් අඳෝනාවක් පිටවනු ඉන් මද වෙලාවකට පසු ඇසුනු අතර , අඳුරේ ගුලි වී සිටි පැටියාගේ නෙතේ කඳුළු තිමිර උතුරා ළපටි කම්මුල් දිගේ ගලා යනු කිසිවකුටත් නොපෙනුනි.


පලි - ගිනිහුල් අතින් ගත් තරුණයෙක් පැටියාගේ මව අත තැඹුවේ මොණර කොළ පහකි. ඉන්පසු ඔහු කතා කරන්නට විය.

“ රණේ අයිය අද , බිල්ඩිමේ උඩටම නැඟල තියෙන්නෙ අනිත් අය කුවුරුත් එපා කියද්දි , දන්නෙම නැතිව කකුළ ලිස්සලා. මුදලාලි කීවා  . . . . . .“ .තවත් මොන මොනවදෝ ඔහු පවසන්නට ඇතත් , ගැහැණියගේ විලාපය නිසා , ගමම බියවද්දන් සිටි තනියා ද එදා බියවී කැළෑ වදින්නට ඇති බව මට සිතේ.

පැටියා වැනි දරුවන්ගේ නෙත් පාදන්නට පිනක් මට උදා නොවනු ඇත. නමුත් මාගේ එකම සිහිනය එයයි. ළමා දිනයේදී සැමට අමතක වන කටු අකුළේ පිපෙන මල් ගැන සිහිවන්නට ලියූ වෙමි.
පිදුම - ,ළමා දිනය වෙනුවෙන් සහසක් මල් වැනි දූ පුතුන්ට නොව  කටු පඳුරු අතර පිපී  අකාලයේ මිය යන කැලෑ මල් වලටයි.




ළමයින් සුවඳයි
කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ
රන් මිනි පහනයි
(අඹ යහළුවෝ තේමා ගීතය )

15 comments:

  1. කතාව දෙතුන් පාර එකම එකම ඇවිත් තිබ්බා. ඒ ගැන සමාවෙන්න. බ්ලොග් එකේ මොකක් හරි අවුලක්. සමහර කමෙන්ට් ඊමේල් එකට ආවත් , මේකෙ පෙන්න්නෙ නැහැ. ඇයි ද මන්දා...

    ReplyDelete
  2. ඇත්තටම හොඳ කතාවක් නමුත් කටුක ඇත්තක් .......

    ReplyDelete
  3. සමහර මිනිස්සු දකින්න, අහන්න අකමැති ඇත්තක්.. අක්කා හරි අපූරුවට ලියලා තියෙනවා...

    ReplyDelete
  4. හැමදාම ආපහු හැරී ගියේ කිසියම් දවසක ඔබ මෙවන් හරවත් , ලෝකයට වැදගත් යමක් ලියාවි කියන අසීමිත බලාපොරොත්තුවෙනි.
    ස්තූතියි....
    ඉතාම ලස්සනයි.

    ReplyDelete
  5. නියමයි අක්කේ!
    මගේ හිතට තදින්ම වැදුනු කතා හැම එකටම වගේ "නියමයි" කියන එකට වඩා දෙයක් කියාගන්න බැරි වෙන්නේ ඇයිද මන්දා.....

    ReplyDelete
  6. @ Anonymous
    මා අතින් ලියවෙන බොහෝ දේ හරසුන් බොළඳ දේ බව මම නොදන්නවා නෙමෙයි.එයින් එක්වරම ඈත් වී අර්ථවත් දේ ලිවීමට මා අකැමැත්තේ ද නොවේ. මගේ හැකියාව හරසුන් බොළඳ දේටමයි යන්න මාද සිතා උන්නේ , අර්ථවත් යමක් ලිවීමට කෙතරම් උත්සාහ ගත්ත ද, එවැන්නක් ලිවීමේ හැකියාවක් මට නොමැති බව අවසානයේ දී හැඟීයාම නිසයි. නමුත් “උඹට බැහැ “ යැයි ඇතැමුන් මූණටම පවසද්දි , නොහැකියාව හැකියාවක් බවට පත්වූ අයුරු නොකියාම බැරිය. පීඩනය මතින් නැඟී සිටීම සාර්ථක වන බවට මේ කතාව මට පසක් කරල දුන්න කියල මම හිතනවා.

    ඇනෝ නුඹට ස්තූතියි අවංක හැඟීම් පැවසීම ගැන....(නමත් තිබුනනම් හරි අගෙයි. ඒත් මං දන්නව නුඹ කවුද කියලා.ස්තූතියර්‍ජ

    ReplyDelete
  7. එක්සලන්ට් !!!!!
    නියමයි අක්කේ. හැම කතාවක්ම සුඛාන්තයක් නොවන වගත් ලෝක ළමා දිනය දවසෙත් දුක් විඳින පාසල් යන්න වත් කමක් නැති දරුවෝ කොට්ටාසයක් ඉන්න බව අක්කා අපට පැහැදිලි කරලා තියෙනවා.

    ස්තුතියි වත් අක්කේ !!!

    ReplyDelete
  8. හිතට දැනෙන කතාවක්.. ඒ මාත් පැටියෙක් එක්කන් ඉස්කෝලෙ යන තාත්තෙක් හින්දද මන්ද!

    ReplyDelete
  9. ලස්සනයි අක්කෙ... මමත් ලිව්වා එකක්

    ReplyDelete
  10. " හොඳම දේ දරුවන්ට දෙන්න, "

    " ළමයින් මල්සේ රැක බලාගන්න, "

    " දරුවන් යනු අපේ අනාගතයයි, ඔවුනට නිසි රැකවරණය සහ ආදරය නොඅඩුව ලබා දෙන්න, "

    ඔන්න සිංහලෙන් තියන එව්ව,

    මේ ඉංගිරිසියෙන්,

    " We worry about what a child will become tomorrow, yet we forget that he is someone today.  ~Stacia Tauscher "

    " Children need love, especially when they do not deserve it.  ~Harold Hulbert "

    " Every child comes with the message that God is not yet discouraged of man.  ~Rabindranath Tagore "

    අද ළමා දිනය......කොහෙ හරි රැස්වීම් තුන හතරක් තියල ලොක්කො හත් අට දෙනෙක් කතා පවත්තයි.......ඒ කරල දරුවො තුන් හතර දෙනෙකුට තෑගි මොන මොනව හරි දෙයි.....එච්චරයි......හෙට හැමෝටම ඔක්කොම අමතකයි......ආයෙ ලබන ඔක්තෝබර් පළවෙනිද වෙනකල්......

    ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ළමයින් විඳින වේදනා...දුක් ගැහැට නම් නිමක් නැහැ.......ළමයි මල් වගේ කිව්වට ඒ මල් කැකුළු කීයක් දිනපතා තලා පෙලා විනාශ කරල දමනවද කියල හිතෙන කොටත් හිතට ඇති වෙන්නෙ දරා ගන්ට බැරි තරමේ දුකක් කනගාටුවක්.....

    වත් මැවූ පැටියා වගෙ තව කීදෙනෙක් පාසල් යා යුතු වයසෙ දරුවො.....මෙහෙකාරකමේ යෙදෙනවද.......( මේ තත්වය නම් දැන් බොහෝ දුරට අඩුවෙලා මම හිතන්නෙ )...ඒ වගේම තමන්ගෙ සහෝදර සහෝදරියන්, බොහෝවිට අසනීපයෙන් පෙලෙන අම්ම තාත්ත රැකබලා ගන්ට රැකියාවන්හි යෙදෙනවද?

    මගේ වෘත්තීය ජීවිතයෙ ළමා ශ්‍රමිකයින් ගැන තියෙන පෞද්ගලික අත්දැකීම් නම් අනන්තයි අප්‍රමාණයි..........නිසි අධ්‍යාපනයක් නොලැබුවාය කියන්නෙ ඔවුන්ට කවදාවත් මේ නරාවලෙන් ගොඩ ඒමක් නෑ.....මේ විශම චක්‍රයට ඔවුන් බිළිවෙලා අවසානයි.......

    ළමා නිවාසයකට කවද හරි ගිහින් තියෙනවද?.......මම ගියා එකම පාරක්.....මගෙ උපන් දිනේකට ආහාර වේලක් පරිත්‍යාග කරන්ට.......ඒ එදා එදාමයි.....මම එන ගමන් බිරිඳට කිව්ව..." ආයෙ මට එහෙම කතා කරන්ට එපා එහාට යන්ට......සල්ලි ඕනනම් යවන්ට" ඒ තරමට ඒ ආදරය යදින අහිංසක දෑස් මගෙ හද සසල කලා......ඇත්තටම මල් කැකුළු රැසක් නේද මේ අකාලයෙ පරවෙලා යන්නෙ කියල හිතනකොට ............ලොකු වැරැද්දක් වෙනව ඇස් පනාපිට පෙනෙනව, ඒත් අපට ඊට විරුද්ධව කටයුතු කරන්ට ශක්තියක් නැති උනාම .....අත පය බැඳල දාල වගෙ උනාම හිතට දැනෙනෙ ඉච්ඡා භංගත්වය ...අසරණ හැඟීම..... දැනිල තියනව්ද කවදක හරි?

    මට අන්න ඒ හැඟීම දැනුන මදිය නොකියන්ට.......ජීවිතේටම ඒ එක පාර ඇති......මගෙ හදවතට ඒක දරා ගන්ට අමාරුයි.......අනේ, ආයෙ පාරක් නම් කොහෙත්ම බෑ........

    ReplyDelete
  11. ලස්සනයි සොසී අක්කෙ,හැමදාම වගේ..

    ReplyDelete
  12. ගොඩ දවසකින් ආසාවෙන් කියවපු සටහනක්. ඇත්ත තිත්ත උනත් ගුණයි.

    ReplyDelete
  13. හද සසල කල හරිම සංවේදී කථාවක් නංගියේ. මේ වගේ කැකුලු මල් කීයක් අකාලයේ පරවෙලා යනවා ඇත්ද? අපි අපිට පුලුවන් විදිහට මේ අයට උදව් කරන එක තමයි කරන්න ඕනේ. එක දරුවෙක් හරි ජීවිතය ජය ගන්නවා නම් ඒක හරිම සහනයක් හිතට. මම කාලයක්ම කැපකරු මවක් උනා දරුවන් කීප දෙනෙකුට. අදටත් අපි එක දරුවෙකුට උදව් කරනවා ඒ ලෙස. ඒ ඇර තව දරුවක් කීප දෙනෙකුටම උපකාර කරනවා ඉගෙන ගන්න. එයින් ලබන සතුට අපමනයි. කෑම වේලක් දරුවෙකුට ලබා දෙන්න වත් කෙනෙක් හිතනවා නම් කොච්චර දෙයක් ද? අපි හරිම සංවේදී අපිට බලන්න බෑ කියල ඒ අයට ආදරය නොදී ඉන්න එක මනුස්සකම නම් නෙමෙයි. මගෙ මහත්තයා දහම් පාසැලේ දරුවන් කලන්තෙ දාල උදේට වැටෙනවා දැකල එදා ඉඳලා හැම ඉරිදාම උදේ දරුවන්ට කොළ කැඳ කෝප්පයක් දෙනවා. මගේ පුංචි මුනුබුරා මේ ලමා දිනයේ උපන්නෙ. අපිට ඒකත් හරිම සතුටක්. ඒ නිසා මට ගොඩක් බ්ලොග් සටහන් ප්‍රතිචාර ලියන්න මග හැරුනා. සමාවෙන්න ඒකට.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...