..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, September 30, 2011

෴ කපුටා සහ කේජු ෴



දවසක් නරියෙක් මහ වන මැද්දෙන්
හරි බඩ ගින්නෙන් සැරිසරනා
ගස් අතු අස්සේ දිලිසෙන කපුටෙක්
නරියගෙ නෙත මත දැවටෙනවා

අසරණ කපුටා කොහෙන්ද ඩැහැ ගත්
කේජු කෑල්ලක් දිලිසෙනවා
නරියගෙ බඩගිනි එය දුටු අස්සෙම
බඩ පනුවන් හරි වද දෙනවා

කපුටා ගහ උඩ ,නරියා පාමුල
කොහොම ද මෙය මං ඩැහැගන්නේ
නරියා ගේ සිතුවිලි මේ ඔස්සේ
සැලසුම් අදිනට වෙහෙසෙන්නේ

කපුටා කලු පාටයි හරි අපුලයි
නරියට ඒ බව සිහිවෙන්නේ
ලස්සන කපුටෙකු කෙරුවොත් නරකද
නරියා අවසර ලැබ ගන්නේ

ලස්සන දිලිසෙන පිහාටු නුඹගේ
කොහෙන් ලැබුනිදෝ අනෙ මන්දා
ලස්සන නුඹෙ ඇස් මත් කරවන සුළු
පෙර මං දැක නැතිව ද මන්දා

කපුටෝ හරි හැඩ අසනට නුඹෙ හඬ
ගීයක් ගයනට හැකි වේදෝ
ලස්සන නුඹෙ වත වාගෙම ගී හඩ
මා සවනට අමයුරු වේදෝ

කපුටා මේ සැම අසනා හැටි දැක
නරියා සතුටින් සැනසෙනවා
කපුටා ගීයක් ගයනට සැරසෙයි
නරියා ඒ ගැන වද වෙනවා

හොට අග දිලිසෙන කේජු කෑල්ලත්
කපුටගෙ කකුලේ රදවමිනා
කපුටා ඉමිහිරි ගීය ගයන්නට
හරි බරි ගැසිලා සැරසෙනවා

නරියෝ හරියට නුඹ නම් වාගේ
මිනිසුන්ගේ මැති ඇමැතිලා
දෙන්නම් කීවට දෙන්නෙත් නැති
අර ගන්නම සැරසෙන අය වීලා

මගෙ සොඳුරිය තව ටිකකින් එනවා
කේජු කන්න දොළ දුක හැදිලා
තව ටික මොහොතක් හිටියෝතින් ඇය
දැක ගන්නට නුඹටත් හැකිවෙයි

අප දෙදෙනා සමඟින් එක් වී
කේජු කන්න නුඹටත් හැකි වෙයි
ගී ගයලා නැටුමක් නටලා
සතුටු වන්න නුඹටත් හැකිවෙයි

කපුටා ඒ ලෙස පැවසූවත්
නරියා ඇසුව ද දන්නේ නෑ
නරියගෙ සිත දුක වූවත්
කපටිකමට වැඩි ආයුෂ නෑ

මිතුරනි මා මෙන් නුඹ අසලත්
ඒ නරියා ගැවසෙයි
නරියගෙ කවට වදන් ඇසුවොත්
නුඹටත් නුඹ නැතිවෙයි


මේ මිදි ඇඹුල් කීව නරියම ද , හාවත් එක්කල ඉඹුල් කිරිබත් හැදුව නරිය ද නැත්තම් ජස්ට් යූ වේට් කියන නරිය ද කියල මම හරියටම දන්නෙනම් නැහැ.
 

මේ අතරේ අපේ එහා ගෙදර ඉන්න ගැහැණු කෙනා කෑ ගහනව මට ඇහුනා. . .“ චිහ් මේ මළජරා සත්තු , ඒ ඩිංගට මෙතන තිබ්බ කේජු කෑල්ල උස්සල නෙව “

8 ප්‍රතිචාර:

තිස්ස දොඩන්ගොඩ said...

හපොයි.. ඇනුම් පදයක් වාගේ....!!!!

පබලු said...

නරියා කියනවලු මෙහෙම "අපිට වඩා දැන් ඉන්න කපුටෝ වඩා කපුටෝ කපටියි නේ.."

රාජ් said...

රීමික්ස් එකක් නේද? අර චිත්‍රෙ ඇන්දෙ කවුද ඇත්තටම?

Anonymous said...

නරියා බොරු කියලම නැහැනේ කපුටාගේත් අමුතු ලස්සනක් මට පෙනෙනවා.එත් මම නරියෙකුත් නෙවේ.

මධුරංග said...

මාත් අර පබලුගේ කතාවට එකඟයි. නරියන්ට වඩා දැන් කපුටෝ තමා කපටි. එහෙම නැතුව ජීවත් වෙන්නත් බෑනේ.

කතන්දර Kathandara said...

මගේ කටහඬ ලස්සනයි කියන හැමෝටම මං කේජු කෑල්ල දෙනවා!

The Lion said...

එළ එළ මරු ..........:D

මහි said...

හි හී.... කපටියි කියලා හංවඩු ගැහිච්ච අය ට වඩා, අපි හිතන්නෙවත් නැති අය ඊට වඩා කපටිකම් කරනවා තමා.....

නියම කවි ටික.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...