..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, September 29, 2011

෴ කුණු ඩ්‍රයිවර් ෴



“ මැඩම් , අදත් ටැක්ටරය  කුණු ගොඩ දාලා ගිහින් “

කාර්යාල කාමරයට පැමිණ අසුන් ගන්නටත් මත්තෙන් , ක්ලීනින් සර්විස් එකේ වැඩ කළ පුංචි නමුත් කඩිසර ගැහැණිය ආඩපාලි කියන්නට තබා ගත්තේ , දවසම කන්දොස්කිරියාවක් වන බවට ලකුණු පහළ කරමිනි.


“ ඒක තමයි , මං දැක්ක ගේට්ටුව ගාව “

“ ගන්ධස්කාරේ ,එතනින් එන්න බැහැ නෝනෙ , අපිටමයි වදේ ආයෙ ආයෙ සත්තු ඇදල දැම්ම ම, අනුන්ගෙ කුණු ඇද්දට , අපිත් මිනිස්සුනෙ නෝනා “

ඇය කියන්නේ සැබෑවකි. සමනය වූ ශිත වායුව පිරි වාහනයෙන් පැමිණි මට , ගේට්ටුව අසල වූ කුණු කන් ද කළු වීදුරු අතරින් දැකිය හැකි වූ වද , එහි ගන්ධය නැහැයේ තැවරුනේ නැත.

මේ මහා කුණු ප්‍රශ්ණය අද වත් නිමාවක් දැකිය යුතු යැයි මට හැඟුන බැවින් , දකුණත වහා සීනුව කෙරේ පහත් වූයේ නොසිතූවාටත් වඩා වේගයෙනි. දෙතුන් වරක් නාද වූ සීනුවේ තාලය සහ තීව්‍රර බව අනුව , කාර්යාල සේවකයන්ට මගේ සිත කියවීමට හැකි මනා අවබෝධයක් තිබුනි.


ඉන් මොහොතක් ගත විමටත් මත්තෙන් , ඉතාම ක්ෂනයෙන් , තකහනියක් දිව ආ කාකාස මහතා , මාහා සිනාසෙම් දැයි නොවෙම් දැයි දෙගිඩියාවක තනිවී හිඳිනු දුටු මා සිත ඇති වූයේ මා ගැනම කලකිරීමකි.

“ මොක ද මේ බය වෙලා , යන්න ගිහින් කල්ප මහත්තයට එන්න කියන්න “

ඉතා  මෘදු ලෙසත් , බායාදු ලෙසත් සිනාසුන ඔහු , කල්පගේ මේසය වෙත කඩිසරව ඇවිද යන අයුරු කාමරයේ වීදුරු බිත්ති වැසෙන්නට දමා ඇති තීරු තිර ආවරණ අතරින් මට පෙනුනි.

කල්ප කාර්යාලයේ සිටින හැඩකාර දඟකාරයෙකු වූ අතර තරුණ වියේ පසු වෙන තනිකඩයෙකු විය. ඒ නිසාම දෝ ඔහුට පවරන රාජකාරි කිසිවක් කිසිවිටක ඔහු පැහැර හැරියේ නැත.

“ කල්ප , නගර සභාවට අර මම කීව ලියුම දැම්ම ද ? “

“ ඔවු මැඩම් “

“ උත්තර ආවැයි “

“ නැහැ මැඩම් “

“ ඉතින් , සිහිකැඳවීමක් වත් යැව්වෙ නැද්ද ? සොයල බැලුවෙ නැද්ද. ඔන්න මං දන්නෙ නැහැ. මේ ප්‍රශ්ණය දුර දිග ගියොත් , මේ අහක යන කුණු ගොඩවල් වලට කර ගන්න වෙන්නෙ කල්පට තමයි , තේරුනා ද?  “

“ නැහ් ..... මම දවසක් කෝල් කළා මැඩම් , මේ පලාතට ඉන්න කුණු ටැක්ටරේ ඩ්‍රයිවර් , මහ මදාවියෙක් කීවා. ලොක්කත් ඌට බයලු . ඌට ඕනි විදහට ලු වැඩ “

“ ඒකත් එහෙම ද? එහෙනම් මේ කුණු ගොඩට මටත් අත දාන්නම වෙනව වගේ , හොඳයි කල්ප යන්න , කල්පට පුලුවන් නම් , ඔය ඩ්‍රැයිවර්ට කියන්න , හෙට උදේට ඇවිත් මාව හමුවෙන්න කියලා “

“ ඌ කියන දෙයක් අහන එකෙක් නෙමෙයි මැඩම් , අනික මට ඒ මිනිහව මුණ ගැහෙන්නෙ නැහැ

“ හරි කල්පට අඩු ගානේ මට කියන්න පුලුවන් ද , ඔය කුණු ට්‍රැක්ටරය මෙතනින් යන්නෙ කීයට ද කියල වත් ආහ් “

“ පුලුවනි . . . .  ඒක හරියට උදේ හත වෙද්දි යනවා.අක්කගෙ පුතා ස්කොලෙට ඇරලවන්න එන කොට මම දැකල තියේ “

“හ්ම් ..... එහෙනම් කල්ප කීවේ , ඒ මනුස්සයව හමුවෙන්නෙ නැහැ කියල. හරි , කල්ප යන්න “

පසු දින උදයේ හතට ආසන්නව , මා කාර්යාල වාහනයෙන් කාර්යාලයට එන්නට පිටත් වූයේ , මේ කුණු ප්‍රශ්ණයේ ප්‍රධාන චන්ඩියා මුහුණට මුහුණ හමු වීම සඳහාය. එයට හේතුව වන්නේ , කුණු ටැක්ටරය උදෑසන ගමන් කරන්නේ , මා නිවසේ සිට කාර්යාලයට පැමිණෙන මාර්ගයේම ප්‍රතිවිර්ද්ධ දිශාවන් ඔස්සේ වීමයි. සිතූ ලෙසම කාරිය ඉටු වූයේ, මාරගයද ඉතාම පටු මාර්ගයක් වූ බැවිනි. කාර්යාල ගේට්ටුවට මදක් ඔබ්බෙන් , මා දුටුවේ කුණු ටැක්කටරය අප ඉදිරියට පැමිණෙන අයුරුයි. රියදුරු වහ වහා කාර්යාල නිල රථය පාරෙන් ඉවත් කිරීමට සැරසුන ද , මගේ අණට කීකරු වූ ඔහු , පටු පාරේ මැද්දට වන්නට වාහනය සෙමින් ධාවනය කළේය.
 
“ මැඩම් , ඕකා මහ නොසන්ඩාලයා. අවකැපෙන වචන කීවොත් හෙම ඔන්න මං නැහැ “

කෙමෙන් කෙමන් කුණු ටැක්ටරය කාර්යාල වාහනය වෙත ළඟා වන්නට වූයේ , තවමත් ඉඹි යතුරු දමා වසා ඇති කාර්යාල ගේට්ටුව ළඟ ගොඩ ගසා ඇති කුණු ගොඩ දෙස එකඳු බැල්මක් හෝ නෙහෙළමිනි. සිතු පරිදිම , කුණු ඩ්‍රැයිවර් , තමන්ගේ කුණුකම ප්‍රදර්ශණය කරන්නට වූයේ , කාර්යාල රියදුරුගේ අම්මා අප්පා ඇතුලු සනුහරේම මතක් කරමිනි.

කාර්යාලට ඔබ්බෙන් පිහිටි ප්‍රාථමික පාසල වෙත ඇදෙන දරුවන් ද බිරාන්ත වූ මුහුණින් මේ සිද්දිය දෙස බලා සිටින්නට වූයෙන් , සිතට දිරි ගත් මා රථයේ දොර හැර , පටු පාර ආසන්නයේ වූ කාණුවට නොවැටී පාරට බටුයේ සිත රැදි කෝපය දළු දමමින් ගිනි ගනිද්දීය.

“ ඔහෙ කවුරු කියන් හිතන් ද මේ උදේ පාන්දර පිරිත් කියන්න පටන් ගත්තේ ආහ් , පේන්නෙ නැද්ද , ඉන්න ගෙදරකවත් පොඩිඑකෙක් නැද්ද , තමුන්ට අම්මෙක් අප්පෙක් නැති උනා කියල , අනිත් මිනිස්සුන්ට ඔහොම කතා කරන එක  . . . . . . .“

ඉතිරි වචන මා මුවින් පිට වන්නට පෙර මා ඔහුගේ සෘජු දෑස් දෙස බැලූවේ , ඔහුට මා කියනා දේවල් ඒත්තු ගන්නනට උවමනා වූ නිසා වුව ද , සිදු වූයේ මා සිතූ දෙයට හාත් පසින්ම වෙනස් කිසිදා ක නොපැතූ , සිදු වේයැයි නොසිතූ දෙයකි. . . . . .

මේ යැයි නම් කළ නොහැකි කුණු ඟද පරයා නැඟී ආ මතක සුවඳ ත්, උණුසුම් නැවුම් නොකලැල් ආදරයත් , මිහිරි මතක රැසකුත් මා මතකයට ගෙන එන්නට සමත් වූ ඒ සෘජු දෑස් වල වූයේ මා හොඳින් හඳුනන නමුත් , නාඳුනනා හැඟුම් රැසක් ටැක්ටරයේ පටවා ගෙන යන මිනිසෙකි.

පාර දෙපැත්තෙ පිරී ඇති වාහන වල නලා නාද පරයමින් , පාර දෙපස රොක් වී සිටින කුඩා පාසල් දරුවන් සහ වැඩැහිටියන් ගේ කුතුහලාත්මක දෑස් පරයමින් , මගේ හදවත ගැහෙනා රාවයත් , ඔහුගේ බැල්මත් තීව්‍රර වී දැනෙන්නට විය. කාරයාල රථයේ පිටුපස සිට මහ හඩින් නාද වු ත්‍රීවිල් හඩින් කම්පිතව සිහිඑළඹ ගත් මම ,

“ මට පොඩ්ඩක් කතා කරන්න ඕනි. කරුණාකරල ඔෆිස් එකට එන්න “

රථයට නැඟි මා රියදුරුට රථය පිටු පසට ගන්නයැයි අණ කිරීමටත් ප්‍රථම කුණු ටැක්කරයට පල්ලම් බසිනු දැක ගත හැකි විය. ඉන් සුළු මොහොතකට පසු මාගේ කාර්යාල මේසයට ඉදිරියෙන් වූ අමුත්තාගේ ආසනයේ අසුන් ගෙන වුන් අමුත්තා , සැබැවින්ම මට අමුත්තෙකු  ද ?

“ මට සමාවෙන්න , මම දැනන් හිටියේ නැහැ, ඒ වාහනයේ ඔයා හිටිය කියල “

“ වෙන කවුරු හිටියත් එහෙම ද ? “

“ ඔවු ‘

“ ඉස්සර ඔයා . . . . .“

“ ඒ ඉස්සර. . . .මට හිමි හැමදේම නැති උනා. ඒ ගැන මට වඩා හොඳට ඔයා දන්නව “

ඔහු මාගේ ප්‍රථම ප්‍රේමය බැව් පිළිගන්නට මා සිත මැලිවන්නේ ඔහු කුනුහරුප කියන කුණු ඩ්‍රැයිවර් නිසා ද, පාසල් සමයේ සිට මා පසු පස හෙවනැල්ලක් වන්නව සිට උසස් අධ්‍යාපනය ලබන්නට ද වරම් ලැබූ ඔහුට මෙසේ වූයේ ඇයි ? දෛවය පුදුමාකරය. එකම පන්තියේ පලවෙනියාත් ,දෙවෙනියාත් අද පන්ති දෙකක පලවෙනියාත් අන්තිමයාත් වී ඇති අයුරු.

අද ඔහුගෙන් හමන්නේ කුණු ටැක්ටරයේ ඟඳ වුව ද, මුලු ලොවටත් හොරා ඔහුගේ සුවඳ විදි අයුරු.ඒ සුවඳ අදද ඔහු ළඟ ඇත්නම්. .


“ ආයෙ මෙහෙම වෙන්නෙ නැහැ මැඩම් , මේ ඔෆිස් එක කුණු ඟද ගහන ස්පොට් එකක් වෙන්න මං ඉඩ තියෙන්නෙ නැහැ. හැබැයි ආයෙ කවදාවත් මා මුණ ගැහෙන්න හිතන්නවත් එපා. “

ඉතා වැරෙන් හිඳ සිටි පුටුව පිටු පසට ඇඳ ගත් ඔහු , කාමරයෙන් පිටව යන්නට විය. කාමරයේ දොර ළඟ දී හෝ නැවතත් හැරි මා දෙස බලන ඒ දෑස් පුටුපස මගේ දෑස් පන්නන්නට වූවත් , නැවත කිසි දින ක ඔහු හැරී බැලුවේ නැත.

පසු දින උදෑසන ක්ලීනින් සර්විස් එකේ පුංචි ගැහැණිය ඉතා සංතෝශයෙන් සිනා සුනාය.

“ කුණු කරදරේ ඉවරයි නෝනා. මට හිතා ගන්න බැහැ කාටත් පාට් එක දාන් හිටිය ඌට එකපාරම මේ මොක ද උනේ කියලා. “




ප/ලි- ඉන් පසු දින කිහිපයක් , කුණු ඩ්‍රැයිවර් දැක ගැනීමේ අභිලාෂයෙන් දෝ උදෑසනම කාර්යාලය වෙත පැමිණිය ද , ඒ සෑම විටම දැක ගත හැකි වූයේ අස්වු කුණු ගොඩ පමණි.

කාර්යාලයට පිවිසෙන මාර්ගය දෙපස කුණු නැත
කාර්යාලය පිවිසෙන ගේට්ටුව අසල කුණු නැත
කාර්යාලයේ කුණු නැත......
කාර්යාල වත්තේ ද කුණු නැත . . . . . . .
එහෙත් , විටින් විට,  සියුම්  පශ්චාත්තාපයක රැඳුන කුණු ඟඳක් ජනේලයෙන් කාමරයට එඹෙන බව ක්ලිනින් සර්විස් එකේ කුඩා ගැහැණියට මම කීවෙමි.ඇය මුළු කාමරය පුරා සෙවූවද සොයා ගත නොහැකි වු ඒ අපූරු කුණු ගොඩ විසි කරලන්නට මා සිත හදා ගත්තෙමි.

ඔහු කවුද කුණු ඩ්‍රැයිවර් ,
මං කවුද , ඇත්තටම මං  . . . . . . . . ලොවක් දිනූ කාර්යාල ප්‍රධානියෙකි.


කිසිත් නොදොඩා කුණු ගොඩට හෙළු ආදරයක අගය හැඳින ගන්න වෙහෙසෙන
මම
෴ සොඳුරු සිත ෴

21 ප්‍රතිචාර:

Tharinduhw122 said...

kathava okkama novunata tikak vithara galapenava,,mmmh mona unath sorry thama,dan monava karannada ne.

Chanaka Aruna Munasinghe said...

කාලය මැවු වෙනසක අරුමේ !

තිස්ස දොඩන්ගොඩ said...

ගිමන නිවන ජීවන පෙම් මිහිර හමුවුණා....!

සොඳුරු සිත said...

ටෙස්ටින්

දයියා said...

කොහේ හරි හැංගිලා ඉඳගෙන බිඳී ගිය ප්‍රථම ප්‍රේමය හැමදාමත් අපිව කොනිත්තනව. ඒකක වලක්වන්න බෑ.

Dinesh said...

මොනව කියන්නද??? දෛවය කියල කියමු.........

චමිල said...

මරු...!! හැබැයි කතාව මැදදි තේරෙනව මොනවගේ අවසානයක් වෙයිද කියල. අනිත් එක දෙන්න ලෝක දෙකකට ගියේ ඇයිද කියන එක ගැන වැඩි විස්තර නොදුන්න නම් හොඳයි කියල හිතෙනව. කියවන අයට හිතාගන්ඩ ඉඩදීලා.

deeps said...

Like the plot. but as chamila says, should have let the reader guess why they belonged into two different worlds at the end

RoshanHerath said...

මොන විදියට ලීවත් හොඳ නිර්මාණයක්. නමුත් ගලා යාම, කුතුහලය රඳවාගැනීම පොඩ්ඩක් මදි වගේ..

Gimhani said...

සොසීගේ තවත් හොද නිර්මාණයක්...
ප්‍රේමය ඔහොම තමා පස්සෙන්ම එනවා.

සොඳුරු සිත said...

චමිල හරි. දෙන්නා ලෝක දෙදකකට ගිය අයුරු ලියම්දෝ නොලියම්දෝ මා සිත ද දෙගිඩියාවක තිබ්බෙ;අන්තිමට ඔන්න හේ කමක් නැහැ කියල ලීවා. මේ වගේ බ්ලොග් එකක තියන හොද තමයි ලියන්නාගේ වැරදි . ඇත්තටම වැරදි නෙමෙයි අර මගේ හිතේ තිබ්බ දෙගිඩියාව වගේ දේවල් වලට හොඳ පිලිතුරක් බලා ගැනීමට හැකි වීම.
ස්තූතියි චමිල ඇතුලු සියළුම දෙනාට. ලියන්නෙක්ට ඔබේ අදහස් කොයි තරම් නම් වටිනව ද ....ස්තූථියි ආයෙත්.

රාජ් said...

හොදයි.

නිසුපා said...

ප්‍රතම ප්‍රේමය කොහොම අමතක කරන්නද???

LPS said...

ලස්සන නිර්මාණයක්.. :)

සොඳුරු සිත said...

ස්තූතියි සියළු දෙනාටම ....

Ravi said...

දවසේ රාජකාරි නිමවී ට්‍රැක්ටරය ගාල්කොට නිවස බලා පැමිණියද මගේ සිතට වෙනදා මෙන් සහනයක් නොවුයේ මන්ද යන්න මට රහසක් නොවිනි.

ඇය.....පාසල් වියෙන් සමුගත් පසු මුල් වරට ඇය නෙත ගැටුනේ අදය....ඒද කෙතරම් අනපේක්ෂිත අයුරින්ද?.....ඈ දුටු වහා මා සිහි එළවා ගත්තේ කෙතරම් අසීරුවෙන්ද?

මා කෙසේ වුවද ඇය නම් කිසිදුලෙසකින් වෙනස් වී නොමැත...ඒ සිනහව...ඒ කතාව.....හිස කිහිප වරක් දෙපසට සොලවා මම ඈ පිළිබඳ මතක මකා දැමීමට වෑයම් කලෙමි.

" අද මොකෝ වෙනද වගෙ නැද්ද බෝතලේ කිහිලි ගහගෙන ආවෙ? "

බිරිඳගේ හඬින් පියවි ලෝකයට පිවිසි මම ඈ දෙස රවා බැලුවෙමි.

" මේ තමුසෙට එව්වයින් වැඩක් නෑ තේරුණාද?....මට ඕන නම් මම බොනව නැත්නම් නිකම් ඉන්නව ......"

එකල ඇය වෙත සෙනෙහෙන් බැඳුනු කල, කොතෙක් මම කව් පබඳැදියෙම්ද ඈ නිමිති කොටගෙන.........නැවත කවියක් ගෙතීමට මම උත්සාහ කළෙමි.

සෙනෙහෙ ඔබ වෙත එදා බැඳුනේ,
කිසිමදින යලි නොමැකෙනා ලෙස,
ලඳුනි, ඒ සෙනෙහස එදා මෙන්,
තවම මා හද සුවඳමයි,

ඉරණමත් නලලේ කෙටූ ලෙස,
සිදුවනා බව සත්තමයි,
මහද අදටත් අයිති ඔබටයි,
නිහඬ වෙමි මම එපමණයි,

මහිම said...

කතාවයි Ravi කමෙන්ට් එකයි දෙකම මරු

ඔජායෙ.... said...

oh oh .....

ඒක මාරයි.....

ධම්මිකා සේනානි said...

ලස්සනයි.. අනේ..

ධම්මිකා සේනානි said...

ලස්සනයි.. අනේ..

OCee said...

ධනය,බලය ඉදිරියේ ආදරය පෑල දොරින් පලා යනවා ද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...