..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, September 25, 2011

෴ බබෙක් උපන්නා ෴


සුපුන් පුන් සඳ බිමට අවුදින් ඇගෙ අතේ දොයියයි
රෝස තොල් පෙති ඇඟිලි අත පය අල්ලන්න ලෝබයි

මල් සුවඳ පා කරල ඈතට කිරි සුවඳ උතුරයි
බබෙක් ඇවිදින් අපේ ලෝකෙට ගෙයම මෘදු සිසිලයි

සුරඟනන් නිති සෙමෙර සලමින් ඔහු අසල ගැවසෙයි
සිහිනයෙන් සිහිනයට නිරතුරු මදහසම නංවයි

පුතේ නුඹ අද අපිට එක් වුන ලොකුම සම්පත වෙයි
මතු දිනක එක් සොඳුරු මිනිසෙක් නුඹ තුළම සැඟවෙයි

වැඩිහිටියන් දණගාපු අපේ ගෙදරට , පුංචි කිරි කැටියෙක් ඇවිත්. තවම ඉස්පිරිතාලේ . . . .හෙට අනිද්දා වෙන කොට මල් සුවඳටත් වැඩියෙන් සුවඳ කිරි සුවඳත් අරන් එයා අපේ ගෙදරට ඒවි

..........................


යාළුවන්ට පුළුවන් නම් පිරිමි දරුවෙක්ට හරියන නම් ටිකක් මට සොයා දෙනව ද? අකුරු නැකැත් නම් තාම බැලුවෙ නැහැ......

19 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

චූටි කුමාරයා අපේ අක්කගේ නංගිගෙද?

චූටි කුමාරයටයි පවුලේ හැමෝටමයි තෙරුවන් සරණයි.....!!!!

කතන්දර Kathandara said...

රසන්ත
රනුක

leks' world said...

මල් මෙන් සිනා සරි
නිවසට ගෙනෙන ආසිරි
බිළිඳු හට සඳු සරි
පතනෙමි දිගාසිරි

බක්කුල තෙරිඳු ලෙස දිගසිරි ලැබ ගන්න
සීවලි තෙරිඳු මෙන් පුද දැකුමන් ගන්න
සැරියුත් තෙරිඳු ලෙස සරසවි ලැබ ඉන්න
පතනෙමි පිරුනු සඳ ලෙස දිවි මග යන්න

හිම හංසි said...

අනේ සෝයි නෙ.අකුරු ටික කියන්නකෝ අක්කෙ අපි ලස්සන නමක් දාමුකො

මධුරංග said...

දරුවෝ වාසනාවක් අක්කේ. මුලු ගේම එලිය වැටෙයි දැන් ඉතින්. චූටී පුතාට බුදු සරණයි.

ලස්සන නම් දාන්න නම් දන්නේ නෑ අක්කා.

Prasanna said...

අක්කේ මාර ලස්සනයි අක්කේ කවි පද ටික...

මං නම් දැන්ටම කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි නම් ලිස්ට් එකක් හදාගෙන තියෙන්නේ...

පොඩි බබාට සුභම සුභ නිරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...!

Angel without wings said...

අනේ.... මගේ ගෙදරත් ඔය වගේම කිරි සුවඳ පිරිල තිබ්බ... චූටි දෝණි මගේ... ඒත් දරුවගෙ අම්මයි තාත්තයි එයාව අරන් ගියා නොවැ... දැන් නං හරිම පාළුයි... ඒ දවස්වල වැඩට ගිහින් ගෙදර එද්දි ළඟට දුවන් ඇවිත් කකුල් දෙකේ එල්ලිල චූටි ඇඟිලි වලින් ඉස්සෙනව... වඩා ගන්න කියල... දැන් ඒව මැවිල පේනව... පොඩ්ඩෙක් ඉන්නකොට ගෙදරම එළිය වෙනව අක්ක...

akka, go to this site... මේක කරන්නෙ අහුබුදුගෙ දුව... http://www.babynames.lk/
You can order the name online... Only Rs. 300 and you can just pay by the credit card or a bank transfer... They suggest the letters also... Worth the money....

මගෙ චූටි බට්ටිටත් දාපු එක නමක් ගත්තෙ ඒ ලිස්ට් එකෙන්... සමහර නම් තියෙනව හැබැයි දිව පැටලෙන...

Chanaka Aruna Munasinghe said...

බබානිස්

නිසුපා said...

අකුරත් කිව්වානම් ලේසියි නේද අක්කෙ.අකුර දුන්නාම මතක් කරලා බලන්නම්

සුභ පැතුම් අක්කෙ......

රහස් පරික්ෂකයා said...

නියම , බෞද්ධ නමක් දාන්න..

Gimhani said...

අනේ ශෝක් පැටියෙක්. අකුරු කියන්න එතකොට ලේසිනෙ පො.කු

Red Riding Hood said...

Vidura

මාතලන් said...

කොන්ග්‍රැට්ස්.. රගර් ටීම් එකකට වාසනා වේවා.. කෘන්තක වගේ නමක් හොඳ නැද්ද.. විහිළුවක් හොඳෙයි..

සිතුවිලි නිහඬයි said...

ශා...කාගේද අක්කේ බබා....නම දාන්න ඕන අකුරු කියන්න......නමක් හදල හරි දෙන්නම්

සිතුවිලි නිහඬයි said...

ශා...කාගේද අක්කේ බබා.... නම දාන්න ඕන අකුරු කියන්න......නමක් හදල හරි දෙන්නම්

මකුළුවා..... said...

අනේ...මේ බබා වත් අක්කගෙද?උණුසුම් සුභ පැතුම් කාගේ උනත්....

සම්පත් / jt said...

මේ පැත්තට ආවේ නෑ මාස ගානකින්..
දන්න තරමට ~වත්~ තනිකඩව තමා උන්නේ..
ඒ ඩිංගට බබෙක්....???
කොහොම උනත් ගේ නම් ලස්සන වේවි..
නමක් දාගන්න නම් ඉතින් මාරයට කිව්වනම් හරි..
ජයවේවා!!!

සොඳුරු සිත said...

ස්තූතියි සියළු දෙනාටම. පුංචි බබා නම් මගේ නෙමෙයි. මගේ සහෝදරියගේ. බබාට නමක් බලන්න , අකුරුයි නමුයි , බබලයි තාත්ත අහුබුදු ශුරින්ගෙ ගෙදරින් ගෙන්න ගන්නම් කීවා. සරල සුන්දර නමක් වෙනුවට, දිව උලුක්කුවෙන , පොඩි එකාට 1 පන්තියෙ දි නෙමෙයි 5 පන්තියෙදිවත් ලියා ගන්න බැරි වෙන නමක් ලැබෙයි සමහර විට. මක් කරන්න ද? මගේ දරුවෙක් ඉපදුන දාක සරල සුන්දර නමක් දාමු ...

ස්තූතියි සියළු දෙනාටම. පුංචි පුතා නම් සුරංගනාවියන් එක්ක සිහින බලමින් දොයි.....

Bindi said...

අපේ දුල දෙන්නටම නම් දැම්මේ අහුබුදු තුමන් තමයි. නම් තෝරා ගන්න ලොකු ලිස්ට් එකක් දෙනවනේ . ඔය අපි විහිලු කලාට එතුමා නිසා පහුගිය කාලේ සිංහල ආරේ නම් දාන්න මිනිස්සු හුරු වුනා . නැත්නම් අපේ කලේ වගේ එක්කෝ හින්දි නම් දමයි නැත්නම් යුරෝපිය ආරේ නම් දමයි. මන් නම් එතුමාට ගරු කරනවා බොහොම . අපි තෝරා ගත්ත නම් දෙක සරලයි . ඒ වගේම කියන්න ලියන්න ලේසියි. පිටරටවල යාලුවොත් කියනවා බොහොම ලස්සන නම් කියල . දෙන ලිස්ට් එකෙන් දිව උලුක් නොවෙන නමක් තෝරාගන්න . නම් දැමීම ගැන කියන්න කතා නම් බොහොමයි. අපේ නෑයෙක් ළමයට ඩිලාන් කියල දැම්ම පස්සේ පිටරට ගියොත් සුද්දන්ට කියන්න ලේසි වෙන්න කියල . ඩිලාන් නමේ වරදක් නැහැ . ඒත්අර මෝඩ කතාවට අපිට හිනා .

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...