..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, September 24, 2011

෴ හිත් මත් කළ පොත් වසන්තය සහ තවත් දේ ෴

සාහිත්‍ය මාසය වෙච්චි , BMICH එකේ තියන පොත් ප්‍රදර්ශණයට මාත් ගියා , තනිව ගිය ඒ ගමන හරිම වෙහෙසකාරී එකක් උනා. වැඩි වේලාවක් ගත කළේ ප්‍රසංග ඉදිරිපත් කරපු පුංචි ඈයෝ දිහා බලන්. හොයපු පොත් නැහැ.

“ ඒ පොත ඉවර උනානේ , හෙට ගේනවා මිස් “



එතින් අච්චර දුර ඉදන් මම කොහොමෙයි හෙටත් එන්නේ.

“ මේ පොත කීය ද ? “

“ ඒක විකුණන්නෙ නැහැ මිස් ? “

“ අර මොක ද ? “

“ මේක ඩිස්ප්ලේ , පොත් ඔක්කම ඉවර උනා , හෙට අලුත්ම ප්‍රින්ට් එක ගේනවා . අපිට මේ සැරේ කලින් ප්‍රින්ට් කර ගන්න බැරි උනා. “

“ කමක් නැහැ. ලබන සැරේ ගන්නම් “

මම හොඳට විපරමින් ඇවිද්දෙ එක ශාලාවක විතරයි. කවි පොත් ඒ එක පොත් සාප්පුවක වත් නැහැ. කවි පොත් ඉල්ලුවම , මෙන්න බොලේ ජන කවි පොතක් උස්සන් එනෝ......

ඒත් ශාලාවෙන් පිටත තිබ්බ පුංචි හට් එකක , මෙන්න තියනව නිතර දකින , අඳුරන අයගෙ කවි පොත් ගොඩක්.අඳුරන්නෙ ඉතින් ෆේස් බුක් පිටු වලින් තමයි.  ඒත් මක්කරන්න ද , ඒ වෙන කොට මම හිදිලා , ගන්න හම්බුනේ එක කවි පොතයි. අනික , එතන තිබ්බ ගොඩක් කවි පොත් , නිසදැස්  ... මම කැමැතිම තාල තියෙන පද හතරේ කවි පද තියන කවි පොත් තිබ්බෙ අඩුවෙන්.

පඩි හම්බුනත් සල්ලි වියදම් කරන්න බැරි කාරණා රාශික් මට මේ මාසෙ යෙදිල තියන නිසා , මගේ හිත ඇලෙන ඇලෙන පොතෙන් ගලවගන්න මන්තරය ජප කරන්න වුනා. පොත් ගොඩක් පිටු පස කියවල මිල බලල පැත්තකින් තිබ්බා.


හිත ගිය අයකුට පෙම් බදිනා ලෙස
පත පොතටම ආලය කරනා
ගැහැණුන් මිනිසුන් දරුවන් දැකුම ද
සුන්දර දැකුමකි සිත අඳිනා

වසරට සැරයක් වත් පොත් ගන්නට
මිනිසුන් දැන් පෙළඹෙන තාලේ
කොතරම් අගනා දෙයක් උනා දෝ
කියවීම ට ඇති රුචිකත්වේ
සමහරු ගන්නේ කවරය බලලයි
විපරම පසුවට කල් තබති
නිවසට ගොස් පෙරළා බලනා විට
තම තමනට දොස් අහ ගනිති
පැරණි පොතක වග කියමින් සමහරු
අලුත් පොතක් නැහැ අරගන්නේ
පැරණි වැරදි නැති රන්මසු වැනි පොත්
ඇති බව නැද්දෝ දැන ගන්නේ
කවි පොත් බලනා අය හිඟ ඇයි දෝ
සිත මා නිතරම විමසූවා
පොත් වලටත් වැඩිනේ ලියනා අය
නම් හැම තැනදිම දැක ගත්තා
(වත් පොතේ)


කවි ලියන අය නම් හරියට , ඒත් ඒ කවි ලියන අයවත් කවි පොතක් ගන්නව ද කියල සාධාරණ සැකයක් ඇති උනා...



කවි පොත් බණ පොත් කතා පොතුත්

මේ හැම පොත ගත්තත් පරදිනවා
මහ පොත මට දැන් මදහස පාමින්
දැන්දෝ ආවේ විමසනවා
( වත් පොත )


හා . . .ගියා නේ ද පොත් ප්‍රදර්ශණ බලන්න. ඔය මොන පොත ගෙනාවත් , අද පරපුර නවතින්නේ මගේ පොතේ තමයි - වත් පොත හිනා වෙවි මට කියනව ඇහුනා .

කාටවත් නොකියා ම, දැනුම් දීමක් නොකරම , තනිවම පොත් බලන්න ගියා කියල සමහරු දැන් මට දෝස් මුරේ. . . . . . . . . .

ඔන්න ඔහොමයි මගේ සාහිත්‍ය මාසයට හිත ගිය පොත් ගත්තේ...................

පලි / පොත් ගන්නට වඩා සෙනඟ ඇවිත් තිබ්බෙ කන්න බොන්න කියල හිතෙන තරමට , කඩචෝරු කඩ වල සේනඟ සූ ගාලා.

එතකොට තමයි මට මතක් උනේ “ කුසට ආහර මෙන් මනසට පොත් ය “ කියලා.
පොත් කඩේ ගිය වත්
මම
෴ සොඳුරු සිත ෴

14 comments:

  1. අපායට ගියත් ඉස්සෙල්ලා ය්න්න ඕනා කියනවනේ...අන්තිම මොහොත වෙනකන් හිටපු හින්දා තමයි පොත් ඉවර වෙලා තියෙන්නේ..

    ReplyDelete
  2. කුසට ආහාර අඩු වුනාට වැඩි රිදුම් නැහැ හැබැයි මනසට පොත් අඩු වුනාම නම් වේදනාව දැඩියි!

    ReplyDelete
  3. පොත් බැලීමේ හොඳම පලදායී ක්‍රමය පොදු පුස්තකාලවලින් පොත් බැලීමයි.

    පෞද්ගලික පොත් එකතු වලින් හුවමාරු ක්‍රමයකට බලන්නත් පුළුවන්.

    අයිතිකරගන්න ඕනෑ අත්‍යවශ්‍යම පොත් පමණයි!

    ReplyDelete
  4. ඉතින් මොනවද ගත්ත පොත්?

    ReplyDelete
  5. පොත් ඉවරනම් මොකටැ ඩිස්ප්ලේ එකේ තියන්නෙ විකුනන් නැති පොතක්. එක්කො ඒක විකුනන්න ඕන. නැතිනම් ඉතින් ඒක ඩිස්ප්ලේ එකෙන් අයින් කරන්න ඕන. කොළඹ මිනිස්සුන්ගෙ ඒ දුර්වලකම මම හැමදාම දකිනවා. එයාලා හිතන්නෙ එයාලා ගාවට එන හැමෝම කොළඹ ටවුන්එකේ අය කියලායි. දුර ඉඳලා එන අයටත් ඒ අය සලකන්නෙ ළඟපාත අයට වගේ.
    (දවසක් අපේ ක්ලාස්එකේ අලුත් සෙමෙස්ටරේ පටන්ගන්න හැටි කතා කරගන්න මම මෙහේ ඉඳන් කොළඹ ගියා. යන්න එන්න පැය 3.5x2.රැස්වීම පටන් ගත්තෙ කියපු වෙලාවට විනාඩි 45 පරක්කු වෙලා. රැස්වීම තිබුනෙ විනාඩි 10විතර. මගේ මෝඩකමට මම ගියානෙ ඒ රැස්වීමට.)

    ReplyDelete
  6. මාත් යන්න හිටියේ... එත් වැඩ ගොඩක් හින්දා යන්න බැරි වුනා. ගිය කෙනෙක් ගැන ඇහුවමත් දුක හිතෙනවා... :(

    ReplyDelete
  7. අයියෝ තනියෙන් ගියාම හරිම ඩල්.කතා කරානම් කට්ටිය සෙට් වෙලා යනවනේ.මමත් දවස් දෙකක්ගියා තනියෙන් එපා උනා අප්පා..

    අර කිව්වත් වගේ පොත් කඩවලට වඩා අඩියෙන් අඩිය කෑම බීම කඩනම් තිබුනා...:)

    ReplyDelete
  8. අපරාදේ... අක්කට කලින්ම යන්න තිබුනේ.......

    ReplyDelete
  9. නිකන් කියවනවට වඩා පොතක් කියවන එක ලොකු දෙයක්.. කියවීම මිනිසා සම්පූර්ණ කරයි..

    ReplyDelete
  10. අක්කා ආවා කියලා දන්නවනම් අපිත් එනවා.
    අපරාදේ කලින් ආවනම් හොදා.....

    ReplyDelete
  11. ඉතින් ඔයා එක කවි පොතක් විතරද ගත්තේ ....?
    [ඔච්චර දුර ඉඳල ආපු එකත් ලොකු දෙයක්.]
    ''කතන්දරගෙ'' කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  12. sunethra rajakarunage "poorwajanma ....." wage namak tiyana potak gna oya vistara liyala tibuna eth e pota tma book shop walat avit nhane,eka alut potakda, oya kohenda eka gatte kiyala mta rply kranwada,mta godak asai eka kiyawanna,mama e pota gna dukage post ekt beluwa.

    ReplyDelete
  13. අනේ මමත් ගියා ලොකු බිලක් දාල පොතක් ගන්න .... ඒක ඉවරයි සර් කියලයි අහන්න වුනේ .... වැඩිය නෑ...2500/=

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...