..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, September 19, 2011

෴ හාවා සහ ඉබ්බා‍‍‍ගේ ‍තරඟයේ අභිරහස විස‍‍‍දෙයි ෴


කවුරුත් අහල ඇති නේද , හාවගෙයි ඉබ්බගෙයි කතාව. . . .ඔවු ඔවු අර හාවා මඟදි නිදපු නිසා ඉබ්බ දිනුව කතාව. ඒත් ඒ , ඒ කතාවේ ඇත්ත නෙමෙයි. මට දවසක් එයාලව අහම්ඹෙන් මුණ ගැහුන. හාවා ගොඩක් වයසයි දැන්. හාවා කීව ලොකු රහසක් කියන්න තියෙනවා කියලා. ඉතින් ඒ රහස ඔයාලත් එක්ක බෙදා ගන්නයි අද මම මේ හදන්නේ . . . . . . .


පුංචි කාලේ කොයි කවුරුත් අහල තියෙනවා
ඉබ්බයි හාවයි කතාව සැවොම දන්නවා
ළඟදි දිනක මේ දෙන්නව මට හමුවෙනවා
අමුතු කතාවක් හාවා මට පවසනවා

හාවයි ඉබ්බයි පෙර දින දුවල තියෙන්නේ
ඔට්ටුවකට කෙල්ලකගේ කවුරුද දන්නෙ
හාවා නැහැ මඟ දී ටිකක් නිදල තියෙන්නේ
ඉබ්බා රවටන්නට නැහැ සිතල තියෙන්නේ



දුවලා දුවලා එන කොට හාවා වේගෙන්
පුංචි බබෙක් හා පුංචව දැකල තියෙන්නේ
මගෙ සුදු හාවෝ කොයිබ ද පැනල දුවන්නේ
ඒ පැංචා හා පැංචව කොටු කර ගන්නේ

කිරි සුදු හාවා පැන පැන ඇවිත් තියෙන්නේ
දළු කොළ කන්නට යැයි මේ බබා සිතන්නේ
හා පැංචව කම්බි දැලක සිර කර ලන්නේ
බබාගෙ සුරතලා ලෙසට නමකුත් දෙන්නේ

හා පුංචා දහ අතේම වැදල කියනවා
බබා ඉදන් හා පුංචට කැරට් කවනවා
මේ බව දැක බලු රාලට තරහත් එනවා
හිටහන් මම හෙට උදේට උඹව ගිලිනවා

මේ අතරේ ඉබ්බා ජය කණුව දිනනවා
හාවා කෝ කොයි කවුරුත් විමසිලි වෙනවා
හා පුංචා කූඩු වෙලා දැන් වැලපෙනවා
ඔට්ටුව පැරදුනොතින් ඇය වෙනතක යනවා

රෑ යාමේ බලු රාලත් කිට්ටු කරනවා
අද රෑ මට රසට කෑම ඌ දොඩවනවා
බලු රාලේ මා බේරා ගන්න කියනවා
ඔට්ටු තියල දිව ගිය හැටි ඌට කියනවා

කෙල්ලෙක් හින්දයි මේ සැම දේ සිදුවන්නේ
ඉබ්බ එක්ක ඔට්ටු දුවන්නට සිදුවන්නේ
ඒ අතරෙදි තමයි බබා මා අල්ලන්නේ
බලු රාලේ මට යන්නට දොර ඇරපන්නේ

කෙල්ලො නිසා මම තාමත් දුක් වෙමි පැංචෝ
ඒ දුක නුඹහට දෙන්නට බැහැ මගෙ පැංචෝ
හිත උණු වෙන බලු රාලත් දොර හැර දෙන්නා
හා පුංචට රේස් එකට යන්නට දෙන්නා

උඹ දුවපන් දිනා ගන්න රොස මල නුඹේ
මා සුබ පතනව පැංචට හිත තියා නුඹෙ අතේ
හා පුංචා පණ දාගෙන පැන පැන එන්නා
ජය කණුවක් ළඟ ඉබ්බා ඇය සිප ගන්නා

හදේ කවුළු දොර වැසිලා දුක නිති පිරුණා
කෙල්ලො ඔහොම තමයි ඉතින් සිත දුක පිරුණා
හා පුංචා අඬ අඩ කැලයට සිත ඇදුනා
ඉත්තෑවිය මේ හාවාගෙ සිත දුක දැක්කා


අඩන්නෙ ඇයි සුදු හාවෝ මටත් කියන්න
මට පුලුවන් විදිහට සැනසුම ගෙන දෙන්න
හාවයි ඉත්තෑ පැංචියි මහ වන මැද්දේ
දෙන්නාගේ සිත දුක් ගිනි සුසුමක ලෑවේ

හාවගෙ දුක ඇසු ඉත්තෑවිය දුක් සෝකෙන්
දුක් වෙන්නට එපා පැංචෝ ඉම්ඹා ආලෙන්
කටු ඇනුනට මුහුණ පුරා හාවගෙ සිත හැදුනා
වේදනාවෙ තොර ආලය නැති බැව් දැනුනා

ඔන්න ඔහොම මේ ආලය කෙලවර වෙන්නා
නමුත් ඕප බේගල් රට වට පැතිරෙන්නා
හාවා දිව ගොස් නිදලා තියෙන නිසාවෙන්
ඉබ්බා දිනු බව  ට මුසා පිරිල කැලෑවෙත්

කටින් කටට ගියපු කතා හාවට ඇසුනා
ඉත්තෑවිය සමඟින් හාවා සැනසුම ලැබුවා
ආදරයක් ලැබෙන අයුරු කොහොම ද දන්නේ
ඔට්ටුවකට ආදරයක් කොහොම තියන්නේ


අහඹු ලෙසට නුඹව සොයන් එන ආදරයයි
රැවටී පසු පස්සෙ ගොස් සොයනා ආදරයයි
හිත හඳුනන සිත සනසන ළඟ ඇති ආදරයයි
හඳුනා ගනු මා නුඹ සෙවු ඒ ආදරයයි
 

පිටතින් දිවෙන කතා වලට වඩා , සමහර කතා ඉතාම වෙනස් බව හඳුනා ගත් ඉත්තෑවිය

මම

෴ සොඳුරු සිත ෴

24 comments:

  1. අක්කා ඉත්තෑවිය නම් කවුද හාවා ???
    අක්කා කියනකම් මම් හිතන් හිටියේ හාවා නිදන් උන්නැයි කියලා. බලන්නකෝ මම් පොඩි කාලේ ඉදන්ම නොමග ගිහින් නේ.

    කෝ මේ අපේ අම්මා........... මට බොරු උගන්නලා නේ.

    ReplyDelete
  2. පික්සු හැදෙයි යළි හොඳවෙයි ආයෙ හැදෙයි බොල,
    සොඳුරු හිතක හට ගන්නා සොඳුරු කතා එළ,
    හා පුංචේ මට ඇත්තේ එක පැනයකි බල,
    ඉත්තැකූරු මූණෙ ඇනිල පැන්නෙ නැද්ද මල?

    ReplyDelete
  3. අම්මට උඩු, ඒ කියන්නේ ඇත්තටම වෙලා තියෙන්නෙ මේ සීන් එක නේද...

    එල එල

    ජය..

    ReplyDelete
  4. ලස්සන කවක්, ලස්සන අදහසක්.
    ඔව්, වේදනාවෙන් තොර ආලයක් නෑ තමයි, ආදරය කරන්න ගත්තම ඒක ගොඩාක් ලස්සනයි, නමුත් ඒක අස්සෙ පොඩි පොඩි හරි වේදනාකර දේවල් තිබෙනව, නමුත් හැමවිටම ආදරය ලස්සනයි..

    ReplyDelete
  5. ඉත්තෑවිය සමඟ ඉද්දි ආල පපා වෙලී
    නිරන්තරව සාවා සිතයි සසරේ බැඳි බැමී
    නොබා විරිය පා බිඳිමින් භව තෘෂ්ණා පොදි
    නිවන් පුරේ යන්න සිතා පින් පිරුවා නිති

    සත්තු නිවන් දකිනු කෝම ඒක දුකක්මැයි
    පින් කෙරු මුත් මිනිස් බවක් ලැබුමත් අහිතයි
    ඒ හින්දා දෙව් විමනට නික්ම ගියා මැයි...
    අදත් අපිට පෙනි පෙනි හඳ දෙව් ලොව වැජඹෙයි!!

    ReplyDelete
  6. කතාවට සීයට සීයක් එකගයි සොසී අක්කේ...... මත් උනා ඔයවගේ වැඩක්... වැඩක් නෙවෙයි උන වැඩේ ඔය වගේමයි.. :D

    ReplyDelete
  7. සා නියමයි ඈ ලස්සන කවි ගොඩාරියක් .

    අපි නොදන්න තිත්ත ඇත්ත කවියකින් හෙලි කලාට තැන්කිවු අක්කේ . සොසීගේ මේ කවිය සෙට් එක නම් මගේ හිතෙන් කවදාවත් මැකෙන එකක් නෑ .

    ReplyDelete
  8. වේදනාවකින් තොර සැපතක් නැත යයි පැවසුවේ ඉත්තෑවියක ගෙන් හාදුවක් ගත් හාවෙකු විසිනි... නියමයි ඈ

    ReplyDelete
  9. කාල වරෙන් විස්කිරිඤා කිව්වලු... වත් අක්කත් මාර කතා කාරියක් වෙලානෙ... නියමයි නියමයි...

    ReplyDelete
  10. පික්සු හැදෙයි, බඩ කොරවෙයි රවි අයියා... :D :D

    ReplyDelete
  11. දැන් අර දෙන්නා ඔට්ටු දැම්මෙ හා කෙල්ලකටද ඉබි කෙල්ලකටද?

    ReplyDelete
  12. ඈ ඒ කියන්නේ අපිට පොඩි කාල් මේ කතාව කියලදීලා තියෙන්නේ වැරදියටද??? කවුද මට මේ කතාව කිවුවේ???

    ReplyDelete
  13. Oh, well, we almost had a romantic ending!
    - Bugs Bunny -

    "Th-th-th-that's all folks!!!"

    ReplyDelete
  14. ඔන්න අද ඇත්ත කතාව යන්තම් අහගත්තා. ඉන්ටකෝ අත්තම්මාව අල්ලාගන්නකල් අපට බොරු කියලා දුන්නට....:)))

    ලස්සන කවි පෙලක් සොසී....

    හැබෑට කවුද ඔය හාවා????

    ReplyDelete
  15. කවුද මේ හාවා? මූණ පුරා ක‍ටු ඇනෙද්දිත් ඉත්තෑවිය සිප ගන්න තරම් යහපත් වූ හාවා?
    ලස්සන කවි පෙළක්...

    ReplyDelete
  16. මේක නිකං මට කිවා වගෙනෙ :D

    ReplyDelete
  17. නියමයි සොසි ....කාලෙකින් දැක්ක අපුරුම නිර්මාණයක්

    ReplyDelete
  18. ආ ඔය ආයිත් ඇවිත් තියෙන්නේ..හොදා හොදා..

    ReplyDelete
  19. හැ........... ආන්න හරි මගේ සුදු මල්ලියට තමා කීවේ. අර මකරයියා නැට්ට පාගන් මාවයි මගේ හාවාවයි කන්ට හඳනවා. හරි දැන් මේ තියෙන්නේ විකෘති නොවූ ඇත්ත කතාව. මං ඉත්තෑ පැංචියෙක් නෙමේනේ. මේකේ හැටියට කෙල්ල ඉත්තෑවිනේ.

    උම්ම්ම්ම්ම්මාහ්. තැන්කූ සුදු අක්කේ අපිව අර බොරුකාර මකර කටින් ගලවගත්තට.

    ReplyDelete
  20. අක්කා නියමෙට ගොතලානෙ. හැබෑට දෙන්නම ලයින් දාපු කෙල්ල කවුද?

    ReplyDelete
  21. ඉත්තෑවිය නිසා කවි පද ටික ගොඩක් ප්‍රේමනීය වෙලා...

    ReplyDelete
  22. ඇඩෙනවා ..... නියමයි කතාව සම්පුර්ණෙන් වෙනස් වුනානේ..

    අර බලු පැටියා ගිහින් හාවගේ කෙල්ලට කිව්වොත් වෙච්චදේ එ කෙල්ල එවිද හාවා හොයාගෙන. එතකොට හාවා ඉත්තෑවිය එක්ක ඉන්නො දැක්කොත් කෙල්ලට මොනවා වෙවිද?

    කෙල්ල ඉබ්බා හොයාගෙන යාවිද?

    ReplyDelete
  23. ෂා..... හරිම වෙනස් විදියට හිතන සොඳුරු සිතක්... සඳූ පුළුවන් හැම වෙලාවකම එනවා සොඳුරු සිත කියවන්න...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...