..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, September 17, 2011

෴ නොකියාම නික්ම ගිය දේවේන්ද්‍රසං ට ෴



සකුරා මලින් මලකට නොම පියමැන්න
සකුරා නෙලා නොගෙනම එය රස වින්ද
සකුරා මලේ සුවඳට නිති පෙම් බැන්ද
නොරිකෝ කියා මලකට නමකුත් ඇන්ද

වෙනතක යා නොදී තම වෙත සිත රන්දා
ඇගෙ සිහිනයේ කුමරා වී නම රදවා
එනමුත් ඇගේ අත නොගෙනම හිත බිඳවා
කිම නුඹ කළේ, නැත නුඹ කිසිවකු හඳුනා

තෙලි තුඩ අඟින් සිතුවම් කර සිත හඳුනා
ඒ සිත්තමම බොඳ කර හදවත හඬවා
ඇදි සිත්තමේ රැඳි සිත මදකට නවතා
නුඹ ඇයි මගේ සිත ඈතක නිති රදවා

විඟහින් ගොසින් යළි විඟහින් පැමිණෙන්න
නුඹ සිතුවාට නොරිකොට බැහැ සැනසෙන්න
දිවියෙන් සමු අරන් නුඹ ගොස් නික්මෙන්න
නැත කිසි සමාවක් නුඹහට මට දෙන්න

මළඋන්ගේ අවුරුදු දා
නුඹ දකින්න
මම එනවා

නුඹ නොරිකොට සම කළ
මම
෴ සොඳුරු සිත ෴

16 ප්‍රතිචාර:

සාතන් said...

මට ඔය මලවුන්ගෙ අවුරුදු දා පොත් සෙට් එකෙන් දෙකක්ම තෑගි හම්බුවුනා... අවුරුදු 2ක ගිහිනුත් කියවල තියෙන්නෙ එක පොතකින් බාගයක් විතරයි...

මේ කවි සෙට් එකෙන්නෙ වැඩේ තේරුනෙ.. මට ඔය පොත් දෙන්න ඇත්තෙ හැමදාම මමත් යන එකක් ගැන කතා කරපු හින්ද වෙන්න ඇති..

Podi Kumarihami said...

දුක හිතෙන කවි ලියන්ට එපා සොසී....:(

ඉන්දික said...

ඇත්තටම මරු!!

හිස් අහස said...

සෝක් සෝක් ජපං ගිහිං ආවා වාගේ

මයියා said...

නියමයි...මයියට හැම කවියක්ම් තේරෙන්නේ නැති විත්ටිය හා රස විදින්න බැරි විත්තිය කියලා තියෙනවනේ...ඒත් මේක නම් නියමෙටම ලියාලා තියෙනවා

Gimhani said...

ඔයා අපිට අඬවනව සො,සී

තිස්ස දොඩන්ගොඩ said...

ආයිබෝං කියන්නවත් බැරි වුනානෙව දෙවෙන්දරා සං ට... :-(
විස්තර දන්නේ නෑ බොහෝ දෙනෙක්...

Dinesh said...

ලස්සනයි අක්කේ... ළගදි කතාවක් ලිව්වෙත් නෑ නේද අක්කේ?? ලියමුද අළුත් කතාවක්..

Ravi said...

සකුරා මල් පිපුණු ගිම්හානෙක සවස,
පියවර මැන ගියා මතකයි අප දෙදෙන,
රැඳුනේ අපේ හමුවීමේ මුල් දවස,
වෙන්වන ලෙසින ඉරණම නළලේ කෙටුව,

සෙනෙහස බැඳුනි ඔබ වෙත මම නොදැනීම,
අරුතක් ඇතිද නොඅසමි මම කිසිදාක,
මෙදියත හැම දෙයම සිදුවනුයේ එලෙස,
අරුතක් හැම දේම සොයනුයෙ අප කෙලෙස,

සමුගෙන ගියෙමි ඔබෙ අවසර නොපතාම,
යන්නට සිදුවුනේ මම නොසිතූ විලස,
සකුරා මල් පිපෙන සවසක මතුදාක,
හමුවෙමු යලිත් මළවුන් අවුරුදු දාක,

හෙටත් සකුරාමල් පිපේවි...ඒ වගේම මේ හුළඟත් හමාවි.......සුළඟේ පාවෙලා ආපු සකුරා මල් අද වගේම මේ පාර දිගට වැටිල තියේවි.......ඒත්......ඔබ...ඔබ..... හෙට නෑ.....මම තනියම..........

නොරිකො එහෙම කිව්ව.....දෙවෙන්දොරා ට.........ඇත්ත, එහෙම තමයි උනේ,

ඒත් දෙවෙන්දොරා ආයෙම එනව.....ඔව්.....ආයෙම එනව...ඒ මළවුන්ගේ අවුරුදු දා.....එකම ඉටිපන්දමක් දැල්වෙන...... මලවුන් වෙනුවෙන් දල්වන පහනක් අරගෙන......... ඔබ..... එන්න නොරිකො,........... එදාට නොවරදවාම ඔබ එන්න........මම ඇවිල්ල ඉන්නම්, ඔබ එනතුරු මග බලාගෙන මම ඉන්නම්.......

charmi said...

මේ පිටුව විවර කර දැනට පැය එකහමාරකි. කොටන්නට එකදු අකුරක් හෝ ගලපාලිය නොහේ. බ්ලොගයේ පසුබිම මෙන්ම මා සිතද හිස්ය.

හිස්කම පමණක් තබායමි.

malmi said...

නැවතුමක් නැති තැනක හිද අදත් මම කව් පෙල ගැන සිතමි.

පොඩි මෑන් said...

:(

සිතුවිලි නිහඬයි said...

පද ටික නම් අපුරුයි අක්කා......දුක හිතුණා කියවද්දී

මධුරංග said...

ඔය නොරිකෝ ඉන්නේ මලවුන්ගේ අවුරුදු දා කියන පොතේද ?
කවි ටික රස විඳින්න පොත නිකියවා තිබීම පොඩි අවහිරයක් විය. කවි ටික නම් ලස්සනයි.

දුමී said...

නොකියාම නික්ම ගිය දේවේන්ද්‍රසංට.... සුභ රාත්‍රියක්......!

දුකා said...

ඉතිං සුභ ගමන් දෙවෙන්දරා සං . . .

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...