..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, September 15, 2011

෴ පිඹුරා ෴


ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් නොහොත් එදවස භාෂාවෙන් නම් උප දිසාපති කාර්යාලයකි.....


‍බරුති පොහොර උරයක් කර තබා ගත් අහිංසක පෙනුමැති ගැමියෙකු ලහි ලහියේ කාර්යාලය වෙත පියමන් කරයි....
කාර්යාල සේවකයකු අසල නතර වූ ඔහු.... බොහොම අපහසුවෙන් තම සරමේ ඉන රැදි කඩදහියක් ගෙන එය පෙන්වමින්....

" මහත්තයෝ.... උප දිසාපති තුමා මේ ලියුම් කඩදහිය එවල තිබුන.. අද ඇවිත් මුලච්චි වෙන්න කියල.ඒ උත්තමය කොහෙද ඉන්නේ මහත්තයෝ?"

" ආන් අර පේන බාග දොර දාලා තියෙන්නේ ඒ කාමරයට තමයි උන්නැහේ... ඔහොම කෙලින්ම යන්න කෝ"

" හොදමයි මහත්තයෝ..... ආයිබෝන් එහෙනම්"

" කවුද බන් පියසේන ඒ" 

" කවුද දන්නේ ලතෝ... කවුරු වුනත් අද නම් ලොක්කට මල්ල කරේ.... දැක්කෙ නැද්ද උන්දැගේ කරේ තිබ්බ ගෝනියෙ විශාල"

" ඒක නම් ඇත්ත පියදාස" " ලොක්කත් අපිට හොරාට  සන්තෝශන් ගන්නව එහෙනම් ආහ්"

" අපිට කොහෙද බන් ඔහොම වාසියක් ... කඩේකට එක්කාසු කරන් ගිහින් තේකක් .. බීඩියක් ගන්නව ඇරෙන්න"

ගැමියා බාග දොරින් ඇතුලු විය....කර තිබු පොහොර ගෝනිය උප දිසාපතිතුමාගේ මේසය මතින් තැබූ ඔහු...

" උප දිසාපති  හාමුදුරුවනේ... මේන් මේ ලියුම් කඩදහියෙ ...අරන් එන්න කියල තිබුන විදිහටම ඕන් මන් කටයුතු කරා" " ඒත් මටයි මගේ මායියටයි හිතා ගන්න බැරිවුනා උන්නාන්සේ මොකටද මෙහෙම ලියුම් කඩදහියක් එවුවෙ කියල" " මම ඕන් අල්ලපු ගමේ බණ්ඩාර කොලුවට කියලයි කඩදහිය කියව ගත්තේ ඕං"

ටික වේලාවක් පුදුම වූ මුහුණින් බලා සිටි උප දිසාපතිතුමා.... ගැමියා දෙසත් තම මේසය උඩ ඇති මහ පොහොර ගෝනිය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිට...

" ලොකු උන්නැහේ ... ලොකු උන්නැහේ මම රාජකාරයට ඉටු කරනවට තෑගී බෝග ගන්න කෙනෙක් නෙමෙයි ලොකු උන්නැහේ..." " ගන්න ... ගන්න.... මේව ආපහු ගෙනියන්න"

" එහෙම කියන්න එපා හාමුදුරුවනේ... ලියුමෙ තිබුන නිසා බොහොම අමාරුවෙන් තමයි මේකව අල්ලන් ආවේ.. ටික දවසක් පරක්කු වුනා තමයි... ඒ ගැන තරහක් ගන්න එපා හාමුදුරුවනේ'

කුමක් හෝ වැරදී ඇති බව තම අත්දැකීමෙන් සහ සහජ ඉවෙන් තේරුම් ගත් උප දිසාපතිතුමා.... මදක් කල්පනා කර බලා....

" කෝ දෙන්න ලොකු උන්නහේ ලියමු කඩදහිය තියෙනම් බලන්න"

අහිංසක ගැමියා තම කසට දත් පෙන්වමින් බයාදු ලෙස සිනාසී.... දූවිලි කුණු වැකී ගිය ලියමන අතටගෙන මහත් භක්තියකින් උප දිසාපතිතුමා වෙත දිගු කරන ලදී.

" ලොකු උන්නැහේ... ඉතින් කෝ මම ගේන්න කීව දේ "

"ඉන්න මහත්තයෝ .....  ඒකා මේ ගෝනිය ඇතුලෙ දරණු ගහන් ඇති දැන්. අහිංසක සතා මහත්තයෝ"

පවසමින් ගෝනියේ කට බැදි ලණුව ලිහන්නට වන...

සිද්ධ වන්නට යන ඇබැද්දය වහා තේරුම් ගත් උප දිසාපතිතුමා....

" පියසේන " " පියසේන යි" කෑගැසුවේ  වැරදුනේ කාටදැයි සිතා ගත නොහැකිවය....

ඔහු අත රැදි ලිපියේ සදහන් වී තිබුනේ......

ඔබ  පදිංචි වී ඇති  රජයේ ඉඩම සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සදහා ,අවශය පියවර ගැනීමට මෙම ලිපිය ලද වහාම ඉඩමේ පිඹුරත් රැගෙන මා හමුවීමට පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි .

පොහොර උරයේ අසරණව සිටි පිඹුරාගේ කතාව ලියූ
මම
෴ වත් ෴

24 ප්‍රතිචාර:

Enemy said...

පව් අප්පා........ මම කිව්වෙ අහිංසක පිඹුරට.
මේ කවුද කියල බලනව ඇති නේද? ඔව් ඔව් අලුත් එකෙක් තමයි

මයියා said...

වෙල් කම් බැක්..මොකද අප්පා මෙච්චර දවසක් වෙලා හිටියේ..

සාතන් said...

හහ් හා... එල එල... මේක නම් අක්ක ඉන්න තැනකම වුන කේස් එකක් වගේ... :)

Dinesh said...

අනේ පවු අර අහිංසක පිඹුරා...

Podi Kumarihami said...

කොහොම උනත් පින්තූරේ ඉන්නේ නම් සැර පරුෂ පිඹුරෙක් නෙම් නෙමේ....:)))

Gimhani said...

හපොයි වෙච්ච ඇබැද්දියක්. මේ වගේ අයට ලිපි ලියනවිට තේරෙන බාසාවෙන් එපාය ලියන්න නේද.. බර වචන දැම්මම මේ වගේ දේවල් වෙනව තමා. හොඳ ලිපියක් සො.සී

Nadun Dissanayake said...

ඕහ් ඕහ්.. මල කෙලියයි. හොඳ වෙලාවට නයෙක් එහෙම වුනේ නැත්තේ...

priyantha said...

කලින් මේ කතාව ලියා තිබුනා මතකයි....

නිසුපා said...

අප්පේ...පව් අහිංසක පිඹුරා.මොනවා කරන්නද අහිංසක ගැමියට ලියුම තේරිලා නෑනෙ.

RanDil said...

මේක කලින් දාපු පෝස්ට් එකක්නේ අක්කේ......... මං කියවලා තියෙනවා..........

Sabith said...

:)

malmi said...

පිඹුරා ගැනනම් මටත් දුකයි අප්පාාාා...

කතන්දර Kathandara said...

re-cycled!

නාට්‍යකාරයා said...

අඩේ අප්පා මාරු කතාවනේ ..... හිකිස්‌ . ඇත්තටම ඔය වගේ වැඩ වෙනවා .. මමත් අහලා තියෙනවා ඔය වගේ කතා දෙකතුනක්ම ...

හිස් අහස said...

මේක මම කලින් දැකලා තියනවා අක්කන්ඩි මොකෝ ඔයැයිට වෙලා තියෙන්නේ ?

රයිටර් බ්ලොක්කේ හැදිලද අක්කේ ?

Bunny said...

මේ කතාව මං කලින් අහලා තියෙනවානෙ..?

..ChAnDiKa.. said...

අප්පච්චියේ පිඹුරා :D

මහි said...

හි හී.... ලියුමක් යවද්දී ඒක ලබන්නාගේ හැටිය ට යැවිය යුතුයි කියන්නේ ඒක තමයි....... :D :D

ඉන්දික උපශාන්ත said...

මටත් පොඩි කාලෙ පත්තර පොත්වල මේ පිඹුරු කතාව දැක්කම ආපු හිතුවිල්ලක් තමයි කොහෙන් මේ වචනෙ මෙතන්ට ගාව ගත්තද කියල! අදටත් හිතා ගන්න බෑ!

මොනා උනත් කතාවට ඇත්තටම හිනා ගියා....

harshana1985 said...

මොන හේතුවක් හින්දද දන්නේ නෑ plan කියන වචනෙට සිංහල තේරුම පිඹුර කියලා දීල තියෙන්නේ..

හිම කුමාරි said...

හික්ස් මාර වැඩේ තමා මල්ල දිග ඇරියනං :D

මධුරංග said...

මදැයි තව ටිකෙන් දිසාපති තුමා පිඹුරට බිලි වෙන්න තිබ්බා.

Angel without wings said...

හි හි... නියමයි... පව් පිඹුර..

ඔජායෙ.... said...

පිඹුර නම් පව්...... එත් ඉතින් ... හිහි හි හි හී........... :D :D

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...