..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, September 14, 2011

෴ නොසැඟව ඉමි ෴



පිපෙන මල් වල සුවඳ නොවිදම
වහන්වන්නට මල් වනේ
ගැයෙන ගී පද සවන් නොවිදම
වහන්වන්නට ස්වර හතේ
තුෂර බිඳු වල සිසිල නොබලම
වහන්වන්නට හිම කැලේ
සිතුනෙ ඇයි මට
වහන්වන්න‍ට සියල්ලන්ගෙම සිත් කොනේ

මිතුරු දම් අග වටිනකම ගැන
මනින්නට මිනුමක් නැතේ
බිඳුන සිත දුක් විඳින සිත
සැමදාම එක ලෙසටම නැතේ

නුඹ ගියත් මේ ලොවින් ඈතට
මා ඉතින් මිය යමි කෙසේ
සිහන මතකය තුරුලකට ගෙන
සිනාසලනෙමි මේ ලෙසේ.

දුක ද සැනසුම අරන් දවසක
හමුවෙමුද අපි නුබ ගැබේ
තාරුකාවක් වී දිලෙන් නිති
පාර කියමින් මට මෙසේ

හිතක් තිබුනත් නුඹට හිතැතිව
නැතේ කිසිවකුහට අගේ
හිතත් අරගෙන නොගොස් දුරකට
සිනාවක් වෙනු සඳ වත වගේ

ගන්ධබ්බ අවදිය පසු කළ
මම
සොඳුරු සිත

19 comments:

  1. වලව්වේ පොඩ්ඩිට සහ රවි අයියාටත් සොඳුරු සිත විමසා එවූ සියළු දෙනාටත් ස්තූතියි...

    ReplyDelete
  2. ගන්ධබ්බ අවදිය පසු කළානම් දැන් බබා වෙන්න ඇති

    ReplyDelete
  3. හ්ම්.....මොකක්ද අක්කා මේ????

    ReplyDelete
  4. පහුගිය දවස් ටිකේම මම ඔයාව හෙව්වා. දැක්කම සතුටුයි. ලස්සනයි කවි පද ටික. තවම සොයනවා මේකේ තේරුම.....

    ReplyDelete
  5. නැවත බ්ලොග් එක විවෘත කළ එක ගැන සතුටුයි. දිගටම ලියන්න...
    කියවන්න අපි එනවා. සුපුරුදු ලෙසින්. සොයුරු දමින්...

    ReplyDelete
  6. මමත් පහුගිය දවස් ටිකේ හෙව්වා අක්කව, බ්ලොග් එක පැත්තෙ ආවම බෝඩ් එකක් ගහල තිබුනා අඳුරන අයව විතරයි ඇතුලට ගන්නෙ කියලා, ඉතිං හැරිලා ගියා අක්කට අපිව අමතක වෙලා හරි අමතක කරල හරි කියලා, මොනව කරන්නද ඉතිං.. කොහොම උනත් ආයෙම බ්ලොග් එකට එන්න ඉඩ දුන්නට පිං... හැමදාම කොමෙන්ට් නොදැම්මට පුරුද්දට වගේ හැමදාම මේ පැත්තට එවෙනවා...කොහොම උනත් ආයෙම පටන් ගත්තු ගමනට ජයවේවා,සොඳුරු කවි කතා නුඹෙ සුරතින් ලියැවේවා.....

    ReplyDelete
  7. පවර සෙනෙහස බැඳුනු ඔබ වෙත දියව ගිය සඳ විල් දියේ,
    කවර අරුමද පිපුණු අරවින්දයක රැඳි රොන් තව තියේ,
    තමර පෙති මත පතිත සඳ කැන් එසැන කෙලෙසද මිය ගියේ,
    සසර සැරිසරනා අතර යළි හමුවේද නොදනිමි පියේ,

    සිතා සිටි අයුරින් කිසිම දෙය නොසිදුවන බව හොඳින් දනිමි,
    වතා වත් පුරනට කාලයක් නොමැති බව ඒ ලෙසම දනිමි,
    තතා ගත හිමි දෙසූ අනියත දහම යලි යලි පසක් කලෙමි,
    පතා ආ අයුරින් නික්ම යමි ඔබෙන් සමු ගෙන සොඳුරු ලඳුනි,

    ReplyDelete
  8. ඇති යාන්තං ආයෙමත් කඩේ ඇරලා තියෙන්නෙ.. සන්තෝසයි.. පහුගිය දවස් ටිකේ වහලා දාලා තිබ්බ නිසා හිතුව මොකක් හෝ පුරස්නයක්වත්දෝ කියලා..

    ReplyDelete
  9. වත් අක්කගේ කවි කවදත් ලස්සනයි... මේ කවියත් වෙනද වගේම ලස්සනයි.....

    ReplyDelete
  10. පසුගිය ටිකේ කීප වරක් ලොග් වෙන්න හැදුවත් බැරි උනා.
    සතුටුයි කාලෙකින් දැක්කෙ ඔබව....

    ReplyDelete
  11. සොඳුරු සිතට පිවිසෙන දොරටුව ආපහු විවර කරලා දැක්කාම දැනුනේ පුදුම සතුටක්.

    ගන්ධබ්බ අවදිය පහුකලාට මගේ සුබ පැතුම්!!!

    "God grant me the serenity
    To accept the things I cannot change;
    Courage to change the things I can;
    And wisdom to know the difference."
    - Reinhold Niebuhr

    ReplyDelete
  12. යටයි හැමෝම... මාරයාගේ හෝරාවට....

    ReplyDelete
  13. ඇයි හැමෝගෙන්ම වහන් වෙලා ඉන්න හදන්නේ ?
    මොකද්ද අක්කා ගන්ධබ්බ අවදිය පහු කරලා ඉන්නව කියන්නේ ?

    ReplyDelete
  14. මමත් කලින් දවසක ආවහම කිව්වා ආරාධනා කරපු අයට විතරයි බලන්න පුළුවන් කියල, ඉතින් මොනවා කරන්නද ආපහු හැරිලා ගියා. දැන් ආපහු එන්න ලැබුණු එක ගැන සතුටුයි. :)

    ReplyDelete
  15. මට ගොඩාක් හිතට දැනුනේ මේ පද ටික.....
    අයෙමත් බ්ලොග් එක කරන්න ගත්ත එක නම් ගොඩාක් හොඳයි.......මකුළුදැල් බැඳිලා නෑ නේද අක්කා.....දවස් දෙක තුනයිනේ වහල තිබුනේ

    ReplyDelete
  16. ආපහු ලියන එක ගැන සතුටුයි......
    එනවා හැමදාමත් කියවන්න කොමෙන්ටු නොදැම්මට......

    ReplyDelete
  17. ලස්සන කවි පද ටික. හිතට ම වදිනවා....

    අන්තිම කවි පදේ ට හිත ගොඩක් සංවේදී වුණා.
    "හිතක් තිබුනත් නුඹට හිතැතිව
    නැතේ කිසිවකුහට අගේ
    හිතත් අරගෙන නොගොස් දුරකට
    සිනාවක් වෙනු සඳ වත වගේ"

    දිගට ම ලියන්න. ඔබට ජය!!

    ReplyDelete
  18. හරිම සංවේදී නිර්මාණයක්. නංගී අද ගලායන ලාලිත්‍යකින් ලියල තියෙන නිසා බොහොම ආසාවෙන් කියෙව්වා. ස්තූතියි, ඔබට ජයම පතනවා සෙනෙහසින්.

    ReplyDelete
  19. මමත් පහුගිය දවස් ටිකේ හෙව්වා අක්කව, බ්ලොග් එක පැත්තෙ ආවම බෝඩ් එකක් ගහල තිබුනා අඳුරන අයව විතරයි ඇතුලට ගන්නෙ කියලා, ඉතිං හැරිලා ගියා අක්කට අපිව අමතක වෙලා හරි අමතක කරල හරි කියලා, මොනව කරන්නද ඉතිං.. කොහොම උනත් ආයෙම බ්ලොග් එකට එන්න ඉඩ දුන්නට පිං... හැමදාම කොමෙන්ට් නොදැම්මට පුරුද්දට වගේ හැමදාම මේ පැත්තට එවෙනවා...කොහොම උනත් ආයෙම පටන් ගත්තු ගමනට ජයවේවා,සොඳුරු කවි කතා නුඹෙ සුරතින් ලියැවේවා.....

    Copyrigth .... Bt Same feeling... :(

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...