..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, September 1, 2011

෴ ජීවිතේ අතරමඟ - දිය සුළියකට හසුව ෴


ලියන්න ගත්ත කතාව ලියල ඉවර කරන්න තරම් හිත සංසුන් නැහැ. . . . . .   ජීවිතයක් පුරා වෙනස් වෙන්න ඕනි දේවල් ගොඩක් ,පුංචි කාල සීමාවක් ඇතුලත වෙනස් වෙනව වගේ හැඟෙනවා.ඒ වගේ දෙයක් දරා ගන්න හරි අමාරුයි. රස්සාව , පරස්තාව , සම්බන්ධකම් , බැඳීම් , පරිසරය , මේ හැම දේම එක මනුස්සයෙක් වටා එකවර වේගයෙන් භ්‍රමණය වෙන්න ගත්තම ? ? ? ?

“ ඇයි ඔයා දැන් ලියන්නෙ නැත්තේ “ කියල ඔහු මගෙන් ඇහුවේ , හරියට ඒක ඔහුගෙ අතින් වුන වැරුද්දක් තරමට දුකින් කියල මට හිතුනා . . . . . . . ඔහු ගේ ඒ වරදකාරී හැඟීමෙන් ඔහු මුදවන්නයි මේ වෑයම. ( මම දැන් ලියන දේ වෙනද වගේ රසවත් නැහැ, සමහර විට වෙනදත් රසවත් නැතිව ඇති. )

ජීවිතේ පැතු බොහෝ අරමුණූ 
දෑස අභියස බොඳව යද්දී
මීවිතක් ලෙස ළංව ආ නුඹ, 
මත් කළා මා සෙනෙහසින්


කෙහෙන් කොයිබින් ආවදෝ  
අරමුණක් නැත අනේ නුඹටද
බිය වුනා මගෙ සෙනෙහෙ සිත ළඟ 
වටහ ගන්නට නැතේ ඉඩකඩ


මීවිතේ මත ගිලිහි යන්නට 
පෙර ඉතින් යනු මැනේ නුඹ දුර
ඒ මතින් මා මිය ඇදෙන්නම් 
සිහිය යළි යළි නොගෙන මෙලොවට



 ගමනක , ඉම සොයන
මම
෴ සොඳුරු සිත ෴

14 ප්‍රතිචාර:

හිම හංසි said...

මොකද අක්කේ උනෙ?ඔයා ලියන ඒවා එදා වගේම අදත් ලස්සනයි

Sameera Thrimal(ත්‍රිමල්) said...

සිනාසෙන්නට හැකි සියළු දේ පමණක් නොව මේ විරහවේද දැනෙනුයේ සොදුර රසයකි මට

සුදු හංසි said...

හ්ම්ම්ම්ම්

සාගර said...

අය්යෝ... කෝ කතාව ?
සොසී මොනවා ලිව්වත් වෙනද වගේම රසවත්. එකනේ අපි බලන් ඉන්නේ කතාවේ ඊ ලග කොටස එනකල් ..

Podi Kumarihami said...

ඔයා ලියන දේවල් හැමදාම ලස්සනයි සොසි...දිගටම ලියන්ට. ඒ වගේම අනික් යාලුවොත් මුන ගැහෙන්ට. තනිවෙලා ඉන්ට එපා.

හිස් අහස said...

කෝ බොලේ අක්කේ එර කතාව අපේ පැත්තේ ආවට පස්සේ මොකද වුණේ ?

නිසුපා said...

අක්කා ලියන කතා හැමදාම රසවත්. අනේ ලියන එක නවත්තන්න එහෙම එපා. ආසාවෙන් කියවන බ්ලොග් එකක් මේක.

සිතුවිලි නිහඬයි said...

මොන පික්සුද අක්කේ...ඔයා ලියන දේවල් කියවන්නේ අපි කොයිතරම් ආසවෙන්ද...ඒ ඒවා රසවත් නිසානේ...දිගටම ලියන්න...

Gimhani said...

මාත් අහන්නමයි හිටියේ හුග දවසකින් දැක්කෙ නෑ ඔයාව.
ඔයා ලියන හැම වැකියක්ම අපිටනම් සොදුරුයි.....

Sujeewa Kokawala said...

ලිවීම එපා වේ ගෙන එන කොට වෙනස් දේවල් ගැන ලිවීමෙන් සමහර විට එපා වීම නවතිනු ඇත. ඕනනං මං වගේ වෙනස් බ්ලොග් කිහිපයක් කරන්න

ප්‍රාර්ථනා said...

මම සොසී අක්කගේ නිර්මාණ වල තරමේ සොඳුරු බවක් දැකලා නෑ වෙන කාගෙවත්ම.. හරිම ලස්සනයි අක්කේ.. ඉතින් මොකටද මෙහෙම හිතන්නේ.. ඔයා ලියන ඒවා කොච්චර ලස්සනද?

Chandi said...

කථාව ඉවර කරාවි කියල බලා හිටියට ආයෙ ලියල තියෙන්නේ කවි පන්තියක් නෙව. ඒකෙත් අමුතු ලස්සනක් දැක්ක නංගී. ජීවිතේ එහෙට මෙහෙට භ්‍රමණය වෙන කොට එහෙම තමයි, නිමක් නැති ප්‍රශ්ණ ඒ උනාට බලාපොරොත්තු, හීන ජීවිතය ජීවත් කරනවා.

හා පැටික්කි (MS) said...

ඇයි අක්කා මේ??????

අපිටනම් කවදත් අක්කා ලියන ඒවා රසවත් ඕන්..... වෙනසක් නැහැ.

Ravi said...

ජීවිතේ එක පිට එක බලාපොරොත්තු කඩවීම්, ප්‍රාර්ථනා බිඳ වැටීම්, එනකොට ඒ වෙහෙස දරාගන්ට බැරි උනාම අපි හැමෝටම මතුවෙන ප්‍රශ්නයක්.....අපි හැමෝම එක්කො තමන්ගෙන්ම ඇහෙන නෑහෙන ගානට අහන ප්‍රශ්නයක්.......නැත්නම් මුළු ලෝකෙන්ම කෑගහල අහන ප්‍රශ්නයක් තමයි

ඇයි මටම මේ දේවල් වෙන්නෙ????????? - WHY ME????????

නංගි අහල තියනවද Arthur Ashe ගැන. ආතර් ඈෂ් කියන්නෙ අමරිකානුවෙක්......කළු අප්‍රිකානු සම්භවයක් සහිත අමරිකානුවෙක්.........ඉතාම දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක්........ඔහුට හදවත් සැත්කමක් කරන අතරතුර වැරදීමකින් ඒඩ්ස් වෛරස සහිත රුධිරය ලබාදීල........ඉතින් ඔහු ඒඩ්ස් නිසාම වැළඳුනු නිව්මෝනියාවෙන් මියයනව 1993 වසරේදි.......එතකොට වයස අවුරුදු පණහයි.......ඒඩ්ස් වැලඳිලා තියෙද්දිත් ඔහු අවසන් මොහොත දක්වා සමාජ සේවා කටයුතු වල යෙදුනා........නිකම් හිතල බලන්න කොයි තරම් වටිනා ජීවිතයක්ද නිරපරාදෙ ලෝකයට අහිමි උනේ කියල....

ඔහුට ඒඩ්ස් වැළඳී ඇති බව ස්ථිරවම සොයාගත් පසු ප්‍රවෘත්ති වාර්තා කාරයෙක් ඇසූ පැණයකට ඔහු දුන් පිළිතුර මගේ හිතේ සදා නොමැකී පවතින්නක්.......

" Arthur....Do you ever ask from god......why me?"

" If I were to say, "God, why me?" about the bad things, then I should have said, "God, why me?" about the good things that happened in my life. I got a great wife......I didn't ask why me?........I won the U.S. Open as the first black american to do so........No, I didn't ask why me?........I was honoured by the president of the united states........Even then I didn't ask why me?.................So......what right do I have to ask Why me.....now? "

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...