..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, August 22, 2011

෴ ලියන්නියකගේ ප්‍රේමය හෙවත් Pouring My Heart out on Paper ෴(පළමු කොටස )

දුහිවිලි පිරුණ , අත් ඇදි කැඩී ගිය හාන්සි පුටුවේ ඔත්  ඇය , මදක් හතිලන්නට වූවාය. ඇය කාමරය සිසාරා නැවතත් නෙත් හෙළුයේ , දීර්ඝ සුසුමක් වාතලයට මුසු කළාය.


එවිටම වාගේ , කාමරයේ දොර රෙද්ද අතරින් පාත් වූ කටහඩක් , ඇගේ දුර ඈත ගොස් සිටි සිත කැදවා ගෙන එන්නට සමත් විය.

“ අම්මා , මම යනවා නෙත්මිගෙ ගෙදර , දවස් කිහිපයකට එන්න වෙන එකක් නැහැ. මම රෝස ආන්ටිටයි , ලහිරු ටයි කීවා මේ පැත්ත පොඩ්ඩක් බලන්න කියලා. ම් ම් ම් . . . . පොඩි නංගි රෑට එනවා කීවා . මං යනවා අම්මා “

“ බුදු සරණයි “

බුදු සරණ ගොස්, වැසී ගිය දොර රෙද්දේ වැදී බිම වැටෙනු ඇය බලා සිටියේ උපේක්ෂා සහගත සිතිනි. බුදු සරණ දෙනෙතින් ඔසවා ගත් ඇය , ලොකු පුතු ගේ පසු පසින් යන ලෙස අණ දී එවදන් සුළඟට යළිත් මිමිණුවාය.

“ බුදු සරණයි පුතා.පරිස්සමින් “

සැර දමා පණ ගැන්වුන වාහනයේ දුමින් , නැවතත් ඒ වදන් වැසී යන්නට ඇති ද?

ඇය නැවතත් දුහුවිලි පිරි කාමරය දෙස බැලුවේ , අද රාත්‍රියට පෙර මෙය පිරිසිදු කර අවසන් කරන්නේ කෙසේ ද යන්න ගැන සිතමිනි....... උදවුවට හෝ කුලියට යමෙකු ගෙන්වා ගෙන , කාමරය පිරිසිදු කර ගන්නට ඇය කැමැති නැත. තමාගේ දෑතින්ම පිළිවලක් වෙන කාමරයක , ඔහු සැතපෙනු දැකීම ඇගේ සතුටයි.

ඒ නැතත් , පැරණී මතක ගබඩාවක් වන් වූ මේ අඳුරු දුහුවිලි පිරි කාමරයෙන් ඇයට හමුවන නූල් කැබැල්ලක් පවා ඇගේ සිතට ගෙන එන මතක චිත්‍ර විදීම ට , ඒවායේ ගැටී මොහොතක් තනි වෙන්නට ඇයට ඇති වුවමනාව බලවත් ය.

වෙනකෙකු මෙය අස්පරස් කළා නම් , තමාට මහමෙරක් තරම් වටිනා ඇතැම් දේ කුණු කූඩයට යන්නේ අනෙකාට එය නිකම්ම නිකම් කුණු කසල බිඳක් වීම නිසාය.එබැවින් ඇය වෙහෙස නොබලා යළිත් වැඩට බැස්සාය. පැරණි ඇඳ යටට ඇය නැමී බැලුවේ . ඇදන් යට අනිවාර්යෙන් රඳවා ඇති පැරණි පොත් පෙට්ටි කිහිපය හදිසියේම වාගේ සිහි වූ බැවිනි. . . . .

ඇදන් යට පොත් පෙට්ටි , හෝ වෙනයම් දේ රදවා තැබීම නුසුදුසු බව ඇය ඉගෙන ගත්තේ ඇය කුඩා අවධියේ දී තම මවගෙනි. වැඩැහිටි වී , විවාපත් වී , දරුවන් වදා , ඔවුන් හදා , දීගදුන් පසු ද ඇය තම මවගේ එම කීම අකුරටම ඉටු කළද . වසා දැමූ කාමරයක ඇති ඇදක් යට කුමක් තිබ්බත් අවැඩක් සිදු නොවේ.


බැඳී තිබු මකුළු දැල් කඩා දැමූ ඇය , මදක් කිවිසුම් අරින්නටවත් , කහින්නටවත් ඉසුඹුවක් ලබැ නොගත්තේ , සියල්ල සිරවූ දෑසින් කඳුළු පනින්නට විය. නමුත් , මුවේ රැඳි මන්දස්මිතයත් , නෙතේ පහළ වූ දීප්තියත් නිසා , අඳුරු කාමරය සැනකින් එළිය වන්නට විය.

හොඳින් නො වසන ලද පොත් පෙට්ටි කිහිපයක් ඇඳයට තිබෙනු , කැඩී ගිය මකුළු දැල් අතරින් ඇය දුටුවාය.ඉන් ආසන්නතම පොත් පෙට්ටිය තමා වෙතට ඇද ගත් ඇය , එතනම වාඩි වූයේ , රිදුම් දෙන දණිස් කටු දෙක දිග හරිමින් , විදාහල පා ඇද යටට යොමු වන පරිදිය.

පොඩි දැරියකට ලැබුන , රසවත් රසකැවිලි පාර්සලයක් ලිහා බලන්නියක සිහිකරමින් , ඇය පොත් පෙට්ටිය වෙත තම වෙවුලන දෑත් ළංකළේ , එය තුල ඇතැයි , සිතෙනා විටත් සිතට සුවයක්ම ගෙනෙන දෑ , ඒ තුල ඇති දැයි බැලීමටයි. . . .

ඉන් ඇය ඉතාම ප්‍රවේශමෙන් , බිදෙන වීදුරු බදුනක් සේ , පළමුව එළියට ගත් පොත දුහුවිලි බැදී , පොතකැයි කීමට බැරි තරමින් අබලන් වී තිබුනු දුටු ඇය , අලුත උපන් බිළිඳියක පිසදමන්නාක් මෙන් පරිස්සමින් එහි බැදී ඇති දුහුවිලි යවන්නට විය. ටිකින් ටික දුහුවිල්ල ඉවත් වී පොතේ කවරය මතු වන විට , එහි දර්ශකය මෙන් , ඇගේ වත ද ටිකින් ටික එළිය වැටී දිලිසෙන්නට විය.

" For Your Eyes Only "

කවරයේ හැඩැති රවුම් අකුරින් ලියා ඇති , මාතෘකාව මතුවෙත්ම , ඇගේ දෑසින් ගිලිහුන කඳුළක් , මාතෘකාවේ , Only හි O අකුර මත පතිතවනවාත් සමඟම , වේගයෙන් පැමිණි වාහනයක කණ් බිහිරි කරවන නලා හඩ ඇසෙන්නට වූයේ , එදා මෙන්ම අදත් , නිදහසේ කඳුළක් සැලීමට ඇයට ඇති අයිතිය උදුරා ගනිමිනි.

මකුළු දැල් , දුහුවිලි අතරේ , මිය ගිය සිත සොයන
මම
෴ සොඳුරු සිත ෴


විශේෂ ස්තූතිය :- රවි අයියා ට.. . . . . .

14 ප්‍රතිචාර:

සාගර said...

ඔන්න එහෙනම් කුතුහලය පිරුණු කතාවක් කියවන්න අපි ලෑස්ති. ඉක්මනට ලියන්න අනික් කොටස

හසී said...

ඔන්‍න‍ අපිත් පෝලිමේ ඊළඟ කොටස කියවන්න...

Ravi said...

පරණ පොත්, ෆයිල් දාපු දූවිලි බැඳුනු කාඩ්බෝඩ් පෙට්ටි.......හෙහ්, හෙහ්, ජීවිතේ අමරණීය මතක සටහන් රැස්වුනු ගබඩා......කවදාවත් මගෙ අතින් නම් මේ මතක ගබඩා පිළිවෙලකට ඇහිරෙන්නෙ නම් නෑ......

මේ පාරත් ගෙදර ගිහිල්ල ඔන්න දහර මණ්ඩිය ගොතාගෙන ඉඳගත්ත පෙට්ටි හතර පහකුත් ලංකරගෙන......බාරියා තොමෝ පැය දෙහෙකට පස්සෙ එනකොටත් මම පයිල් එකක් දිග ඇරගෙන දැහැනට සම වැදිල.........

කතා කරාට ඇහුනෙත් නෑ ඔන්න කොටින්ම......හිත අතීතයේ සැරි සරණව.

" ආ..දැන් යමු කන්ඩ ඔය මදෑ."

" නෑ මම මේ පෙට්ටිය අස් කරල දාලම එන්නම් "

" මේ, මේ, යමු, යමු, මම දන්නවනෙ ඔයාගෙ අස් කිරිල්ල "

මතක සැමරුම් ආපහු පෙට්ටියටම දාල මම හිරිවැටිච්ච කකුල් අත ගාමින් නැගිට්ට.

Chandi said...

ඒක නමි ඇත්ත. මතක පොත හා පැරණි දේවල් කවදාවත් අස් කෙරෙන්නෙ නමි නෑ. හරිම ලස්සන නිර්මාණයක්. සුබ පැතුමි

දේව්දාස් said...

හ්ම්ම්ම්... ලියන්නකෝ ඉතුරු ටිකත්... හැබැයි ඉක්මනට... :D

දේව්දාස්...

Bindi said...

ලස්සනයි වත් . හිතාගන්න බැරි අවසානයක් ඇති ඔයාගේ කතා වලට මන් හරි කැමතියි.

@ රවී

ඇයි පුච්චපු පුස්තකාලේ ????

හපා said...

ආයෙත් සුපුරුදු පරිදි හිතාගන්න බැරි ඇරඹුමක්.. බලමු ඉස්සරහට යන හැටි...

හිස් අහස said...

සොසී ගෙන් තවත් ලස්සන කතාවක් වගේ .. මට මේක කියෝලා මගේ ඇඳ මතක් වුණා මගේ ඇඳ යට තියන දේවල් බ්ලූ මැන්ඩල් කුනු කන්දේවත් නැතිව ඇති ..

ලස්සන කතාවක් වගේ..ඉතිරි කොටසත් ලීවාම එන්නම් ..

Happy Smiley said...

ඔයාගේ අනිත් කතා වගේම මේකත් හරිම ලස්සනයි වත්... කතාවේ ඉතුරු ටිකත් ඉක්මනින් ලියන්න.

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්........ ඉතින් අක්කා.......

nawammawatha said...

මගේ පරණ ආදරණීය සටහන් සේරම මං රස්සාවට කොලඹ ආපු අල්ල පනල්ලෙ අම්ම බෝතල් පත්තර කාරයෙකුට දීල. ඌ මයෙ ලියුං කරදහි, ඩයරි කොලවලින් බුලත් එතුවද, කඩල එතුවද කියල තාම හොයාගන්න බැරි උනා. බොරු කියන්නෙ මොකටද ඒ කාලෙ අතට අහුවෙන කොපි කොල වලින් හදාපු කඩදාසි බෑග්, කඩල ගො‍ටු දිහා බොහොම විමසිල්ලෙන් උන්නෙ. හප්පා කීදෙනෙක් මයෙ ගුජුප්සාජනක ආදර කතා කියවලද දන්නෙ නෑ මේ වෙනකොට.

Podi Kumarihami said...

ඉතින් ඊට පස්සේ.....:)

චතුවා (ළමයා) said...

කාලෙකට පස්සේ මමත් ආවා.. ඊළඟ කොටස ලියනකම් බලා.....ගෙන ඉන්නවා..!

සාගර said...

කො... ඉතුරු ටික ?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...