..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, August 6, 2011

෴ මගේ කවිය හොරු අරන් / My Pilfered Poem ෴


කවි පොත පිරිලා කවි උඩ කවි ලියද්දිත් ,
පොතක ලීව නැති එකමෙක
ලස්සන කවියක්
,
මගේ ළඟම මාත් එක්කම හිටියා
.
ඒ කවි පද අකුරින් ලියන්න හදන හැමවාරෙකම
,
කවුරු හරි ඒ කවිය දකියි කියල,
ආපහු හදවතේම හංඟ ගත්තා

ඒත්

අද මට හදිසියේම ඒ කවිය ලියන්න හිතුනා
දෙවියනේ ! ! !
හිතේම තියන් ඉඳල
ඒ කවියේ එක අකුරක්වත් මතකෙට එන්නෙ නැහැ
“ මගේ කවිය හොරු අරන් “ ද
හිතේම තිබිල , හිතටම දිය වෙලා ද


---- ------ ------- ------ ----- ---- -----

සඳ තරු මල් මේ සැමට හොරෙන්
කළුවර අඳුරේ මට ද හොරෙන්
අකුරින් අකුරට ගලපා ලීවෙමි
මම ද නොදන්නා එක කවියක්

කිසිදින , කිසිවකු දකියි කියා
සැම විට රහසෙම කවිය ලියා
මා කියවා නොබැලූ ,  මා හදවත තැවරූ
එකමෙක කවියක් නැති වී ලා
කවිය ගෙනත් දෙනු මැන සොයලා
---- ------ ------- ------ ----- ---- -----

හොයල ගෙනත් දුන්නත් , අඳුර ගන්න පුළුවන් වෙයි ද කියලා මට සැකයි. . . .



නොලියූ කවිය ගැන තැවෙන
මම
෴ සොඳුරු සිත ෴

13 comments:

  1. හිත කලබල වෙලා ඇති. ඒ නිසයි මතකෙට එන් නැත්තෙ. ටිකක් සන්සුන් වෙලා හිතුවනම්..

    ReplyDelete
  2. නොලිව් කවිය නොලිව් ලෙසම තිබුණාදෙන්,
    හදේ කෙටූ කව්පද නොමැකුණාදෙන්,
    මගෙ කව පැහැරගත් සොරු සිත උණුවුනාදෙන්,
    යලි ඒ කවිය පත් ඉරු මත ලියවුනාදෙන්,

    ReplyDelete
  3. ඇයි මතක නැද්ද ඒක දවසක් මට දුන්නේ පරිස්සම් කරලා දෙන්ට කියලා...මීයන්ගෙන් බේරගන්න බෑ කියලා...

    බය වෙන්ට එපා ඒක මාගාව තියනවා ...

    ReplyDelete
  4. පෙම් සඳ !!! හනික දැන් වත් මේ සිතට වරෙන්
    ඇවිදින්, මෙසිත සුන්දර බව එකළු කරන්
    ඔය සිත තියෙද්දී ලස්සන තුරුලු කරන්
    මොකටද???? අනේ කවි විතරක් හොරෙන් අරන්

    ReplyDelete
  5. මටත් ඕකම උනා... උදේ හිතාගෙන හිටපු කවිය හවස අමතක උනා....

    ReplyDelete
  6. හරි පරිස්සමට , හංගගෙන කරගෙන ඉන්න දේවල් ඕන වෙලාවට හොයන්න ගියාම හරි අමාරුයි නේන්නම් . . .

    ReplyDelete
  7. සන්සුන් වෙන්න සන්සුන් වෙන්න.....ඇස් දෙක වහගෙන පොඩ්ඩක් හිතන්න....

    ReplyDelete
  8. දැන් කාලේ හොරුන්ට කවියක් උනත් කමක් නෑ.. මහා චාටර් අප්පා, පොලිසියට කිව්වද?? වැඩක් නම් නෑ කියල. එත් නිකමට වගේ කියන්න. හිකි හිකි.
    පොඩි නින්දක් කාරිය ගහල අයෙත් ලියන්න ගන්නකො... හිතේ තියන දේවල් දියවෙලා යන්නේ නෑ...

    ReplyDelete
  9. සං සුං වෙන්න අක්කා !!
    ආහ් ඔය තරමට නොසන්සුන් වෙන්නේ කවිය නෙමේ මේයැයිගේ හිත තමයි හොරාගෙනිහින් තියෙන්නේ. :)

    ReplyDelete
  10. පරිස්සම් කරගන්න අමාරු නිසා හවුලට ගන්න හුදට හොයල බලලා හොද හවුල් කාරයෙක්....නැත්නම් මාරු කරමුද මෙමරි කාඩ් එක...ඕන එකක් ඔන්න.

    ReplyDelete
  11. ඒකනෙ කියන්නෙ අද කල යුතුදේ අදම කරන්න කියල

    ReplyDelete
  12. ඒකනේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ ඉක්මන් කොටවේ....

    ReplyDelete
  13. හදේ කොතැනක හෝ තියේවී...... මැකී නොමකී මෙන්........

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...