..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, August 5, 2011

෴ මගේ සකිසඳ / My Best Friend ෴

“ මොකද නංගි අද හිතේ අමාරුවෙන් වගේ “


සෝබර වත නොදැක , දුක පිරුණ හඬ ද නොඅසාම , යතුරු පුවරුවේ ඇඟිලි වැදී එහා ඉමෙන් මතුවන අකුරු සහ වචන වල රටාවෙන් ඔහු මගේ සිත කියවන අපූරුව මා සිතට ගෙන එන්නේ , සංතෝෂය මුසු කුතුහලයකි.

“ ගණන් ගන්න එපා නංගි , මිනිස්සු ඔහොම තමයි. Let them go “

අන්අය මෙන් නොව , ඔහු මා සිත අස්වැසීමට යැයි කියා වන පොත් කෙරු බණ පද කියන්නේ නැත.නමුදු ම‘සිත පෙළන දුක , කඳුළක ද පසුව සිහින් සිනා පොඳක ද නංවා පලවා හරින්නට ඔහු තරම් රුසියෙක් නැත.

ඇතැම් විටක ඔහු වැන්නෙකු මගේ මිතුරකු වූ බවට ආඩම්බරයෙන් ඉපිලී යාමට මට සිතේ.

“ සොසී ට ඉන්නේ බුදු ෆිට් යාළුවෙක් නේ , මටත් ආසයි එහෙම යාළුවො ඉන්නව නම් “

එවිට මා සිත මගේ සදාදරණිය මිතුරා ගැන ආඩම්බරයෙන් පිරී යාම වරදක් ද?

ඇතැම් විටන ම‘සිතට දුකක් ගෙන එන්නේ , ඔහු මා ගැන සොයා බලන තරමට , මට ඔහු ගැන සොයා බැලීමට වත්, ඔහුට උපකාර කිරීමටවත් නොහැකි වීම නිසාය. ඔහුට ඇත්තේ මා මෙන් මූලික අවධියේ ගැටළු නොවීම ඊට හේතුව වන්නට ඇත. එහෙත් ඔහු , ඔහුගේ ජීවිතය දෙස බලන උපේක්ෂා සහගත ආකාරය ද ම‘සිතට ගෙන එන්නේ පුදුමයකි.

අන්අයගේ සිත් තුල ඊර්ශ්‍යා වඩන තරමේ යහළු මිතුදමකින් බැඳුන මගේ සකිසඳ. මේ පුංචි සටහන ඔබට උපහාරයක් ම වේවා.

දිවි අඹර ඝන අඳුර දුරු කරන් පායා
කවි අතර මනහරම කවි පදය වූවා
සවි බලය දී සිසිල නුග ගසක් සේමා
නුඹ මගේ සකිසඳව සිත් අරනෙ පිපුනා

දුක් කඳුළු ‍ගෙන පැමිණ යන අයත් බෝමා
නෙත් පිසින නුඹෙ වදන් හැමදාම වුන්නා
අත් කරන් සෝ සුසුම හිස බිමට නැමෙනා
සැම විටම උරහිසක් වී නුඹම සිටියා

දිවි කතර නුඹෙ සෙවන සිසිලසක් වන්නයි
නුඹෙ සුසුම සිත නිවන මෘදු පවන වන්නයි
ලොව දිනන විට නිබඳ නුඹ ළඟම ඉන්නයි
සකි සඳේ නුඹ නමට ලොවම නැලවෙන්නයි

සමහර විටක , ඔහු දන්නෙත් නැතිව ඇති , ඔහු ගෙ සෙවන මට මේ තරම්ම සුවයක් කියල.


ප/ලි

කවදාවත් තමන්ගේ හොඳම යාළුවට ආදරය කරල , ලෝකෙ ඉන්න හොඳම යාළුවෙක්ව තමන්ට අහිමි කර ගන්න එපා. ආදරය ඒ තරම්ම භයානකයි. . . .

ලෝකේ ඉන්න හොඳම යාළුවගේ , යෙහෙළිය
මම
෴ සොසී ෴

12 comments:

  1. ලොකේ ඉන්න හොදම යාළුවා ඔයා ළගද? මාත් හොයනවා එහෙම යාළුවෙක්.. :( මටත් හම්බවුණා ලොකේ හිටිය හොදම යෙහෙළිය :) එයා මටත් හොරෙන් මගේ හිතින් යන්න ගිහින්.. එයා තරම් වෙන යහළු,යෙහෙළියෙක් මාව අදුරගෙන නැතුව ඇති.. :(

    ReplyDelete
  2. @ චතුමිතු
    හොඳම යාළුවෙක්/යෙහෙළියෙක් කවදාවත් එහෙම යන්න යන්නෙ නැහැ අපිව දාලා... බලන්න හොඳට , ඔයා ලඟ තාමත් එයා ඉන්නව.. ඔයා ඔය වචන කරල තියෙන්නේ ඒක නිසාම නේද?

    ReplyDelete
  3. හරියට හරි . හොඳම යාලුවට ආදරය කරන්න එපා . ඒ බැඳීම් බිඳුනොත් ආයේ මුලට යන්න බැහැ.

    ReplyDelete
  4. මටත් හිතෙන්නේ එහෙම..හොදම යාලුවෙක්ට ආදරය කරන්න ඔනේ නැ..අන්තිමේ ආදරෙත් නැති වෙලා යාලු කම් දෙපිටින් යයි..ආදරේ ආදරවන්තයාටත්..යාලුකම් හොදම යාලුවටත් බෙදලා දෙනවා...

    ReplyDelete
  5. ඇයි ඔයා මේ කතාව කලින් කීවේ නැත්තේ සොසී....

    ReplyDelete
  6. මේ කියලා තියෙන්නේ මටද කියලා සිතුනා.. කවදාවත්
    මේ වැඩේනම් කරන්න එපා. ඒකෙන් උනේ මගේ ජීවිතේ මා දැකපු
    සොදුරුම මිනිසා.. මගේ හෙවනැල්ලෙන් උනත් මාව හදුනාගත්
    ඒ සොදුරු හිතවතා මගෙන් සදහටම ඈත්වීමයි.....
    කිසි කෙනෙක්ට පුරවාලනු නොහැකියි මේ හිස්තැන.......
    මගේ එකම පැතුම ඔහුගේ හෙවනැල්ල වැටෙන ... ඔහුව පෙනෙන මානයක ඉන්න විතරයි...

    ReplyDelete
  7. ''ලෝකේ ඉන්න හොඳම යාළුවගේ , යෙහෙළිය''

    ඔයාට පිස්සුද වත් ...
    ලෝකෙ ඉන්න හොඳම යාලුවා ඉන්නෙ මටයි. ඔයාට නොවේ .....

    ReplyDelete
  8. ජීවිතය සුන්දරයි, සුන්දර මිනිස්සු ලෝකයේ මොන කෙළවරක හිටියත් ඒ සුන්දරත්වයෙන් බිඳක් අවැසි එවුනට බෙදන්න පුලුවන් නම්. ලබන සිත මෙන්ම පුදන සිතත් පිරෙන්නේ දයාවෙන්.

    ReplyDelete
  9. මගේ හොදම යාලුවා මට වඩා අවුරුදු 18ක් ම වැඩිමල්...ඒත් නම් මම හැරෙන කොට ඔක්කොම දන්නවා...තාරක අයියා ගැන දැනගෙන තියෙන්නෙත් මුලින්ම එයා...

    ReplyDelete
  10. මම ඔය මෝඩ වැඩේ කලා මට හිටිය හොඳම යාලුවාව මම ආදරවන්තිය කරගත්තා . දැන් ඉතින් මට ආපහු හැරීමක් නෑ ..

    ලස්සන කවිය අක්කේ කියන්නදේවල් ගොඩක් තිබ්බත් ඒවා මෙතන ලියන්න බෑ

    ReplyDelete
  11. ආදරය යම් දිනෙක වියැකේවි,
    නිල'ඹර මැකෙනා ඉඳුසැව් සේම.
    තිර යයි සිතු පෙම ද සැඟවේවි,
    විල් ජලේ කිමිද ගිය මසු සේම.

    එමනුදු සොයුරු පෙම් සෙනෙහෙ ගඟ,
    කිසිදිනෙක නොසිඳෙනා උල්පතකි, සදාතනිකව උතුරා යන බුබුළු නඟමින.
    දුක් කඳුලු දියෙන් පිරෙන විට ජීවන සුනිල විල,
    දසත සුවඳැති අරවින්දයකි දියෙන් මතුවී රත් පැහැයෙන දිලෙන.

    One day Love would fade away,
    You invariably love someone because of something he / she possesses.
    When that specific something goes away.......so does the love.
    සොයුරු පෙම or brotherly love would neither fade away, nor would loss it's lustre,
    Just simply because it is based on something that won't change...........ever,
    That's............ WHO YOU ARE...........&.......WHAT YOU ARE,

    ReplyDelete
  12. නන්නාදුනන කෙල්ලෙක්ගෙ ලස්සනට ආදරේ කරනවට වඩා ..... තමන්ව හොඳටම අදුරන යලුවෙක් ආදරවන්තිය කරගැනීමෙ වැරැද්ද මොකද්ද.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...