..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, August 21, 2011

෴ නුග රුක නුඹයි ෴


නුග රුක නුඹයි - සිතකට සෙවනක් දුන්න
නොම යා නොදී - වෙනතක මා සිත දුන්න
සෙවනට වෙලා ඉන්නට - මා පෙම් බැන් ද
අද නුඹ කොහිද - සෙවනක් නැහැ මට ඉන්න


තව බොහො රුක් ඇතත් - සෙවනට ගෙන්වන්න
නැහැ නුඹ වගේ - සිසිලක් එහි මට දෙන්න
ගිනි ගන්නා ගතට සුවයක් වී ඉන්න
අය ගෙන් පලක් නැහැ සිත නැත්තම් දෙන්න

සිත යදිනවා නැවතත් නුඹ දැක ගන්න
සිහිනය දිගේ සෙවනක් වී වත් එන්න
නුග රුක මුලින් කපලා පොළවේ දැම්ම
අයගෙන් මිදී මා සිත නුඹ පැළවෙන්න






මහ ගහක් වුනත් , බොන්සායි කරල පැළ කර ගන්න පුළුවන් නම්, ඇයි ඔයාට බැරි මගේ හිතේ පැළ වෙච්චි , මහ නුග ගහක් වෙන්න. ආදරයෙන් පිරුණ හිතක , පැළ වෙන්න එන්න.


නුග සෙවන නැතිව , ගිනියම් අව්වේ දැවෙන සිත
මම
෴ සොඳුරු සිත ෴

5 ප්‍රතිචාර:

සාගර said...

බොහොම ලස්සනයි

SRI MANJULA said...

මෙපමණ තිබෙද්දී පොඩි ගස් වල සෙවන
වතු සුදු පැළය දුටුවෙමි අව්වේ දැවෙන
තවමත් නොමැති හින්දා සෙවනක් හැඳින
පතනව වද්ද????? මහ නුග ගහකම හෙවන???????

Gimhani said...

//තව බොහො රුක් ඇතත් - සෙවනට ගෙන්වන්න
නැහැ නුඹ වගේ - සිසිලක් එහි මට දෙන්න
ගිනි ගන්නා ගතට සුවයක් වී ඉන්න
අය ගෙන් පලක් නැහැ සිත නැත්තම් දෙන්න...//

සුන්දර පදවල් ටිකක් සො.සී.
මේ පද ටික මා සිත තදින්ම ග්‍රහණය කලා.
ගස පේන මානයේ සිටියත් සෙවන හා සිසිල ලැබෙනවා මටනම්...

පිස්සු පුසා said...

ලස්සනයි....

හිස් අහස said...

ලස්සන කවියක් සොසී !!

හැබැයි බොන් සායි ගහ ඉන්නේ හැම පැත්තෙන්ම හිර වෙලා අපිට ලස්සනට පෙනුනට ගහට ඒක දුකක් ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...