..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, August 18, 2011

෴ දෙබස ( එයයි , මමයි වගේ තමයි )෴




රතු සුදු ලා දම් කහ නිල් රන්

වටකුරු දිගැටි සිහින් හතරැස්
නටු කොට දිග නටු අග පිපි මල්
මෙහැමතුරින් නුඹ සෙවූ මල මම්

පෙති වැඩි සුවඳැති රෝස කුසුම්
සෙවු ඔබ ඇයි මං ළඟ නැවතුම්
සමණළ වෙස් අරගත් දෙඹරුන්
රෝස කුසුම් ළඟමයි නැවතුම්

මධු සුවඳින් සිත මත් වීලා
රුව පැහැයෙන් ගත හිරි වැටිලා
ලස්සන මල් වෙතටම බැඳිලා
දුක් ගඟුලේ උන්නෙමි ගිලිලා

දුක දැනුනම තටු කඳුළින් පෙඟිලා
හදවත සැමතැන කටු ඇනිලා
වතුසුදු මල ළඟටම ඇදිලා
ආදරයෙන් තටු පිරිමැදිලා

මලකින් මලකට පිය මැනලා
නොදැනම නුඹ ළඟටම ඇදිලා
සුවඳ පැහැය නැතිවට දැනිලා
සිත පුරවන් නුඹ ඇත රැදිලා







 
Click to get cool Animations for your MySpace profile



වතුසුදු මල
මම
෴ සොසී ෴

Picture by :- Saliya Wijesinghe

5 comments:

  1. අප්පේ.. ගොඩක් කාලෙකින් මෙහාට ආවේ. මම හිතුවේ Blog කිරිල්ල නවත්තලා කියලා. හිකිස්... එල ඈ... මේ හදිස්සියේ කමෙන්ට් කරන්නේ.. හවස් වෙලා කියවන්න බැරි උනු ඔක්කොම කියවනවා අනම්...

    සුභ පැතුම්

    ReplyDelete
  2. නියමයි අක්කා

    ReplyDelete
  3. මොකද කියලා කියන්න නම් දන්නේ නෑ. මගේ හිත මෙන්න මේ කවිය ලඟ නැවතුනා.

    රතු සුදු ලා දම් කහ නිල් රන්
    වටකුරු දිගැටි සිහින් හතරැස්
    නටු කොට දිග නටු අග පිපි මල්
    මෙහැමතුරින් නුඹ සෙවූ මල මම්

    මම හරිම ආසයි මේ කවියට. ලස්සන කවි ටික අක්කේ.

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ මේ පැත්තට ආවෙ.
    ලස්සනයි.
    රෝස මල් වලට වඩා වතුසුදු මල් වටිනව නේද.. හ්ම්ම් :D
    කවි පද ටික ගොඩක් වටිනව.

    ReplyDelete
  5. ලස්සනයි අක්කා................

    ආසම කවිය නැ ඒක ඕනි නැ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...