..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, August 17, 2011

෴ සුබ උපන් දිනයක් ෴



අද දින උපන් දිනය යෙදී ඇති , නොදුටු බ්ලොග් මිතුරාට, සුබම සුබ උපන් දිනයකට ආසිරි

සඳ වට තරු මල් පිරිවර සේමා
නුඹ වට පිරිවර නිති ඇති වේවා
කැඳල්ල උතුරන උණුසුම සේමා
දූ දරු සෙනෙහස උණුසුම ‍දේවා

නිල් දිය  , කතරට සිසිල සේමා
බිරිඳ නුඹේ හද සැනසුම වේවා
පෙති අග පිනි බිඳු හිරු දුටු සේමා
නෙත අග කඳුළෑලි නිති දුරු වේවා

හද තුල සහනය , සතුටම රඳවා
දුක් දොම්නස තනී කම දුරු වේවා
නිරෝගි සවි බල සුව සෙත රදවා
මගෙ ආයුත් ගෙන නුඹ වැජඹේවා

I hope all your birthday dreams and wishes come true.


නුඹට සුබම සුබ උපන් දිනයක් පතන
මම
෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

මධුරංග said...

අද දින උපන්දිනය සමරන වත්තක්කගේ නොදුටු මිතුරට සුබම සුබ උපන්දිනයක් වේවා.ඒයැයි මාරම වාසනාවතයි වත් අක්කගේ කවියකින් උපන්දින සුබ පැතුම් ලබන්න.
මමත් මගේ උපන්දිනේට වත් අක්කට කියලා කවියක් ලියෝ ගන්න ඕනා. :)

Podi Kumarihami said...

කවුද අප්පේ මේ නොදුටු මිතුරා. කවුරු උනත් කමක් නෑ. එයාට සුබ උපන් දිනයක්!!!

ලහිරු said...

ඇත්තටම මගෙත් උපන් දිනය අද... ! :)

දේවා ගේ අඩවිය said...

ඔන්න මමත් මේ යාලුවට සුභ පතනවා අර මධුරංග කිවා වගේම එහෙම කරගන්න පුලුවන්නම් ගොඩාක් සතු‍ටු හිතෙයි මටත්.... (මගේ උපන් දිනෙත් ඉතින් 09/26 නේ)

හිස් අහස said...

කවුරු වුණත් මොකෝ අතින් පයිං යනවයෑ මමත් ඔන්න සුබ පැතුමක් දෙනවා ..

සුබ උපන්දිනයක් වේවා ..!!

Nisupa said...

අක්කගෙ නොදු‍ටු මිතුරාට සුභ උපන් දිනයක් වේවා...

Gimhani said...

සුබ උපන් දිනයක් වේවා!!

Ravi said...

හෙහ්....හෙහ්, ඇත්තනෙ කතාව.....අතින් පයින් යනවය.....

කවුරු උනත් කමක් නෑ........සුබ උපන්දිනක් වේවා!!!!!!

හිම කුමාරි said...

ඔන්න මගෙනුත් සුබපැතුම්..!! කාට නමුත්.. :)

priyantha said...

අපිත් සුභ පැතුවේ මෙයාටම වෙන්න ඇති..
නැවත මෙහිත් සුභ පැතුම් එකතු කරන්නම් වත් සමගින්...

suji+¢ said...

සොඳුරු සිත෴
නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව මම.... උදේම නුඹ ඇස ගැටෙනා පිනි බින්දුව මම... නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව මම.... නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම මම... නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර මම... නුඹත් දන්න මමත් දන්න එකම රහස මම... නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා මම... නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...