..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 16, 2011

෴ නුඹට අයිති නූඹ ළඟ නැති එකම කවිය මම ෴... I am the poem that's yours but doesn't belong to you ever,...

බොහොම කලකට පෙර ලියවුන කවියක්...... ආයෙත් පළ කරන්න හිතුනා. . . .

නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව...........මම
                          උදේම නුඹ ඇස ගැටෙනා පිනි බින්දුව................මම
                          නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව...............මම
                          ඉඳහිට නුඹෙ නෙතින් ගලන කඳුළු බිදයි............මම


                          වියළි කතරෙ නුඹේ පයට සිහිල් පලස............... මම
                          නුඹ දවනා හිරු එළියේ වලාකුළයි....................... මම
                          මහ වැසි මැද උණුසුම දෙන සිතුවිල්ලයි.......... මම
                          උණුසුම් සැඩ හිරු කිරණේ සීත සුළඟ................ මම


                           අමාවකට පායා ආ පහන් තරුව............................ මම
                           අහම්බයෙන් ඇස ගැටෙනා දිය කිඳුරිය............ මම
                           ගිරිදුරු මහ වන අරණේ හිස පිපි මල..................මම
                           නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම......................මම


                           නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර.............. මම
                           නුඹත් දන්න මමත් දන්න එකම රහස...................මම
                           නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා මම
                           නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය..............මම


“Poetry is thoughts that breathe, and words that burn.”

" As Long as you are HAPPY I can breath " 


නුඹටත් හොරෙන් නුඹේ කවි අතර සැගව ගිය
මම
෴ සොසී ෴

10 ප්‍රතිචාර:

මධුරංග said...

ඔය මුල්ම කවිය මම් කියෙව්වේ මීට මාස කිහිපයකට උඩදි. සොදුරු සිත අදුන ගත්ත දවස්වල.
ලස්සන පද ගැලපීමක් අක්කේ !!!!

Gimhani said...

මේ දිනවල සිත සොදුරු නෝනගේ සිතනම් හොදටම සොදුරු වෙලාවගේ..
මේ කවිය මාත් කියවලා තියනවා.
ලස්සනයි.. සිත වගේම කවියත්....

චතුමිතු said...

මාත් කලින් කියෙව්වා අක්කේ..හරි ලස්සන පද පෙළක්.. :)

- නිල් අහස - said...

මම හිතන්නේ මම නම් අද තමයි මුලින්ම මේක කියවන්නේ.
කවදා ලිව්ව උනත් සංවේදීව හිතට දැනුනා...කවි ටික නම්.

Podi Kumarihami said...

//නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය..............මම//

ජීවිත කාලයක කතාවක් මේකෙන් කියවෙනවා කියලා මට හිතෙනවා සොසී....:D
හැමදාම වගේ ලස්සනයි.

Ravi said...

නුඹ නෙත ඇඳි සෙනේහයේ සොඳුරු කවිය මම,
නුඹ නොලියූ හිතේ කෙටූ එකම කවිය මම,
නුඹේ දෙතොල නිබඳ රැඳෙන ඒ කවියත් මම,
නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම,

I am the poem you would never write but be in your heart forever.

හිස් අහස said...

පරණ කවියක්ද අක්ක්න්ඩි .. මම මේක දැක්කේ නෑ නෙව ... අන්තිම කවිය කියලා වැඩක් නෑ ලස්සනයි

Nisupa said...

හ්ම්...මාත් දැකලා තිබුනෙ නෑ නෙ මේක...ගොඩක් ලස්සනයි...

තරු අරුන්දතී said...

හරිම ලස්සනයි... මගෙ හිත හුඟක් ආකර්ශනය වුණා මේ කවියට.....

තරු අරුන්දතී said...

මගේ ඇසින් ගලා ගියපු සිහිල් කඳුල නුඹ
මටත් හොරෙන් ගිලිහී ගිය සුසුම් පොදයි නුඹ
මගෙ නොවුනත් මගේ හිතේ අයිති කරුයි නුඹ
මටම අයිති මං ලඟ නැති එකම කවිය නුඹ.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...