..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, August 15, 2011

෴ බලා(පොරොත්තුව) ෴


කඳුළු බින්ඳු එකතු කරල හැදුව මාල පළදවන්න
සුසුම සුසුම එකතු කරල වියූ සළුව පළදවන්න
බොහෝ දුරක් යැවූ සිතට සිසිල  සුවය එක් කරන්න
කවදා දෝ නුඹ එන්නේ මසිත ඔටුනු පළදවන්න

නොදැක හිටපු බව නොහැඟේ
සිහින පුරා සරපු නිසා
සුවඳ නුඹේ මතක ඇතේ
සිහිනෙන් මා සිඹීන නිසා


දැකපු සිහින හෙලි කරන්න
මා අන්සතු බව කියන්න
වරදින් මා මුදා ගන්න
එක පාරක් ඇවිත් යන්න


මඟ බලන
මම
෴ සොසී ෴

1 ප්‍රතිචාර:

ගල්මල්-Coral said...

හසරැල් මුවින් පලා ගිය දා
කඳුලැල් නදියේ නොගිල්වා
හිස් අහසේ පා නොකර
සිත පුරවන වත රඳවන
එකම බරුව බලාපොරොත්තුව

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...