..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, August 14, 2011

෴ කැළෑ හඳ (කෙටි ම කෙටි කතාවක් ) ෴

“ අර බලන්න “

පන්සල් ගොස් එමින් සිටි ඔහු ඈත පෙනෙන පුන් සඳ පෙන්වයි. වැහි වළාවකින් සඳ තරමක් වැසී තිබුනත්, දීප්තියෙහි අඩුවක් නම් නැත. ඕනෑවට එපාවට එසෙද බැලූ මා , යළිත් බිම බලාන පිය මනින්නට වූයෙමි.මාර්ග පහන් එළියෙන් ආලෝකමත් වූ මඟෙහි කෙළවරට අපි ආසන්නවී සිටියෙමු.


සඳ නොමැති දින වලට , රාත්‍රියේ , මේ මඟ යෑම ඉතාම දුෂ්කර වන්නේ වීදි ලාම්පු එළියක් නොමැති බැවිනි. වීදි ලාම්පු ලබා දෙන ලෙස අයදිමින් , ආයාචනා කරමින් ඉන් පසුව අණ කරමින් , බිය වද්දමින් ප්‍රාදේශිය සභාවට ලියූ ලිපි වලට ලද පිළිතුරක් නම් නැත.


වීදී පහන් නොමැති පාළු මාවතට පිවිසි පසු , සඳ එළිය  යට වූයේ ඔහුත් මාත් පමණි. අත වූ විදුලි පන්දම දැල්වීමට මා නොකැමති වූයේ , සඳ එළියට එයින් වන නිගරුවට නොකමැති වූ නිසා වෙනි.

අද හවස් යාමයේ ඔහුත් මාත් තදින් බහින් බස් වූයේ , පෝය දවසේ මගේ අම්මාව බැලීමට යාමට ඒමට ඔහු ට නොහැකි වු නිසාය. හෙට දිනට බාර දිය යුතු වැඩක් , නිම කිරීමට ඔහුගේ මුළු දහවල් කාලයම ගත විය. සියළු වැඩ අවසන් වු පසුව යි ඔහුට මා මතකයට ආවේ.

“ කෙල්ල , ලබන තිස් වෙනි ද මට නිවාඩු , අපි යමු එදාට අම්මව බලන්න “

මා ළඟට විත් නොයෙක් උසුළු විසිළු කර , මගේ අවධානය දිනාගත නොහැකි ව , අවසානයේ ඔහු පැවසීය.

“ කෙල්ලෙ , අපි පන්සල් යමු, අද පෝය දවසෙ , මෙහෙ ම තරහ වෙලා ඉන්න හොඳ නැහැ. , ඔය තරහ නිවෙන්නත් එක්ක පන්සල් යමු “

මගේ නොඉවසිලි ,කැළඹුන සිතට ද , යම් සැනසීමක් අවැසිව තිබුන හෙයින් පන්සල් ගමන ට මා සහභාගී වූ නුමුදු , ඔහු හා පැවැති සිත් නොහොඳකම නැති වුනේ නැත.අම්මා අද මුළු දවසම මා වෙනුවෙන් පේවී බලා සිටින්නට ඇත.

වීදි පහන් නොමැති මාවතේ දී සඳ එළියේ ඔහු මා තදින් සිප ගන්නවාත් , මා ඔහු ව වැරෙන් තල්ලු කරනවාත් මගේ මතකයට එන්නේ , විටින් විට ඇවිත් යන මතක තීරුවෙ වූ එකම තද බල මතකය ලෙස පමණි. .. . .

ජනෙල් කූරු අතරින් අදද පේන ඒ හඳට මම වෛර කරමි.ජනෙල් පඩිය උඩට නැඟගත් මම , හැකි වෙර යොදා හඳට කුණුහරුපයෙන් බැන්නෙමි.

“ මිසී මිසී , මෙ ලෙඩාට අමාරුයි ,“

තුන් හතර දෙනෙක් පැමිණ වදෙන් පොරෙන් මා ජනෙල් පඩියෙන් කුදලා ගන්නවාත්, තකහනියෙන් පැමිණිනු බොහොම කඩවසම් වෛද්‍යවරයා , සිහින් වේදනාවක් දෙමින් දකුණතට යමක් විදිනවාත් සමඟම , මගේ පෙම්බරා සමඟ යළිත් වතාවක් විදී පහන් නොමැති අඳුරු මාවතේ තනි වුනෙමි.....

ප්‍රාදේශිය සභාවෙන් තවමත් විදී පහන් සාදා නොතිබුන අතර , පුන් පෝ දවස වුවත් සඳද පායා නොතිබුනි. මගේ පෙම්බරා පමණක් එළිය දෙමින් මා අසළම . . .............

අහස පුරවන   පෝය දවසට
පායලා ඝන දුර කපා
මං බලා ඉමි නුඹෙ දිහා
දෙනෙත නිදි නැති රැය පුරා

අරුම දුටුවෙමි දිනක්
පුර පෝ දිනක
නැත නුඹ දිලිසෙනා

ගිනි ගතිමි සිත
නුඹ කොහෝ දෝ
දෙනෙත ඇත බිය එක් වෙලා

කොතෙක් තරු මල් යාය තිබුනත්
මගේ නමටම ලියවිලා
සඳ නොමැති ලොව
නැතේ සුවයක්
වරෙන් විහඟින් පායලා

අමාවක දී මගේ දිවියට
නුඹ කොහේ දෝ සැඟවිලා
පුර පෝය වී යළිත් කෙදිනක
නුඹ ඒවිදෝ සුවඳක් වෙලා



එක පුංචිම පුංචි නිමේෂයකින් , ජීවිත කිහිපයක් වෙනස් වෙන හැටි.

පුන් පෝය දවසෙ , හඳ දකින්න අකමැති
මම
෴ සොසී ෴


ප/ලි :- ඔහු හා ගමන් යනෙන සෑම විටක දීම මෙන්නම , එදින ද ඔහු, මා මහා මාර්ගය තීරුවෙන් එපිටට කර එක්කන් ගිය අතර, ඔහු සෑම විටම මෙන්නම මා ආරක්ෂා කරමින් මහා මාර්ගය දෙසට වන තීරුවේ ගමන් කළේය.

“ එක පාරටම කවුද පාරට පැන්නා , වාහනය පාලනය කරන්න තරම් වෙලාවක් තිබ්බෙ නැහැ “ රථයේ රියදුරු පවසා ඇත.

21 ප්‍රතිචාර:

සාගර පතුල said...

පළමු කොමෙන්ටුව :)

දිගම දිග කතාවක් කෙටිම කෙටියෙන් ලියල. මරු

සොඳුරු සිත said...

@ සාගර පතුල
මම සාගර පතුලට ගිහින් බැලුවා. ඒක එහෙම් පිටින්ම හිස්... සාගරය පුරවන්නෙ කව දද? (ලියන්න පටන් ගන්න ) අපි එන්නම් කියවන්න...

සනෝජ් තරංග said...

අනේ.......මට මේක තේරෙන්නේ නැහැ....එත් ඕක සුන්දරම කෙටිකටහ්වක් වෙන්න ඇති

සොඳුරු සිත said...

ටෙස්ටින් .........

සොඳුරු සිත said...

ටෙස්ටින්

charmi said...

හිස් අතින්මැ ආමි.
කියැවීමි.
මහ බරක් ද ගෙනැ...
යමි !

Erangi said...

පුන්චි කථාවක් උනත් හිත පිච්චිලා ගියා.... supiri

Stage Drama said...

ගොඩක් කල් කියෙව්වත් කමෙන්ටුවක් දාන්නේ අද...........
හරිම ලස්සනයි එක පාරට කියෙව්වට අදහස ආවේ නැතුවට ටිකක් හිමිහිට බලනකොට හරිම ලස්සනයි. දිග කතාවක් කෙටියෙන්ම කියල තියෙනවා........දිගටම කරගෙන යන්න මේ සොදුරු සිත ........

මධුරංග said...

පසලොස්වක සඳින් එළිය වැටුන ආදර කතාවක් !!!!
ලස්සනයි අක්කේ කතාව.
මාත් ගොඩක්ම ආසයි පෝයට හඳ එලිය වැටිලා තියෙන කොට පන්සල් යන්න. මුලු පලාතම පින්බර වෙනවා.



අර කිව්වත් වගේ සාගර පතුල හිස් නේ !!!!!

Gimhani said...

හපොයි සො.සී...

නිම්ශා said...

අයියෝ ඇත්තට උන එකක් වගේ පව් කියලා දැනෙනවා..

ප්‍රාදේශිය සභාව භංග වේවා...

පැණි දොඩම් - [නුවන් කුමාරනායක] said...

අනේ මන්ද.. මම මේ කතා බලල කතාවක් හිතාගන්නවා. හැබැයි හරිද නම් දන්නෙ නෑ. හි හී..

හිස් අහස said...

ගොඩ දවසකින් තමයි අක්කන්ඩිගේ බ්ලොග් එක පැත්තේ ආවේ . ඒක පුංචි කතවක් වුණත් ඒක මට දැනුනා

මටත් නිමමට හිතුනේ මේක ඇත්තට මෙව්ව දෙයක්ද කියලා .. මම බලපු එක ෆිල්ම් එකකත් මීට යාන්තම් සමාන දෙයක් තිබ්බා අර කෙල්ල කොල්ලව උස්සලා පූල් එකට දාලා රෙදි ගේන්න ගියාම කොල්ලා පූල් එක ඇතුලේ මියැදිලා ඉන්නේ අන්න ඒක මට මතක් වුණා ..

ලස්සන කතාව අක්කන්ඩි ..

nawammawatha said...

ඊයෙ පෝය නෙව..

හා පැටික්කි (MS) said...

අ‍නේ මංදා........................ කතාව නම් උපරිමයි......

Ravi said...

පුන්සඳෙන් ගණ අඳුර දුරුවූ,
ඇසළ මාසේ එක් සැඳෑවක,
ඔබෙ සුරත ගෙන පිය නැඟූයුරු,
මතක නොසිඳේ යළි කිසිම දින.

පාළු කුටියේ තනිවු නුඹ වෙත,
විවර වූ කව්ළුවෙන් පැමිණෙමි,
සුමුදු නළලත සෙමින් සිපගෙන,
සුසුම් රැල්ලක් සේ නික්ම යමි.

සෙවණැල්ල සේ ඔබේ අසළම,
හිඳිමි කිසිවෙකු නොදකිනා ලෙස,
ඔබේ සිත් විල පිපි නෙළුම මම,
පහන් කරනා සඳපහන මම,

Every one of us have a streak of insanity. When confronted with a drastic tragedy, mind goes into denial mode as the only remedy in order to stay sane; but the real tragedy is we interpret it as insanity.

Sujeewa Kokawala said...

ඕකනේ කියන්නේ යකෝ පොර කන කොට බල්ලෝ පුසෝ වගේ නැතිව වටපිට බලලා කර ගන්න එපයි.

harshana1985 said...

ලස්සනයි අක්කා... තනි ඇහැට ඇඬෙන්නෙ.......සත්තයි

සුදු හංසි said...

කෙටියෙන් ලියපු දිග කතාව හිතේ ගැඹුරු තැනකට වැදුනා වගේ අක්කේ...

ලොකු අයියා said...

ඔයාගෙ කතා ශෛලිය මරු...හිතට වදිනවා

ගලයා said...

අනේ මන්දා මම කියවලා ඉවරවෙලා අන්දුන් කුන්දුන් වුනා....හිතා ගන්න බෑ ඒ තරම් සුපිරි කතාව....ගැඹුරුයි....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...