..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, August 3, 2011

෴ මත විමසුමට මඟ - ඔබේ සිතත් මේ පස්දෙනා අතර ද ? ෴

අපි කවුරුත් යම් සිද්ධියක් දිහා බලද්දි ,  අපිටත් නොදැනීම අපිව හෙවත් මා තුල ඉන්න මම ඒ සිද්ධිදාමයේ ඉන්න පුද්ගලයෙක්ට හෝ කිහිපදෙනෙක්ට නොදැනීම ආරෝපණය වෙනව....ඊට පස්සෙ අපි තීන්දු තීරණ ගන්නේ ඒ තුල ඉන්න “මම“ ට සාපේක්ෂව හිතල. ඒත් මම පැත්තකින් තියල , ඒ සිද්ධිය දිහා ස්වාධීනව බලන්න අපි කී දෙනක්ට පුලුවන් ද?


මේ පුංචි ඇරයුම , ඒ වගේ කතාවක චරිත ටික පෙළ ගස්සවන්නයි.  මෙන්න මේ ලින්ක් එකේ තියන චරිත පහේ කතාවේ ඉන්න එක චරිතයක් තුල හරි තමන්ගේ හිත නතර වෙනව ද කියල බලල , ඒ චරිත පහ ගැන තීන්දුවක් දෙන්න කියලා ආරාධනා කරනවා.


මම මේ චරිත පහ අතරින් “ බීටල් “ කියන යහළුවාගේ චරිතය නරකම කෙනා විදිහට තෝරන්න හේතු වුන කාරණා ව තමයි , යහළුවෙක් විදිහට මට යමෙකුට කරන්න පුලුවන් උදවුවක් නොකර සිටීම නිසා මේ සිද්දිය සම්බන්ධයෙන් මගේ සිතේ ඇතිවන දැඩි කණගාටුව. ඒ කණගාටුව උපරිම නිසා මම බීටල් කියන චරිතය නරකම චරිතය කරනවා.

ලේසි නැහැ හැබැයි. මුළු කතාවම කියවන්නත් වෙයි. ඔබේ කාලය අගේ කරනවා. දිගට කියවන්න අකමැති කෙනෙක් නොගියට කමක් නැහැ..... ඒත් මං නම් කියන්නේ ගිහින් බලන්න , තීන්දුව ඔබට බාරයි.

මෙන්න පාර ......... චරිත පහක්

යාළු ෆිට් එකට උදවු කළා කියල හිතන්න එපා බීටල් . . . අවසානයේ දඬුවම දෙන්න වෙන්නෙ ඔයාටමයි.ඔයානේ කතාවේ ප්‍රධාන චරිතය.....
මම
෴සොසී ( සොඳුරු සිත ෴

3 comments:

  1. මාත් ඕක කියෙව්වා. බීටලයා තමයි වැරදි කාරයා.

    ReplyDelete
  2. යාළු ‍ෆිට් එකට දීලා තියෙන දඬුවම නම් මරු... මගේ පුංචි බ්ලොග් අඩවියට ටෝච් ගහලා පාර පෙන්නුවට තැන්කූ වේවා...

    ReplyDelete
  3. ගිහින් බලලාම එන්නම්. මම් බීට්ල් ගැන අහුවේ අදමයි. :)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...