..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 2, 2011

෴ සොසී තවමත් මඟ බලන් ෴


නිල්ල නිලට අතු සැලෙන වෙලාවේ
අත් අල්ලන් යන්නට හැන්දෑවේ
රාස්සිගේ රතු අවුව යටින්
කොළ වේලුන බුමුතුරුණ මතින්
නුඹ එන්නෙ නැහැ දැන්
කරුණු නොදන්නිය මං


කඳුළු බිඳක් නෙත තෙමන වෙලාවේ
පුරුදු සුවඳ සිත සිඹින වෙලාවේ
නොදැන පිපුන මල් වියන මතින්
වියලුණ සිත් විල් මඩල තෙමන්
නුඹ ආයෙත් එයි නම්
මං මෙතනම ඉන්නම්



I'll let  you go
I'll set you free
&
when you've seen what you need to see
when you find you , come back o me.

Take your time , I won't go anywhere
picture you with the wind in your hair
I'll keep your things right where you left them
I'll be here for you
( David Cook: Come Back to Me Lyrics )

මම
සොසී

13 ප්‍රතිචාර:

පිස්සු පුසා said...

ලස්සනයි

රත්ගමයා said...

ඒවි... :)
බලන් ඉම්මු...ආයේ පරන කරදරකාර ජීවිතයටම... :)

Podi Kumarihami said...

සොසී... තාම බලන් ඉන්නවනේ...:)

රාජ් said...

කියෙව්වා.හොදයි.එච්චරයි.

Gimhani said...

බලන් ඉන්න එප සො.සී. ඔයා යන්න . ගිහින් ඔයගේ වැඩක් බලාගන්න...
ගියපු අය ආයේ එන්නේ නෑ.. ආවත් වැඩක් නෑනේ දාලා ගියාට පස්සේ....

දුමී said...

සිසිරයේදී වෙන්වුනු විහඟුන්, නැවතත් මුන ගැහේවි වසන්තයේදී....!

මධුරංග said...

ලස්සන අදහසක් !!!!
මම් බැලුවා කවුද මේ සොසි කියලා.

ඉන්දික උපශාන්ත said...

සොසී...ම්ම්...ඒකෙ අර සොඳුරු සිත කියල කිව්වම එන ගතිය නැද්ද මන්ද!!!

Ravi said...

Soaring away with the wind in my wings,
Searching for what I am & who I am,
Knowing you would be there for me,
Waiting for me with never ending hope.

I would come back one day for sure,
With my heart longing for your love,
Don't go away dearest, but wait for me,
For the day when I would take you in my arms,
And.....................
Would never let you go again!

පොඩි මෑන් said...

මායියෝ සොසී... බලන් ඉදල වැඩක් නෑ... ඔයාම යන්න සොසී හොයාගෙන.. මම මේ අත්දැකීමෙන් කියන්නෙ .. ආයෙ හෝදන්න දෙයක් නෑ..

සිතුවිලි නිහඬයි said...

ඔහු නැවත එන බව දනිනන්ම් නුඹ බලා සිටියට කමක් නෑ
නොඑන බව දනී නම් නුඹ, මෙලෙස තනිව ඉඳ තව පලක් නෑ

Anonymous said...

වෙන අතක් බලාගන්න සොසි.

nawammawatha said...

පිස්සු සොසී....
ගිය උන්ගෙන් එන්නේ නැත
ආවත් උන් නොයා ඉන්නේද නැත
හීන දැක්කා හොඳටෝම ඇති.

මෙච්චර කල් බලාඉඳ
සොසීට හති නැති හැටි.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...