..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 14, 2011

෴ සින්ඩරෙල්ලා / Cinderella ෴


එකෝමත් එක දවසක
හරි අහඹු විදිහට
නුඹෙ සුරතෙ මැද්දට
පපුවෙ උණුසුම් රස්නෙට
මැදි වෙලා රැඟුවා
නුඹ හාදු පිදුවා
එකම එක බැල්මෙන්
හදවතම පිදුවා

කාලය ගෙවෙන අතරේ
ආලය ඔහේ ගැලුවා
වෙස් මුහුණ ගැලවෙන
වෙලාවත් ළඟ ආවා
සෙරෙප්පුව පඩියේ
නැතේ ඒ මගෙ හිතයි ඇතුලේ

මගේ හිත අරගෙන
හැකි සෑම තැනකම
නුඹ මාව සෙවුවා
මුණ ගැහෙන අය අතරේ
හදවතේ රාමුව (සෙරෙප්පුව)
ගලප ගලපා බැලූවා


හරි ආදරෙන් රැක්කා
වීදුරුයි හදවත
බිදෙන්නට දිය යුතු නැත
වටිනාම සේද පිලි මත
ආරක්ෂිතව තිබ්බා

මමත් නුඹ දැක්කා
නමුත් නොදැකපු ලෙසින් උන්නා
මා සොයන් එන තුරු
අනිත් හදවත රැක්කා
හරි ආදරෙන් මම
මඟ බලන් උන්නා


එහෙත් එක දවසක
ඉර හඳ පෑයු දවසක
තරු අතර ගැවසුන
හරිම ලස්සන සුරගන
අතක් අරගෙන නුඹ
යන්නෙ රජ කුමරකු ලෙස
ඇයට දී මගෙ හිත
නුඹ අරන් ඇගෙ අත
මහරජුන් විලසට
මගේ පාරෙන් අරන් යයි ඇය

හැමතැනම සෙවුවා
මගෙ වෙස් මුහුණ හංඟා
තිබු තැනින් ගත් ඒ
හෙර ඇය ද මන්දා

ඇගෙ අතින් අල්ලන්
මට ඔරව ඔරවන්
නුඹ යනෙන අන්දම්

මද සිනා දල්වන්
පුදුම නෙත් දෙක ඉන්දන්
මෙතන මා ඉන්නම්
මගේ නම ගම ඇයට දෙන්නම්

නුඹට පෙම් කරපු
තුරුල් වී හිඳ රඟපු

තවම නාඳුනන අයුරූ
මමයි එදවස
නුඹේ සොඳුරූ

මම
෴ සින්ඩරෙල්ලා ෴

P.S : - අච්චර හොඳට කකුළට ගැලපෙන වීදුරු සපත්තුවක් , සින්ඩරෙල්ලගේ කකුළින් ගැලවුනා කියල ඔයාල තවමත් හිතනව ද?


If Cinderella's glass slipper fits so perfectly, I wonder why it fell off along the way? I can't help but think that it was on purpose, to attract the prince's affections. No matter what I do, I'll still have the fate of a girl who just keeps getting hurt

13 comments:

  1. මම නම් හිතන්නෙ නැහැ වත් අක්කේ ..............ගලවලා දුවන්න ඇත්තෙ

    ReplyDelete
  2. අනිවාරයෙන් ගලවල තියල යන්න ඇති..

    ReplyDelete
  3. මටත් හිතෙන්නේ නෑ.
    ඒක නෙමේ අක්කා අර මන්තරකාරි නේ සින්ඩරෙල්ලට ඇදුම් ආයිත්තම් යාන වාහන මවලා දෙන්නේ. ඒ මන්තරකාරි කියනවනේ රෑ 12 වෙද්දි ඔක්කොම දේවල් නැතිවෙලා යනවා කියලා. එතකොට අනිත් හැමදේම නැතිවෙලා ගිහින් සෙරෙප්පුව විතරක් ඉතුරු වෙන්නේ කෝම ?

    ReplyDelete
  4. අන්න මධුරංග මල්ලි ඒකට කියන්නෙ අවස්ථාවාදී මායා කියලා ......

    ReplyDelete
  5. ලස්සනයි......නැට්ට පිටින් අලි මැරෙන එකේ , ඒකත් වෙන්න බැරි නෑනෙ අක්කා.......සෙරෙප්පුව නැතුව හරි සින්ඩරෙල්ල කෙනෙක් ලැබෙනවනම්...:D.

    ReplyDelete
  6. ඇත්තම කියනවානම් මං තාම සින්ඩරෙල්ලගෙ කතාව දන්නේ නෑ..... ඒත් පද පේළි ටික ලස්සනම ලස්සනයි.....

    ReplyDelete
  7. කවි ටික නම් සුපිරි...

    ReplyDelete
  8. ලස්සනයි....හැමදාම වගේ..

    මට මතක් උනේ මගේ සින්ඩරෙල්ලාව. ඇයත් තියලා ගියා, ඇගේ සිනහව, මමත් හොයාගෙන ගියා. ඉතිරි ටික අතීතයේ සුන්දර මතකයන්...

    හැම සින්ඩරෙල්ලාම කුමක් නමුත් තියලා යනවා, හැමදාම හැමෝටම සෙරෙප්පු තියලා යන්න බැහැනේ.

    ReplyDelete
  9. පොඩ්ඩිගේ සපත්තු ගැලවෙන හැටියට මට නම් හිතෙන්නේ සින්ඩරැල්ලාගේ සපත්තුව ගැලවෙන්ටම ඇති කියලා......:D

    ReplyDelete
  10. ඔහු සෙරෙප්පුව අරන්

    තැවී තැවී ඔබව සෙව්වා

    ඔබ ඒ ගැන දැනන්

    හොරැහින් බලා උන්නා

    ලැබුනත් විදුරු බඳුන්

    රැකිය යුතුයි පරිස්සමින්

    තද කලොත් කුඩුවෙයි

    ලිස්සුවොත් එයම වෙයි ...

    හොරකම් කරන්නට දී

    පරිස්සම් නොකලට

    නාඩන් ඉතින් දැන්

    නැතිවුණ සේරෙප්පුවකට

    ලොකු මිනිසුන් වෙලා අපි අද සින්ඩරෙල්ල ගේ සෙරෙප්පුව සැක කරනවා . පොඩි වුන් කාලේ ඕව එහෙම්ම විශ්වාස කළා . ලස්සන සුරංගනා ලෝකය ..එහෙම පිටින්ම විශ්වාස කල ළමා කාලෙට මන් තවම ආදරෙයි .

    ReplyDelete
  11. රස වින්ඳෙමි සතුටින්. බැලේ නර්තනයේ දැකි සින්ඩරෙල්ලා නිෂ්පාදන අනේක සංඛ්‍යාවක කිසිදාක මේ කතාව තිබුනෙ නැත්තේ මන්දැයි සිතුවෙමි!

    ReplyDelete
  12. ඇත්තටම ..ඒ හීන..මායාවල් පිරුනු..ලමා ලෝකයේ කතා මොන තරම් සුන්දර..ද..

    ReplyDelete
  13. මටත් හිතෙන්නෙ Bindi කියනව විදියට..ඒ කතා මොන තරම් ලස්සනද??

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...