..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, July 29, 2011

෴ නිල් අහස යට මම ෴ (සහෘද සිතුවිල්ලකට ඉඩක්)


මේ මගේ පෝස්ටුවකට (෴෴නිහඬයි෴ ) ලැබුන ලස්සන කමෙන්ටුවක් . . .
ලීවේ කවුද කියල කවිය කියවල ඉවර වෙලාම බලන්න කෝ.

නිසල මහ කන්ද මම.
කඳු නිම්නයෙන් ගලා බසිනා,
පුංචි දොළ පාර නුඹ.
මෙවන් මහ කන්දකින් දිය ලබන බව වත් නොදත්,
දොළ පාර නුඹ.
දුර ඈත ඉසව්වේ ගලා බසිනා,
ගඟ සොයා යන දොළ පාර නුඹ.
නුඹ ගඟ කරා යන බවත්,
කිසිම දින පෙරලා නොපැමිනෙන බවත්,
සක් සුදක් සේ දත් නමුදු,
මුනිවතම රකින නිති,
නුඹේ දඟකාර කෙලි කවටකම් බලාසිට,
නිහඬවම මඳ සිනා නඟනා,
මහ කන්ද මම,

අනන්ත වූ නිල් අහස මම.
තුඩග රැඳි ගීතයෙන් නිරතුරු අහස යට සරනා,
කුරවි කෙවිලිය නුඹ.
නුඹ සරනුයේ නිල් අහස යට වග පවා නොදත්.,
කෙවිලිය නුඹ.
කැදැලි තනනු වස් කොවුලකු සොයා,
පියා විදහා සරන කෙවිලිය නුඹ.
නුඹ හිමිවනුයේ කෙදිනක හෝ,
කොවුලකුටම බව සක් සුදක් සේ දත් නමුදු,
නුඹෙ මියුරු ගී රාව අසා සැනසෙන පමණ,
මුනිවතම රකිනා නිතින,
අනන්තවූ නිල් අහස මම,

සහෘදයා
නිදහස් සිතුවිලි වල සිතුවිලි අමුණන
රවී අයියා. . .

6 comments:

  1. රවී ලියන එවුවා ඉතින් ගින්දර වගේ තමා .. ලස්සනයි

    ReplyDelete
  2. රවි අයියාටත් මාරම සිතුවිලි තමයි පහල වෙන්නේ.
    මට රවි අයියව මතක් වෙන්නේ අර කතාවක අවසානය ලස්සන කරපු අයියා විදිහට.

    ReplyDelete
  3. ඇත්තටම අපූරු පද පෙළක් රවි අයියා...

    බෙදාහදා ගත්තට ස්තූතියි වත් අක්කෙ...

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි........

    ReplyDelete
  5. පිස්සු පූසා,හිස් අහස, මධුරංග, sansarasidu, නිල් අහස, -

    බොහොමත්ම ස්තූතියි ඔබ සැමට, ප්‍රතිචාර පිලිබඳව....ඔබේ අගය කිරීම මට මෙතෙකැයි කිව නොහැකි පමණට වටිනා බව නොකියාම නොහැකියි..............

    වත් නංගී -

    ඔබටද මගේ සදාදර ස්තූතිය, කමෙන්ටුව පෝස්ට් එකක් ලෙස පළකිරීමට තරමට ඒ අගය කිරීම පිළිබඳව......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...