..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, July 28, 2011

෴ නිහඬයි ෴



හමන මද නල නැවතිලා
ගහ කොළද ඇත අවනත වෙලා
විහඟ ගී අමතක වෙලා
සමණළ රෑන තටු නොම සලා

විල දිය ද රැළි නොම නඟයි
තණකොළ පවා නොසැලී හිදියි
කුහුඹු මැසි මදුරුවන් මේ සැම
වුන් තැනම ගොළු වී හිදියි

ගසින් වැටෙනා කොළ පවා
ඇත නැවතිලා නොවැටී දරා
ළපටි දරුවකු හඬන්නට ගොස්
ඇතේ තාමත් මුව අයා

නිහඬ නිසසල බව දරන්
මොහොතකට මුළු ලොව සිල් අරන්
නමුදු ගවු බොහො දුර ඉදන්
නුඹෙ නිහඬ  හඬ ඇසුමට සවන්

නිහඬ බව බිදිනට එපා
මේ මොහොත නැති කරනට එපා
නිහඬ බව තුල නිබඳ සැඟවුන
ආදරය පවසනු එපා


Silence is medication for sorrow





නුඹේ නිහඬ හඬ අසන
මම
෴ සොසි෴

9 comments:

  1. මේ හැමදේම සිද්ද වෙන්න එපා කියන්නේ. අක්කට ඒ තරමටම නිහඩ බව ඕන හන්දද.

    "මුනිවත හොදයි දෙවසින් දුක වැඩි හන්දා."
    මේම දෙයක් හන්දාවත්ද ඕම කියන්නේ ???

    ReplyDelete
  2. නුඹේ නිහඬ බව අසන මට, මමත් නිහඬ බව තුල නිබඳ සැඟවුන ආදරය අගයන නිසාම කමෙන්ටුවක් දාලා නිහඬතාවය කඩන්නත් හිත හදාගත්තෙ අමාරුවෙන්!!!

    ReplyDelete
  3. නිහඬ බව කියන්නේ නොකියවුන වචන හා හැඟීම්. දෙන්නෙක් අතර තියෙන නිහඬ බව තමයි ඒ දෙදෙනා අතර ඇති වෙන හොඳම දෙබස කියලත් කථාවක් තියෙනවනේ. කවිය ලස්සනයි අක්කා

    ReplyDelete
  4. පට්ට පාලුවෙන් මූඩ් ගහලා ඉන්න මට කනේ පාරක් ගැහුවා වාගේ මේ කවිය ..

    මගේ ඔෆිස් එකේ මුලු ස්ටාෆ් එකම අස් වුණා .. අද සිට මම තනියම .. කවිය දැක්කම හිත අඬන්න ගත්තා ..

    ReplyDelete
  5. කොච්චර ලස්සනද? 'නිහඬතාවයේ' තියන සුන්දරබව දැනගන්ට නිහඬ වෙන්ටම ඕන නේද?

    ReplyDelete
  6. ලස්සනයි .....සිතුවිලි නිහඬවේ නම්....

    ReplyDelete
  7. සොඳුරු නිර්මාණයක්

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. කොහෙදිදෝ කවුදෝ කාටදෝ කුරුටුගාපු නෝට් එකක තිබුණු දෙයක් මතක් වුණා…

    “If you don’t understand my silence… You don’t understand my words…”

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...