..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, July 10, 2011

෴ සර්පයා ෴

ඉර හරියටම හිස කෙළින්ම පායල තිබ්බ. අත් බෑගය ඇතුළෙ කුඩයක් තිබ්බත් , මැරෙන්න යන ඇයට මොන කුඩ ද කියල හිතුනා.

පුංචි එකී දිහා බලපු ඇගේ හිත හෝස් ගාලා ගියත්, ආපහු හැරෙන්න ඇගේ හිත ඉඩ දුන්නෙ නැහැ.අත් ඔරලෝසුව දිහා බලපු ඇය පය ඉක්මන් කළා.සමහර විට අද වේලාවට කෝච්චිය එන්න පුලුවන්.මැරෙන්නත් තියෙන අමාරුවක්.

ක්‍රම කිහිපයක්ම සොයා බලල , අවසානයේ දී ඇය තෝර ගත්තෙ කෝච්චිය.අවසාන මොහොතෙ දි ඇය එක තීරණයක් විතරක් වෙනස් කළා.

වට පිට බලපු ඇය , දරුවව රේල් පීලිවලට එහා වදුල අද්දර වාඩි කෙරෙවුවා.ඈතින් කෝච්චිය එන සද්දෙ ළඟ ළඟම ඇහුනා.ඇය කෝච්චිය ඉස්සරහට යන්නත් හදල, නෙතේ සටහන් වෙන අවසාන රූපය දරුපැටිය කර ගන්න හිතේ තියෙන කැමැත්තෙන් නිසා එතනම හාන්සි වු ඇය ගිනිගහන අවුවට රත්වෙලා තිබ්බ පීලිවලට බෙල්ල තිබ්බා.පීලී දිගේ බේරිලා එන කෝච්චියේ සද්දය ඇගේ හදවත පතුලටම දැනුනා.

තණ කොළ බිස්සෙ ඉන්න දරුවා , තණ කොළ මල් වලට වහපු සමණළයෙක් අල්ලන්න හදනව දැකපු ඇගේ මුවේ සිනාවක් රැඳුනා.කෝච්චියේ සද්දය රේල් පීලි දිගේ එනවා..... දරුවගේ ඉන්න පැත්තටත් මොකෙක් ද ඇදෙනවා ඇය අහම්ඹෙන් වගේ දැක්කා.සෙවල පාට මහත දිගැටි සර්පයෙක්....සර්පයා දරුව පැත්තට ඇදෙනවා, කෝච්චිය අම්ම ළඟට ඇදෙනවා.

කෝච්චිය , නයා, කෝච්චිය , නයා.

මට මැරෙන්නම ඕනි... නයා ..කෝච්චිය , නයා කෝච්චිය.

කෝච්චියේ හූ හඬ ඇයට ඇහුනේ හරියට ඇයට ඔච්චම් කරනව වගේ...

කෝච්චිය ඇගේ ඉදිරියේ .

“ අනේ මගෙ දරුවා “

කෝච්චිය , ඇය පහුකර ගෙන ගියා.කෝච්චියේ හිටිය මඟීන් පුදුම වුන ඇස් වලින් ඇය දිහා බැලුවා.

පිස්සියක්....

ඔවු , ඇය පිස්සියක් වගේ ලොකු කළු ගලක් උස්සන් සර්පයාට තලනවා.

පොඩි එකා අත්පොඩි තලනවා.

“ ගෑණියේ , උඹට පිස්සු ද? ගැරඬි මරල පවු පුරව ගන්න එපා “

කෝච්චි නිසා එහා පැත්තට යන්න බැරිව හිටපු මනුස්සයෙක් කියනවා ඇයට ඇහුනා. .....

19 comments:

  1. හොද වෙලාවට ඒ ගෑනු කෙනා නොමලේ මලා නම් අර අහිංසකයා තනි වෙනවනේ. ලස්සන අදහසක්. වත්තක්ක්ට මේවා කෝම මතක් වෙනවද මන්දා.

    ReplyDelete
  2. ලස්සන කතාවක්

    ReplyDelete
  3. pissu nathnam shok

    ReplyDelete
  4. කියන්න දෙයක් හිතාගන්න බෑ..! ලස්සනයි.. ම්ම්

    ReplyDelete
  5. ලස්සන කතාවක්.
    මව් සෙනෙහස.. තම දරුවා නිසා තීරනය වෙනස් උනා
    හිතාගන්න බෑ මොනා කියන්නද කියල

    ReplyDelete
  6. ශිරාවටම අක්කි ඔතන හිටියේ නයා ද? ගැරඩ් යද?..හික්ස්..
    අහසත් තරමට මවි
    සෙනහසක්තිබුණි නම්..
    කුමටද පුතු හැර මරු
    තුරුළට යන්න ගියේ ඇය..

    ReplyDelete
  7. හරි, ඒ සර්පය නම් තලල දැම්මයි කියමු. මොකද දැන් කල්පනාව?, දරුවත් තුරුළු කරගෙන ආයෙම රේල්පාර ලඟ වාඩිවෙලා ඊළඟ කෝච්චිය එනකල් ඉන්නවද? ........මැරෙන්ඩ ඕනම නම තව ඕන තරම් කෝච්චි එයි.......

    ReplyDelete
  8. ane mand mea wage chuti siddi mechchara lassanata liyanna , oyata kohoma mathak wenawad mand...

    ReplyDelete
  9. මමත් අහන්න උන්නේ රවි අයියාගේ කතාව..ඊලගට...

    ReplyDelete
  10. ලස්සනයි . දුකාගේ දිවි නසා ගැනීම ගැන පොස්ට් ඒක මතක් වුනා

    ReplyDelete
  11. kiyanna deyak hithenne nee akke

    ReplyDelete
  12. මේක දැක්කම මට එකපාරට මතක් වුනේ අද නිවුස් වලට පෙන්නුව අවුරැදු 20 අම්මල තුන් දෙනෙක් මැරුණු කතා ටික. අනේ මන්ද. :(

    ReplyDelete
  13. මැරෙන එකද අප්පා ගේම..! ජීවත් වෙන එකනේ ගේම .පොඩි වුණත් කතාව ලස්සනයි අක්කේ .


    මේ දවස් වල හැමෝම දිවි නසා ගැනීම ගැන ලින නිසා මටත් නිකං දිවි නසාගෙන බලන්න හිතයි ..!

    ReplyDelete
  14. ලංකාවේ සිංහල ප්‍රබන්ධ තුලින් සියදිවිනසා ගැනීමෙන් අවසන් වන ඒවා කියැවීම මම නවතලා ගොඩක් කල්. හොඳ වෙලාවට වත් නංගි ඒ අවසානයට නොගියෙ.

    මට කියවන්න බ්ලොග් නැතිවෙනවා මෙහෙම ගියොත්.

    සියදිවිනසා ගැනීම කවදාවත් විසඳුමක් විදියට ප්‍රබන්ධයකින් වත් දාන්න එපා යැයි ආයාචනයක් මගෙන්. නිතර ඇහෙන දේවල් වලට හුරු පුරුදු වීම මිනිස් ස්වභාවය.

    මිනිසා දිරි ගැන්විය යුත්තේ ජීවිත ගැටළු අතරින් ජීවිතය ජය ගැනීමටයි. ජීවත්වීමට මිස ජීවිතයෙන් පළා යාමට නොවේ.

    අනාගතය කෙසේ දිග හැරෙයි ද කියා කොහොමට වත් හිතා ගන්න බැරිව, කුසගින්නේ දවස ගෙවා රාත්‍රිය ගෙවන්නට යාළුවන්ගෙ ගෙවල් හොයා ගිය කාලයක, පවුලෙන් හෝ නෑඳෑයන්ගෙන් කිසිම උදව්වක් නැතිව, හිතට ගොඩාක් ළං වෙච්ච අයෙක් වෙන්වෙලා ගිය සමයක, දුක කියන එක හදවත කෑලි කෑලි වලට පුපුරවා හරින්නට තරම් සමත් කාලයක් පසුකරලා මං අද ඉන්න තැනට ආවේ තනිකරම හිතේ දහිරිය නිසාමයි. ඒ නිසා ජීවිතයෙන් පළා යන සත්‍ය සිද්ධි හා ප්‍රබන්ධ දකිද්දී මට දැනෙන්නෙ හරි වේදනාවක්. විසඳුම කිසිම විටෙක එය‍ නොවේ.

    තාවකාලික ප්‍රශ්න ජයගන්න පුළුවන්. සතුට සහ වාසනාව පිරුණු ලෝකයකට පිවිසෙන්න ඕනෑම කෙනෙකුට උත්සාහයක් ගන්නවා නම් බැරි කමක් නැහැ.

    ReplyDelete
  15. හොද උත්සාහයක්....වත්

    ReplyDelete
  16. පිස්සුනේ...මැරෙන්න ඕනනම් නිදහසේ මැරෙන්න බැරිය....කෝච්චි වලට පැනල මිනිස්සුන්ගෙ කාලෙ කන්නෙ....වෙලාවට නොපැන්නෙ....

    ReplyDelete
  17. මැරෙන්න ගියත් දරුවගෙ ජීවිතේ බේරන්න නැගිටලා ගිහින්. දරු සෙනෙහසට හොද උදාහරණයක්....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...