..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, July 6, 2011

෴ ආදරයේ භූතාත්මය ෴

සඳ තරු මල් ගැන කවි ලීවා ඇති 
කණාමැදිරි එළි පානෙන්

ලොව ලස්සන නැහැ සිතනා තරමට 
නුඹ අඳ වෙයි ඒ එළියෙන්

ලොව නැති දේ ගැන ,මේ තරමට
මම සිතුවේ ඇයි දුක සෝකෙන්

නැති දේ නැති ලෙස දැක ගන්නට 
සිත , මුදවා ගමි මේ මෝහෙන්
“Truth may sometimes hurt but delusion harms.”

බෝතලයේ භූතයා , මුහුදට දැමූ
මම
෴ සොඳුරු සිත ෴

12 comments:

  1. සමහට විට ඒ දේ තියෙන්න පුළුවන් හොයාගන්න අමාරුද දන්නේ නෑ...

    ReplyDelete
  2. හොයා ගන්න දුෂ්කර වූවක් හොයා ගත්තාම තමයි වත් නංගියේ සතුට ඉහවහා යන්නෙ. ලස්සන ලෝකයක් තියනවා මේ කුරිරු ලෝකේ හැංගිලා. හඹා යන්න, අත් නොහරින්න, හොයන්නාට ම සම්බ වේ.

    ReplyDelete
  3. යථාවබෝධය ලබා ගන්න..වත්.
    ඒත් කිසිවක් ගැන කල කිරෙන්න එපා.

    ඒවායේ ස්වභාවය ගැන විතරක් දැන ගන්න.
    එතකොට හිත හදා ගන්න ලේසියි.

    ReplyDelete
  4. අම්මෝ ආදරයට භූතාත්මත් ඉන්නවද ? ගොඩක් ලස්සන කවි සංකල්පනාවක් අක්කේ.

    ReplyDelete
  5. අක්කණ්ඩි සුපිරිම ගනයේ සපත්තුවක් රස විද ඇති බවක් මට පෙනේ.. අනේමන්ද...

    ReplyDelete
  6. අවබෝධය කාලයේ ශ්‍රිතයකැයි මට සිතේ. විධර්ශනාවට පිං නැති අපට, අවබෝධය කාලයාගේ ඇවෑමෙන් බොහෝවිට ලැබේ. ජයෙන් ජයම පතමි

    ReplyDelete
  7. කාලය ඉගිලිලා යනවා ඊයක වේගෙන්...
    සොයුරිය නොතැවෙන්න . නැහැවෙමු හෙට හිරු එලියෙන්...

    ReplyDelete
  8. ආදරයට භුතාත්මත් ඉන්නවද?? කොහොම උනත් හරිම ලස්සනයි කවිය...

    ReplyDelete
  9. දුක ඇති මුත් විටෙක සතුටක් ලැබෙනු ඇතී

    වින්දොත් හොඳයි දුක සැප දෙක සමව සිතී

    ReplyDelete
  10. බය හිතෙන කවියක් .!

    අපේ පැත්තේ ගුරුන්වාන්සේ කෙනෙක් යකෙක් බැඳගෙන වැඩ පල කරගත්තාලු ..!

    බූතයන්ව බඳින්නත් පුලුවන් ඇති

    ReplyDelete
  11. සදාකලික නොවූ ලොකේ .... කුමක් සොයම්.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...