..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, July 5, 2011

෴ නොපවතින ආදරය ෴


කේන්ද්‍රය සිතක්
ගැහැණු සිත ඒ වටා 
කරයි පැදකුණු නිතිපතා
බැඳෙයි ගත සිත නිතින්
නිවෙයි සිසිලස ලද ලෙසින්

නොපතින යමක්
සිතින් මැන බලන්
සිටීය ද දිනක්
දැන ගනී ඇය
වෙයි කියා මිරිඟුවක්
කේනද්‍රය බිඳුනු දින
ගුරුත්වෙන් මිඳුන දින
ඇය යන්නෙ නොදන්නා
මාවත් දිගේ

ආදරය කියා
දෙයක් නැති බවත්
පිරිමි සිත ඉගිලෙනා
කුරුල්ලෙකු බවත්

අයෙත් නොම බැඳෙම්
නොපවතින දෙයක්
ලොවම රවටනා
තරම දැන දැනන්
දැන ගත්ත දින වුනා
හිතේ පිපිරුමක්


Does love exist? Can you prove it?




 ආදරය කියල දෙයක් ලොකේ නැහැ .. . . . . . ඒක මායාවක් .....

පලි - ඇත්ත හඳුනා ගන්න ගොඩක් කල් යනවා. ආදරය කියල දෙයක් ගැහැණු අයගේ සිතේ මවල ඇති කරල තියෙන්නෙ ඇයි ?


වෙනස් වුන
මම
෴ සොඳුරු සිත ෴

18 ප්‍රතිචාර:

මධුරංග said...

" ආදරය කියල දෙයක් ලොකේ නැහැ .. . . . . . ඒක මායාවක් ....."

මොකෝ වත් අක්කා මෙහෙම කියන්නේ ?

අoජලී. said...

මම එකඟයි..ආදරය කියල දෙයක් නැහැ

ChammA said...

අක්කට මේ මොකද උනේ ?? :O

ප්‍රාර්ථනා said...

අනේ මන්දා.. ඊයේ වෙනකන් එහෙම හිතන් හිටියට දැන් මගේ ඒ අදහස වෙනස් වෙලා වත් අක්කේ.. ඇත්තටම ඒක මායාවක්ද?

Bindi said...

අනේ මන්ද ලස්සන ආදර කතාවක් දැම්මම ඒ පැත්තට ලකුණු දෙනවා . මේ වගේ දෙයක් දැක්කම ආදර වගුවෙන් ලකුණක් අඩු වෙනවා . අද්දරය කියන්නේ ගනුදෙනුවක් ලුනේ. එයින් බැහැර වෙච්ච අවස්ථාත් නැත්තේ නැහැ . මගේ ජිවිතේ ගත්තමත් මන් දුන්නට වඩා මට ලැබුන.

වත් ලියන කෝකත් ලස්සනයි

පූසා said...

මායවක්මයි ආදරේ...............

Dinesh said...

මං දැක්කා ඒ ආදරය
මියැදුන ඇගේ දෙනෙත් ලග
මිරිගුවක් නොවෙයි එය
කියේවුවා මම ඒ දෙනෙත් අද්දර..

සාතන් said...

අනිවාර්යෙන්ම... ආදරේ කියල දෙයක් නෑ... ගනුදෙනු විතරයි ‍තියෙන්නෙ...

හංසි said...

ආදරය කියලා දෙයක් ඇති. ඒත් ඒක හැඟීමක්. කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නෙ නෑ. සමහර අය ආදරය නිසා ජීවිත හානි කරගන්නෙත් තවත් අය ගොඩක් කල් යාලුවෙලා හිටපු අය අමතක කරලා වෙනත් අය ගැන හිතන්නෙත් එකම මිනිස්සු වෙලත් නේ. ඒ නිසා ආදරය කියන්නෙ මොකක්ද කියලා මට නම් තේරුම් ගන්න බෑ.

uncleoba said...

අහල තියෙන කියමනක්, වෙලාවකට හිතෙනවා ඇත්ත වෙන්නැති කියලත්, පිරිමියා ආදරය කරන්නෙ ලිංගික සුව විඳීමටලු, ස්ත්‍රිය ලිංගික සුව විඳීමට පිරිමියට ඉඩ සලසන්නෙ ආදරය ලබා ගනීමටලු. කිව්ව පඬිතුමා කව්ද කියල නං මතකෙට එන්නෙම නැහැ. වැඩේ ඇත්ත නං වෙළඳාමක් වගේ නේද ආදරයත්?

ADK කොලුවා said...

ආදරය කියල දෙයක් නෑ.. තියෙන්නේ විරුද්ද/සම ලිංගිකයන් පිලිබදව එකිනෙකාගේ හෝමෝන ක්‍රියාකාරිත්වයක් කියලයි මටනම් හිතෙන්නේ... අනේ මන්ද... මමනම් ආදරේ විස්වාස කරන කෙනෙක් නෙමේ...

හිම හංසි said...

සoක දිනෙත්ගෙ සිoදුවකුත් තියෙනවනෙ මායවක්මයි ආදරේ.. කියලා.
ආදරය කියන්නෙ හෑගීමක්.මම කියන්නෙ ආදරේ තියෙන්නෙ අපේ හිත් වල.ආදරේ විදින්නෙ ආදරේ දෑනෙන්නෙ අපේ හිතටනෙ. ඉතින් කොහොමද කියන්නෙ ආදරය කියල දෙයක් නෑ කියලා.

Gimhani said...

ආදරය කියල දෙයක් නෑ කියල හිතෙන්නේ ගොඩාක් වෙලාවට
අපි ආදරය නිසා කලකිරුනාම.... එතකම් ඒක තේරෙන්නෙ නෑ.

- නිල් අහස - said...

ආදරය කියලා දෙයක් තියෙනවා.
හැබැයි..සදාකාලික ආදරයක් නම් හොයන්න බෑ.

අඩු වෙමින්..විටෙක වැඩි වෙමින් ..තවත් විටෙක..සම්පුර්ණයෙන් ම නැති වෙමින්..ආදරය මේ ලොව පවතින පුරාම, හිත් වල උපදින..සිතුවිල්ලක්..ලෙස පවතීවි.

Ravi said...

දෙරණ කම්පිත කරන,
අනෝරා ගිගුම් මැද,
වසාගෙන සියොළඟම,
හිඳී ඈ හුදකලාවේ,

යන්තමින් විවර වූ,
කවුලු දොර පියන්පත්,
තුලින් දිලිසෙන තරුව,
එකම එක පැතුම වී,

දිනෙක මහ වැසි මැදම,
කවුලු දොර විවර වී,
නොමැත තරුවක් එතැන,
කණාමැදිරියකු මිස,

ළසෝගින්නෙන් තැවී,
වැළපුනේ ඇගේ හද,
දරාගත නොහැකිමය,
මේ රුදුරු දුක් ගින්න,

ඔජායෙ.... said...

??????????????????????????????????????????????????????????????????????????????????????????????

Malya Cruise said...

හදවතේ සංවේදීම තැනින්
මුලු සර්වාංගයම හිරිවට්ටා
දහසක් හැඟුමින් කම්මුල් පුරවා
ඇස් දෙක දීප්තිමත්ව බැබලෙන්නට වු කල
ආදරය දැනෙන බව හැඟුනි

මුලිකව අපුරු ආකර්ශනයකි
ඇසිපිය අතර මැවෙමින් පෙනුනකි
මත කිසිවකට අවනත නැති
අරමුනු වෙනුවෙන්ම වෙමින් ගැති
ගුප්ත වූ සිත් කවා කිති
පුබුදු කරවීය නේක පැති

එය ඇලෙන සුලු විය
පියාපත් සහිතයි
නෙතින් නෙත සිතින් සිත
නිදහසේ සැරිසරයි

එකකු දිගු නැවතුමක් රිසි වේ
තවෙකු ගිමන් හලකට ගොඩ වේ
අඩු වැඩි වශයෙන් නේක අයුරින් බෙදවේ

සරු වෙලඳ ලකුනකි
තොග ගනන් විකිනිය හැකි
අනුකාරක යෙදවුමකි
සෞන්දර්යත්වය නොමැකි

පුදුමකාර සුවයකි සහනෙකි
විටක මහ හිසරදයකි
ජීවන පරිකල්පනයකි
සියලු වැර වෙර අවසන
සුන්දරම මතකයක් පමනකි

(උපුටා ගත්තකි- L.B.De Silva)

Anonymous said...

Nehada Nesala
Setuveli Thulin....
Soyami Mama
Mage Geevethaya....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...