..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, July 24, 2011

෴ පිළිකුළ 3 ෴

පිළිකුල පළමු කොටසට මෙතනින්
පිළිකුළ 2ට මෙතනින්

නැන්දාගේ තරහ පිරි මුහුණ දුටු මා උන් තැනම ගල් ගැසිනි. මාමා ද මා පසුපසින්ම පැමිණ තිබුන බව මට වැටහුනේ උණුසුම් අතකින් මා හිස පිරි මදිනු දැනුන විටයි.මා හිස ඔසවා ඔහු දෙස බැලුවිට දුටුවේ පිට වීමට ඔන්න මෙන්න තිබූ සිනහව ආයාසයෙන් තද කරන් සිටින මාමාගේ රුවයි.

එයාට නම් හිනා , දැන් මං එපෑය මේවට උත්තර බඳින්න. මා දස අතේ පිළිතුරක් කල්පනා කළ ද සුදුසු යමක් ගලපා ගත නොහැකි විය. ඔන්න ඔහේ ඇත්තම කියනවා. අවසානයේ මා සිත සදා ගන්නවාත් සමඟම ඇසුනු නැන්දාගේ හඬින් මා නැවත කරළියට පිවිසෙයමි.

“ මොනා ද ළමයෝ මේ කරන වැඩ. මම ඔය ළමයට රෙදි කෑලි දීල තියෙනව නේද සෙල්ලම් කරන්න ගෝනියක්ම“

ඇය ඇඳුම් මසා ඉතිරිවන රෙදි කැබැලි එකතු කර සාදා ඇති පුංචි පොහොර ගෝනියට අත දික්කරමින් පැවසුවාය.

“ ඒත් නැන්දා , එයාට කොහොම ද පරණ රෙදි කෑලි වලින් ඇඳුම් මහල දෙන්නෙ. අනික ඔය රෙද්ද හරිම ලස්සන නිසා මං ඒකෙන් කෑල්ලක් කපා ගත්තෙ.ඔක්කම ගත්තෙ නැහැනේ. ඕකට ඉතින් ඔය හැටි කෑගන්න ඕනි යෑ “

“ එයා . . . කවුද එයා ? “

නැන්දාත් මාමාත් එකවරම මගෙන් විමසුවෝය.

“ මගෙ ලී බෝණික්කා “

 “ මොකක් කීව ළමයෝ “


“ ඔවු , අර වසිලිස්සට හිටිය වගේ ලී බෝණික්කෙක් , මම කල්පට කියල හදා ගත්තා. එයාට ගවුමක් මහන්නයි මම ඕක කැපුවේ “

“ වසිලිස්සා , ඒ කවුද ඒ, එහා ගෙදර ගෑණු ළමයා ද? “

“ ඔය ඉතින් නැන්ද දන්න තරම තමයි “ පවසමින් මා මාමා දෙස බැලූවෙමි.

“ හරි හරි මොනා වුනත් අයිනකින් කෑල්ලක් කපා ගන්න තිබ්බ නේද ? කිසිවැඩකට ගන්න බැරි විදිහට රෙද්ද මැදින්ම කපල දාලා “

“ හරි මැණිකේ , මං හෙට අලුත් රෙදි කෑල්ලක් ගෙනත් දෙන්නම් කෝ “

“ ඔවු ඉතින් , ඔයැයි මහ ඒජන්තනෙව“

වෙන්නට ගිය මහා කාලගෝට්ටියක් එතකින් නිමා වුවාද , රාත්‍රී ජාමයේ නැන්දා , මාමාගෙන් වසිලිස්සා ගැන විමසනු මට ඇසුනි. එය ඇසී මට සිතුනේ කාමරයේ බිම පුරා පෙරළි පෙරළි සිනා සීමටයි.

“ ආහ් මෙයා... කවුද වසිලිසා කියන්නේ , පොඩ්ඩිගේ යාළුවෙක් ද? “

“ හෙහ් හෙහ් , පොඩ්ඩි කීවා වගේ , ඔයා දන්න තරම තමයි. වසිලිස්සා කියන්නේ , මං පොඩ්ඩිට ගෙනත් දුන්න කතා පොතක ඉන්න චරිතයක් . ඒ කතාවේ හැටියට වසිලිස්සාට ඉන්නව කතා කරන ලී බෝණික්කෙක් “

“ අනේ මන් දන්නෙ නැහැ ඔයැයිට නම් විකාර. පොත් කියවල කියවල ඔහෙගෙ ඔළුව විකාරකර ගත්ත මදිවට අර පොඩි එකීගෙත් ඔළුව විකාර කරල තමයි ඔහෙ නවතින්නේ .ඔන්න මං නොකීවයි කියන්න එපා “

“ අමුතුවෙන් විකාර කරන්න දෙයක් නැහැ මැණිකෙ.ඒකිගෙ ඔළුව දැනටමත් විකාර වෙලා . . .හෙහ් හෙහ් . . .මැණිකේ කෝ මුණ බලන්න මයෙ මැණිකෙගෙ පොඩ්ඩක් “
ඉන් පසු මුළු නිවසම අන්ධාරය සහ නිස්කලංකබව වැළද ගත්තේ ය.

නැන්දා , මාමාත් එක්ක අමනාප වී වාගේය. හෙට ඉඩ ලැබුන හොත් නැන්දාට ඇසෙන්නට “ ලස්සන වසිලිස්සා “ කියවමියි මම සිතා ගත්තෙමි. ඒවා මගෙන් විය යුතු යුතුකම් නොවේදැයි මට හැඟුනි. කල්ප සාදා දුන් ලී බෝණික්කාට හාදුවක් දුන් මම , ඇය ව ද තුරුල් කරන් නිදා ගත්තේ , අද රාත්‍රියේ දීවත් ලී බෝණික්කිය මා සමඟ කතා කරනු ඇතැයි යන විශ්වාසය සිතෙහි දරා ගෙනය. එදින රාත්‍රිය පුරාම වසිලිස්සා සහ බාබායාගා යකිනය සමඟ මම ඔට්ටු ඇල්ලුවෙමි. ලී බෝණික්කිය ද සිහින පුරා මා සමඟ කතා කළ ද , හිමිදිරිය උදාවත්ම නිහඬ වත රකින්නේ ඇයි දැයි මම නොදනිමි. සමහර විට මා “වසිලිස්සා “ තරම් ලස්සන කෙල්ලක නොවන නිසා වන්නට ඇතැයි සිතා මම සිත සනසා ගන්නට වෑයම් කළෙමි.



ලී බෝණික්කාට තුරුළුව සිහින දකින
මම
෴ සොඳුරු සිත ෴

10 comments:

  1. එලස් නියම කතාවක් :)

    ReplyDelete
  2. Hi,
    This brings back fond memories of Russian fairy tales,which I've read long time ago.Nice story and thank you for rekindling those good times. :-)

    ReplyDelete
  3. ලස්සනයි වත්...පොඩ්ඩි පව්නේ...:)

    ReplyDelete
  4. එක හුස්මට කොටස් තුනම කියෙවුව...ලස්සන කතාව

    ReplyDelete
  5. /අද රාත්‍රියේ දීවත් ලී බෝණික්කිය මා සමඟ කතා කරනු ඇතැයි යන විශ්වාසය සිතෙහි දරා ගෙනය/ කතාවේ අහිංසකම කොටස...

    පුංචි සිතක ඇතිවන බය, අහිංසක පැතුම් වගේම සිත පිරිමැද සැනසීම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. හරිම තාත්විකයි.

    (දැන් ඉස්කෝලේ නිවාඩු කාළය, ගේ පුරා බෝනික්කෝ සෙල්ලම් බඩු පිරිලා. ගෙයින් එළියට යන්න බැහැ, පුංචි එවුන් වෙන මොනවා කරන්නද?

    උශ්ණත්වමානයේ රසදිය කඳ රෑ අහසේ තරු අල්ලන්න උඩට යන්න පටන් ගන්නේ උදේ පාන්දර පහටත් කලින්)

    ReplyDelete
  6. එල කථාව, අයෙත් ලස්සන වසිලිස්ස කියවන්න හිතුන.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කතා තුනම කියෙව්වා ඔන්න... ඇයි මේකට පිලිකුළ කියලා නම දාල තියෙන්නෙ?

    ReplyDelete
  9. කතාව නම් සුපිරි !!!!

    ReplyDelete
  10. කියවගෙන කියවගෙන ගියා කොටස් 3ම...නියම කතාව ඉතුරු ටික කියවනකන් ඉවසිල්ලක් නෑ...ඔක්කොම කියවලාම කොමෙන්‍ටුවක් දානවා....සුබ පැතුම්...ගජමන් නෝනාගෙ පරම්පරාවේ ඔයාට....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...